ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිවේ. එහි නව මිල වාර්තා වන්නේ රුපියල් 157ක් ලෙසය.
එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා ඇති. එහි නව මිල රුපියල් 184කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 7කින් ඉහළ ගොස් ඇත. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111කි. රුපියල් 12කින් වැඩි වූ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 144කි.
ඒ සමගම භූමිතෙල් මිල ද ලීටරයක් රුපියල් 7කින් ඉහළ ගොස් ඇත. භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 77කි.
මේ මිල වැඩිකිරිම් සමගම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා ඇත.