තුෂාරී කළුබෝවිල –
වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන පද්ධතියක් වර්ධනය වී ඇති බවත්, ක්‍රමයෙන් එය වර්ධනය වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශ බෙහෙවින් රළුවන බැවින් නාවික හා ධීවර කටයුතු අවදානම් බවට අනතුරු ඇඟවේ.
ඒ අනුව දිවයිනේ බටහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති වන අතර උතුර, උතුරු මැද, වයඹ, ඌව, නැගෙනහිර පළාත්වල ද වැසි ඇති වේ.
මේ අතර වැසි අවදානම හේතු කොටගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නැවතත් දිස්ත්‍රික්ක තුනකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය ද කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, වරකාපොළ, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, ගලිගමුව, කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන, රුවන්වැල්ල, යටියන්තොට ද රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, කලවාන, කිරිඇල්ල, අයගම ද නායයාම් අවදානම් කලාප වේ