බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුර්කිය ගුවන් මෙහෙයුම් හිටිවනම අත්හිටුවයි… ශ්‍රී ලාංකික සිසු පිරිසක් ඇඳ වත පිටින් දින ගණනක් ස්ථාන්බූල් ගුවන් තොටුපලේ…

by editor
ජූලි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටි හැටියේම  ශ්‍රී ලංකාව සමග තුර්කිය සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් දින ගණනක් තිස්සේ  තුර්කියේ ස්ථාන්බූල් ගුවන්තොටුපලෙහි අසරණ වී සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් පිරිසක් සම්බන්ධව ලංකාසරට වාර්තා වේ. 

පසුගිය 03 වැනිදා රත්‍රියේ දී   තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන  ඒ.- 330 – 300  එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන  .ටී.කේ.- 6050  ගුවන් යානය    ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකලාපය  (Bad Ground Handling )  නිසා අනතුරට ලක් වීමත්,    ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සඳහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත් නිසා සිය ගුවන් මෙහෙයුම්  පසුගිය 04 වැනිදා සිට  තාවකාලිකව අත්හිටුවීමට තුර්කි ගුවන් සේවය කටයුතු කළේය.

පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ මෙම ගුවන් මෙහෙයුම් අත්හිටුවීම හේතුවෙන් තුර්කිය හරහා කොළඹට පැමිණීමට සැලසුම් කර ගුවන් ටිකට් පත් වෙන් කරගත්  බෙලරූස්හි අධ්‍යාපනය ලබමින් සිටින  සිසුන් 69 දෙනෙක්  මේ වනවට තුර්කියේ ස්ථාන්බුල් ගුවන්තොටුපලේ අතරමං වී සිටිති.

මින් සිසුන් 19 දෙනෙක් දින 03ක් තිස්සේ ඇඳිවත පිටින් ගුවන් තොටුපලේ ගත කරමින් සිටින බව වාර්තා වේ. මුලින්ම පැමිණි මෙම සිසුන් 19 දෙනා  බෙලරූස්වල සිට ස්ථාන්බූල් ගුවන් තොටුපලට පැමිණ ඇත්තේ පසුගිය  04 වැනිදාය.   ඒ ඊයේ අලුයම 03ට  මාලේ හරහා කොළඹ බලා පැමිණෙන ටී.කේ.730 ගුවන් යානයෙන් ලංකාවට පැමිණීමට ය. එහෙත් ගුවන් ටිකට් පත් ලබාදීමෙන් අනතුරුව ගුවන් ගත වීමට විනාඩි 15ක් තිබිය දී  ගුවන් යානය කොළඹට පැමිණීම අවලංගු කර තිබේ.

ඔවුන්ගේ සියලුම බඩු ගුවන් යානයේය. මේ වනවිට එම  සිසු පිරිසට හෝටල් හෝ නවාතැන් පහසුකම් සලසා දී නැති බවත්, ආහාර සැපයීම පමණක් සිදුකරන බවත් එම සිසු කණ්ඩායමේ තරුණ වෛද්‍ය සිසුවෙක් ලංකාසරට පැවසුවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ගුවන්තොටුපල බලධාරින් විසඳුමක් ලබා දෙන බව කියා ඇති නමුත් 03 වැනිදා බෙලරූස්වලින් පිටත් වූ තම කණ්ඩායම ඇඳිවත පිටින් දැනට දින 04ක් මහ මග බව ඔවුහු කියති.

මේ වනවිට ඔවුන් සමග තවත් සිසුන් 50ක් එක් වී සිටින බවත්, නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් 69ක් විසඳුමක් අපේක්ෂාවෙන් ස්ථාන්බූල් ගුවන්තොටුපලේ ගත කරන බවත් එම සිසුහු පවසති.

ඔවුන්ට ගුවන් යානයක් ඇත්තේ 09 වැනිදා බවත්, මාලේ හරහා කොළඹට එමිරේට් සේවයේ ගුවන් යානයකින් පිටත් කර හරින බවත් සිසුන්ට දැනුම් දී ඇත. කණ්ඩායමේ වැඩිමනත් පිරිස ගැහැණු ළමයින් බවත්,  ඒ වනතුරු ඇඳිවත පිටින් ගුවන්තොටුපලේ ඇතුළුවීමේ පර්යන්තයේ ගත කිරීමට සිදුවීම ඉතාම කටුක අත්දැකීමක් බව මේ පිලිබඳ අදහස් දක්වමින් එක් සිසුවෙක් ලංකාසරට   පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංවිම පද්ධති පාලන ලොක්කන් දෙදෙනාම අනිවාර්ය නිවාඩු යවයි!

Next Post

අගමැති පන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න  විපක්ෂය රැස්වේ… ජාතික ජන බලවේගය විපක්ෂ රැස්වීම මග හරී…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.