සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලය කවුරුන් විසින් ආරම්භ කළත් අවසන් කරන්නේ මේ රජයයි… අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියයි!

by editor
ජනවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පාතාලය කවුරුන් විසින් ආරම්භ කළත්, පාතාලයට කවුරුන් විසින්  අනුග්‍රහදැක්වුවත්,   එය අවසන් කරන්නේ මේ රජය යටතේ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර  පැවසුවේය.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පාතාල උවදුර මුලුමනින්ම තුරන් කරන බව සහතික වුන ඇමතිවරයා බන්ධනාගාර නිලධාරින්ට පාතාලයෙන් එන තර්ජන ගැන රජයට අවබෝධයක් ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සියයට සියයක් තහවුරු කිරීම වෙනුවෙන් රජය පෙනී සිටින බැවින් කැපවීමෙන් සේවය කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇමතිවරයා අද (02)  මෙම අදහස් පළ කළේ 2026 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීමට එක් වෙමිනි.

මෙහිදී  රජය මඟින් බන්ධනාගාර ආයතන සඳහා රුපියල් මිලියන 913.60 ක් වටිනා වෑන් රථ 10 ක් , ට්‍රැක්ටර් 03 ක් සහ රුපියල් මිලියන 104.30 ක් වටිනා ලැප්ටොප් හා පරිගණක සංකේතාත්මකව භාර දීමද සිදුවිය.  මීට සමගාමීව බස් රථ 40 ක්, ගලි බවුසර් 5 ක් ඉදිරියේදී ලබාදීමට ද නියමිතව තිබේ.

එම අවස්ථාවේදී  වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබ රාජ්‍ය සේවයේ වඩාත්ම සංකීර්ණ සහ වගකීම් සහගත රැකියාවක නිරතව සිටින බව අපි දන්නවා. ඔබට වැඩකිරීමට සිදුව ඇත්තේ අධික පීඩනයක් සහිතව වන අතරම, ඔබ අතින් වැරද්දක් වීමට සීමිත අවස්ථාවක්වත් නැහැ. “

“ඔබට පැවරී ඇත්තේ මානව ගරුත්වයට ගරු කරමින් ආරක්ෂාව පවත්වා ගැනීම, නීතිය ආරක්ෂා කරමින් විනය ක්‍රියාත්මක කිරීම සහ වැරදිකරුවන් එයින් මුදවා නැවත සමාජයට පැමිණීමට සුදානම් කරමින් සමාජය ආරක්ෂා කිරීමයි. මෙය පහසු කාර්යයක් නොවේ. එය බොහෝ විට සමාජයට අදෘශ්‍යමානයි. මෙලෙස ඔබ ලබාදෙන සේවය පිළිබඳව මම ඔබට අවංකවම ස්තූතිවන්ත වෙනවා. “

“2025 වසර අවසන් නමුත් ඒ වසරේ අප මුහුණ දුන් දිට්වා සුළි කුණාටුව මගින් අප ඉගෙනගත් පාඩම් කිසිදිනක අමතක කරන්න බැහැ. ඒ අතරින් පීඩනය යටතේ පද්ධති ඉරිතලා යන තැන් පිළිබදව,  අවංකවම කැපවූ බොහෝ  රාජ්‍ය සේවකයින්ගේ බලය ගැන, අර්බුදයකදී සියලු බේද පසෙකලා මනුෂ්‍යත්වය ඉහලට එසවෙන බව නැවත නැගී සිටිමේ හැකියාව අපට ඇති බව ඉගෙන ගත්තා. “

“මේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු වසර තිහ හතලිහක සිට පැවත එන මිස වසර හතරක පහක කාලයක ඇති වු ඒවාවත් ඔබගේ වරදින් වු ඒවාවත් නොවන බව  අපි දන්නවා. කාගේ වරදින් වුවත් ඒත් අපි ඒවා විසඳීමේ වගකීම අපට තිබෙනවා. බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුළ ලබාදීමට හැකි වැඩ පිළිවෙළක් අපි සකස් කරනවා . එමෙන්ම ප්‍රජා විශෝධනයට යොමු කිරීම වැඩි කිරීම සඳහා ප්‍රජා විශෝධන නව පනතක් ඉදිරියේදී ගෙන එනවා. “

“දීර්ඝ කාලීන සිරකරුවන් සමාලෝචන ක්‍රියාවලිය යටතේ නිදහස් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. බන්ධනාගාර නිලධාරීන් වන ඔබට පවතින ගැටලු වත්මන් රජය අවබෝධ කර ගෙන තිබෙනවා. අපි එකක් සිහිපත් කළ යුතුයි, පාතාලයට කවුරුන් අනුග්‍රහදැක්වුවත්, පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි. බන්ධනාගාර නිලධාරීන්ට පාතාලයෙන් විවිධ තර්ජන එන බව අපි දන්නවා. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පාතාලය නමැති පිළිකාව සීයයට සීයක්ම අපි අවසන් කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සෑමවිටම පෙනී සිටිනවා. එබැවින් කැපවී කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ මතකයක් වන්නට යන විදුලිබල මණ්ඩලය…

Next Post

ධර්මශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු මගට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.