බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඉතිහාසයේ මතකයක් වන්නට යන විදුලිබල මණ්ඩලය…

by editor
ජනවාරි 2, 2026
in සමාජ
Ceylon Electricity Board Abolished and Restructuring Process
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය ස්වාධීන සමාගම් 06ක් ලෙස ප්‍රතිව්‍යුහකරණය කිරීමේ අවසන් අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත පෙබරවාරි 01 දිනට පෙර මෙම සංක්‍රාන්ති සමය අවසන් කිරීමට නියමිතය.

විදුලි බල මණ්ඩලය යනු මහා බලාපොරොත්තු සහිතව නිර්මාණය වුන ජාතියේ  ප්‍රගමනය තීන්දු කරවනු ලැබූ ආයතනය ය. ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඉතිහාසය 19 වැනි සියවසේ අගභාගය දක්වා දිවයන්නකි. මුල් කාලීනව විදුලිය සැපයීම පෞද්ගලික අංශය සහ කොළඹ නගර සභාව වැනි පළාත් පාලන ආයතන මගින් සිදු වූ අතර, පසුව රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertakings – DGEU) පිහිටුවන ලදී.

කෙසේ වෙතත්, රටේ ශීඝ්‍රයෙන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා වඩාත් ස්වාධීන සහ ශක්තිමත් ආයතනයක අවශ්‍යතාව මතු විය. ඒ අනුව, 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත මගින් එතෙක් පැවති විදුලිබල දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කර, 1969 නොවැම්බර් 01 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් ස්ථාපිත කෙරිණි.

මණ්ඩලය පිහිටුවීමේ මූලික අරමුණ වූයේ මුළු දිවයිනටම විදුලිය සැපයීම සහ ඒ ආශ්‍රිත සියලුම කාර්යයන් (උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම) සම්බන්ධීකරණය කරමින් පවත්වාගෙන යාමය.

මුල් දශක කිහිපය තුළ ලක්ෂපාන, වික්ටෝරියා වැනි දැවැන්ත ජල විදුලි ව්‍යාපෘති හරහා මෙරට ජනතාවට සහ කර්මාන්ත ශාලාවලට සහනදායී මිලට විදුලිය ලබාදීමට මණ්ඩලය සමත් විය. එකල එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධාන එන්ජිම ලෙස සැලකූ අතර, දශක පහකට අධික කාලයක් තිස්සේ මෙරට ජාතික විදුලි පද්ධතියේ ඒකාධිකාරී භාරකරුවා ලෙස කටයුතු කළේ ද ලංකා විදුලිබල මණ්ඩලයයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ප්‍රතිව්‍යුහකරණයට බලපෑ මූලික හේතු

විදුලි බල මණ්ඩලයේ ප්‍රභාෂ්වර බලාපොරොත්තු එය ආරම්භ වී  වසර 27කට පසු සුන් වී ඇත්තේය. ජාතියක් ලෙස තින්දු නොගැනීමේ බිහිසුනු විපාකය අවසානයේ දී හෙණ ගෙඩියක් වී පතිත වී තිබිණි.  ලංකා විදුලි බල මණ්ඩලය  දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවතී තිබුනේ  මෙරට ආර්ථිකයට දැවැන්ත බරක් වූ ආයතනයක් ලෙසය. විශේෂයෙන් 2013 වසරෙන් පසුව විදුලි ගාස්තු නිසි පරිදි සංශෝධනය නොවීම සහ දැවැන්ත ලෙස ඩීසල් බලාගාර මත යැපීම හේතුවෙන් මණ්ඩලය දිනෙන් දින මූල්‍ය අගාධයකට ඇද වැටුණි. මහ බැංකු වාර්තා දත්තයන්ට අනුව, 2022 වසර වන විට මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 167ක් දක්වා ඉහළ ගිය අතර, 2023 වසරේ මුල් භාගය වන විට මුළු සමුච්චිත පාඩුව රුපියල් බිලියන 500 සීමාව පසුකර තිබුණි. මෙම තත්ත්වය හමුවේ බැංකු පද්ධතියට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මණ්ඩලය ගෙවිය යුතු වූ රුපියල් බිලියන සිය ගණනක ණය බර සමස්ත රටේම බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට පවා තර්ජනයක් විය.

මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන තිබුණේ ඒකකයක් නිපදවීමේ පිරිවැය සහ පාරිභෝගිකයාගෙන් අයකරන මිල අතර පවතින අසමතුලිතතාවය ය. දේශපාලන ප්‍රදානයක් ලෙස පුද්ගලයින් තෘප්ත කර පවත්වා ගැනීම වෙනුවෙන් විද්‍යානුකූළ ප්‍රවේශයකට ගොස් විදුලි ගාස්තු සැකසීම දිගින් දිගටම සිදු වූයේ නැත. නිදසුනක් ලෙස, 2022 වසරේදී විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 48කට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවුවද, පාරිභෝගිකයාගෙන් අය කෙරුණු සාමාන්‍ය මිල රුපියල් 20කට වඩා අඩු මට්ටමක පැවතුණි.

විදුලි ජනන ක්‍රමවේද මිශ්‍රණයේ පවතින ගැටලු (ජල විදුලිය අඩුවීම සහ තාප බලාගාර මත යැපීම) හේතුවෙන් 2023 දී විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට රජයට සිදු වූ අතර, එමගින් යම් මූල්‍ය ස්ථාවරත්වයක් අපේක්ෂා කළද, කළමනාකරණ දුර්වලතා සහ අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් ව්‍යුහාත්මක වෙනසක අවශ්‍යතාව සංඛ්‍යාලේඛන මගින් තවදුරටත් සනාථ විය.

විදුලිබල මණ්ලයේ අධික මූල්‍ය පාඩුව අවම කරගැනීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, වගවීම තහවුරු කරගැනීම  සහතික කළ ප්‍රතිසංස්කරණයක් ප්‍රායෝගික තලයේ දී ඉල්ලා තිබිණි.

ප්‍රතිසංස්කරණ සැලසුම  

ඒ අනුව නව ප්‍රතිසංස්කරණ සැලසුමක් යෝජනා විය.  නව සැලසුමට අනුව විදුලිබල මණ්ඩලයේ වත්කම් සහ කාර්ය මණ්ඩලය පහත දැක්වෙන පරිදි නව සමාගම් 06ක් යටතට පත් කෙරේ:

  • විදුලි උත්පාදන සමාගම (Generation Company)
  • සම්ප්‍රේෂණ සමාගම (Transmission Company)
  • බෙදාහැරීමේ සමාගම් 04ක් (Distribution Companies): ප්‍රදේශ පදනම් කරගනිමින් පාරිභෝගිකයාට සේවය සැපයීමට.

මෙම පරිවර්තනයත් සමඟ, නව සමාගම්වලට එක්වීමට අකමැති සේවකයින් 2,173 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවා ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. අදාල වන්දි මුදල පෙබරවාරි මුල් සතිය තුළ විශ්‍රාම යන සේවකයින් වෙත ලබා දිමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මතුවන විරෝධතා සහ ඒවායේ පදනම

ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ විපක්ෂ කණ්ඩායම් දැඩි විරෝධයක් දක්වන අතර, ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්ක කිහිපයකි. ඉන් ප්‍රමුඛවන්නේ පෞද්ගලීකරණය පිළිබඳ බිය ය. මෙය විදුලිබල මණ්ඩලය විකුණා දැමීමේ පළමු පියවර ලෙස ඔවුහු දකියි. එමගින් විදුලි ගාස්තු පාලනයකින් තොරව ඉහළ යා හැකි බවට ඔවුන් තර්ක කරති .

දෙවැනි කාරණාව ජාතික ජන බලවේගය ද සිය දේශපාලනයේ දී ප්‍රමුඛව මතු කළ ජාතික ආරක්ෂාව සම්බන්ධ තිගැස්මය. බලශක්ති ක්ෂේත්‍රය වැනි සංවේදී අංශ පෞද්ගලික අංශය හෝ විදේශීය සමාගම් අතට පත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරය ජාතික ජන බලවේග දේශපාලනය පුන පුනා රටට කී ඉතිහාසයක් තිබිණි. විපක්ෂය චෝදනා කරන්නේ විපක්ෂයේ සිටිය දී දේශපාලන තුරුප්පුවක් වූ අදහස මේ වනවිට රජය විසින් අත්හැර ඇති බවය.

සේවක අයිතිවාසිකම් පිළිබඳ බිය තවත් පසෙකින් මතු වී ඇත. වසර ගණනාවක් සේවය කළ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව සහ විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද අහිමි වේ යැයි බියක් සේවකයින් තුළ වේ.

ප්‍රතිව්‍යුහකරණය පිටුපස ඇති IMF බලපෑම

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම ක්ෂණික පරිවර්තනය හුදෙක් දේශීය අවශ්‍යතාවයක් මත පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෙරටට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සඳහා ඉදිරිපත් කළ දැඩි කොන්දේසි මත පදනම් වූවකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා පිරිවැය ආවරණය වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම සහ විදුලිබල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් (SOEs) කඩිනමින් ප්‍රතිව්‍යුහකරණය කළ යුතු බවට IMF සිය වාර්තා මගින් අවධාරණය කර තිබුණි. විශේෂයෙන්ම, රජයේ අයවැයට බරක් නොවන පරිදි විදුලිබල මණ්ඩලය ස්වයම්පෝෂිත ආයතනයක් බවට පත් කිරීමත්, විනිවිදභාවයකින් යුත් මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමත් මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් ලෙස යෝජනා වූයේය. මෙම ප්‍රතිසංස්කරණ නියමිත කාලසීමාවන්ට අනුව සිදු නොවීම, IMF මීළඟ ණය වාරික නිදහස් කිරීමට පවා බාධාවක් විය හැකි බැවින්, රජය මෙම ක්‍රියාවලිය පෙබරවාරි මාසය වන විට අවසන් කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.

විරෝධතාවලට පදනමක් තිබේද?

එය මධ්‍යස්ථව විමසා බැලිය යුතු කාරණාවකි. රජය යළි යළිත් තහවුරු කරන කියනේ මේ ගොඩනගන සමාගම් 06ම රාජ්‍ය සමාගම් බවය. ඒ අනුව පුද්ගලිකකරණයක් සිදුවන්නේ නැත. විදුලි බල ක්ෂේත්‍රයේ බලය විතැන් වී ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් උපදින්නේ නැත.

එහෙත් විරෝධතාකරුවන්ගේ බියට සාධාරණ අවකාශයක් තිබේ. ලෝකයේ වෙනත් රටවල විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කළ අවස්ථාවලදී පිරිවැය අඩු වුවද, නිසි නියාමනයක් (Regulation) නොමැති වූ විට පාරිභෝගිකයා අසරණ වූ අවස්ථා අත් විඳ තිබෙන්නේය. එබැවින් ස්වාධීන නියාමන ආයතනයක (PUCSL වැනි) ශක්තිමත් භූමිකාවක් අවශ්‍යය. එය ශක්තිමත් නොවන්නේ නම් නැගෙන විරෝධතාවලට යම් පදනමක් ඇත.

අනෙක් අතට, වත්මන් ක්‍රමය යටතේ රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමට විදුලිබල මණ්ඩලයේ ණය බර හේතු වී තිබේ. එබැවින් විදුලි බල මණ්ඩලය සම්බන්ධව කිසිදු වෙනසක් නොකර වත්මන් ක්‍රමය ඉදිරියට ගෙන යාමද ප්‍රායෝගික නොවේ.

විසඳුම ප්‍රතිව්‍යුහකරණයම ද? වෘත්තීය සමිති ඉදිරිපත් කරන විකල්ප

විදුලිබල මණ්ඩලය කැබලිවලට වෙන් කිරීමේ රජයේ තීරණයට විරෝධය පළ කරන වෘත්තීය සමිති, ආයතනය ගොඩගැනීම සඳහා වෙනත් ප්‍රායෝගික විකල්ප කිහිපයක් යෝජනා කර සිටිති. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වන්නේ මණ්ඩලය බෙදා වෙන් කිරීම වෙනුවට එහි පවතින දූෂණය සහ නාස්තිය පිටුදැකීමෙන් මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගත හැකි බවයි.

ජනන පිරිවැය අවම කිරීම සඳහා අධික මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම (Independent Power Producers) වහාම නවත්වා, අඩු පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා රජය සෘජුවම ආයෝජනය කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

දේශපාලන අත පෙවීම් නතරකිරීමේ අනිවාර්ය සාධකය වෘත්තීය සමිති විසින් මතුකර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ විදුලි බල මණ්ලය පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන අවශ්‍යතා මත විදුලි ගාස්තු තීරණය කිරීම සහ අනවශ්‍ය බඳවා ගැනීම් බවය. ආයතනය සමාගම්වලට නොබෙදා, ස්වාධීන මණ්ඩලයක් ලෙස තීන්දු තීරණ ගැනීමේ බලය වෘත්තිකයින්ට ලබා දිය යුතු බව ඔවුන් මතවාදයක් ලෙස ඉදිරිපත් කර තිබිණි.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මණ්ඩලය තුළ පවතින තාක්ෂණික හා මෙහෙයුම් පිරිවැය අවම කිරීමට නවීන තාක්ෂණය (Smart Grid වැනි) හඳුන්වා දීම කළ හැකි බවත් ඉන් වාර්ෂිකව බිලියන ගණනක මුදලක් ඉතිරි කරගත හැකි බව ඔවුහු පෙන්වා දෙති
මෙම වෘත්තිකයන් පවසන්නේ උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන අංශ එක්ව ඒකාබද්ධ ව්‍යුහයක් සේ පැවතීමෙන් (Vertical Integration) ලැබෙන වාසිය, සමාගම්වලට වෙන් වූ පසු අහිමි වන බවය. ඒ හරහා පාරිභෝගිකයාට සහන සැලසීම දුෂ්කර වන බවත් ඔවුන්ගේ අවධාරණය ය.

විදුලිබල මණ්ඩලයේ වත්මන් ක්‍රමය ඉදිරියට ගෙන යා නොහැකි තරමට බිඳ වැටී ඇති බව සැබෑවකි. එහෙත්, විසඳුම ලෙස සිදුකරන මෙම “විභජනය” රටේ බලශක්ති සුරක්ෂිතතාව සහ පාරිභෝගික සහනය තහවුරු කරන්නක් ද නැතහොත් තාවකාලික මූල්‍ය පැලැස්තරයක් ද යන්න තීරණය වන්නේ පෙබරවාරි 01 දිනෙන් ඇරඹෙන නව ගමනේ විනිවිදභාවය මතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තුන්දෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කළ නව වසරේ පළමු පාතාල වෙඩි මුරය නවගමුවෙන් පත්තු වූ හැටි…

Next Post

පාතාලය කවුරුන් විසින් ආරම්භ කළත් අවසන් කරන්නේ මේ රජයයි… අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.