බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුන්දෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කළ නව වසරේ පළමු පාතාල වෙඩි මුරය නවගමුවෙන් පත්තු වූ හැටි…

by editor
ජනවාරි 2, 2026
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

2026 නව වසර උදාවත් සමඟ වාර්තා වූ ප්‍රථම වෙඩි තැබීම ඊයේ (01)  රාත්‍රියේ කඩුවෙල, නවගමුව ප්‍රදේශයෙන් වාර්තා විය.   මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක ජීවත් වෙමින් සිටි තරුණයින්  තිදෙනෙකු නව වසර උදාව සමරමින් මත්පැන් සාදයක් පවත්වමින් සිට ඇත. ඊයේ (ජනවාරි 01) රාත්‍රී 9.30 ත් 10.00 ත් අතර කාලයේදී යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් මෙම නිවසට කඩා වැදී පිස්තෝල අවිවලින් මෙම තිදෙනා ඉලක්ක කරගෙන වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතරින් 20 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. අනෙක් පුද්ගලයන් දෙදෙනා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහල වෙත මාරු කර යවා තිබේ. තුවාල ලැබූවන් අම්බලන්ගොඩ සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එක් තුවාලකරුවෙකුගේ සිරුරේ වෙඩි උණ්ඩ 4ක් රැඳී තිබෙන අතර  අනෙක් පුද්ගලයාගේ සිරුරේ එක් වෙඩි උණ්ඩයක් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 15ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයින් තිදෙනා    මීට මාස එකහමාරකට පමණ පෙර මෙම නිවස කුලියට ගෙන පදිංචියට පැමිණ ඇති බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම වෙඩි තැබීමට හේතුව ලෙස පොලිසිය සැක කරන්නේ මීට මාස එකහමාරකට පෙර “වනාතේ චතූ” නැමැත්තාගේ හිතවතියකට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියකට පළිගැනීමක් වශයෙනි. එම ප්‍රහාරය එල්ල කළේ යැයි සැක කෙරෙන පුද්ගලයන් ඉලක්ක කර වනාතේ චතූගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට  විමර්ශන අංශ සැක කරයි.

දැනට නවගමුව පොලිසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන අංශය එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපා ගන්නා හැටි නාමල් කියයි!

Next Post

ඉතිහාසයේ මතකයක් වන්නට යන විදුලිබල මණ්ඩලය…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.