අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිබෙන ඩොලර් ටිකත් ඉවර නොකර වහාම ණය හිමියන් සමඟ සාකච්ඡාවකට යන්න!

ආර්ථික විද්‍යා විද්වතෙක් අර්බුදයට ඉක්මනින්ම ගත යුතු පියවර ගැන කියයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

* මහ බැංකු අධිපති හිතාගෙන ඉන්න විදිහ වැරදියි

* විශ්වාසය බිඳිල ඉවරයි දැන් ණය හදිසියේ ගෙව්ව කියල වැඩක් නෑ !

* මුලින් රටේ සහ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඩොලර් වැය කළ යුතුයි !

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

විදේශ සංචිත හීන වීම නිසා මතුව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රජය මේ මොහොතේ කල්පනා කළ යුත්තේ රට බේරාගැනීමද නැතිනම් රටට විදේශ ණය ලබා දුන් ණය හිමියන් බේරා ගැනීමද යන්න තෝරා ගත යුතු බවත් මේ මොහොතේ රජය කළ යුත්තේ ගෙවීමට නියමිත විදේශ ණය වේලාවට ගෙවනවා වෙනුවට රට තුළ පවතින විදේශ සංචිත අර්බුදය යාන්තමින් හෝ සමනය කර ගැනීම සඳහා ණය කල් දැමීම බව ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසයි.

ලංකාසර සමඟ විශේෂ පිළිසඳරකට එක්වෙමින් ආචාර්ය නිශාන් ද මෙල් සඳහන් කළේ මේ වනවිට රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු ආනයනික ද්‍රව්‍ය ගෙන්වීමට තරම්වත් ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති පසුබිමක් තුළ රජය ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් වැය කිරීම පසෙක ලා ජනවාරි මාසයේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් මිලියන 500 ගෙවා දැමීමට සූදානම් වන බවයි. එහෙත් එවැනි ණය ගෙවීමක් කිරීමට පෙර අදාළ විදේශ ණය හිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යූහහගත කරණයකට ලක් කළ යුතු බවත් මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ රටේ ජනතාවට සිදුවන පිඩා වළක්වා ගැනීම සහ එදිනෙදා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය ඩොලර් සංචිත තර කර ගැනීම බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ප්‍රවීන ආර්ථික විද්‍යා විද්වතකු වන ආචාර්ය නිෂාන් ද මෙල් තවදුරටත් සඳහන් කළේ

“ මේ වනවිට රටේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය දුව්‍ය ගෙන්වීමේ දැඩි දුෂ්කරතාවක් මතුව තිබෙනවා. ඊට හේතුව ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නැති වීමයි. එය අද සෑම අතකටම බලපා තිබෙනවා. එවැනි තත්ත්වයක් පවතිද්දීත් රජය කියන්නේ ඔවුන් ලබන ජනවාරි මාසයේ ගෙවීමට ඇති ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර සෛවරී බැඳුම්කරය ගෙවන බවයි. එය අප ගෙවිය යුත්තේ අපට විදේශ ණයකරුවන්ගේ විශ්වාසය රැක ගැනීමටයි. නමුත් මේ වනවිට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනවලින් ශ්‍රි ලංකාව විදේශ ණය ලබා දීමේදී ආපසු ගෙවීම අවදානම් සහගත රටක් ලෙස වර්ගීකරණය වී තිබෙනවා. ශ්‍රේණිගත කිරීමේ පහළ වැටෙනකොට ඔවුන් තුළ විශ්වාසයක් නෑ.“

“මහ බැංකු අධිපතිවරයා හිතන්නේ ණය වර්ගීකරණ ආයතන අපේ ණය ගෙවීම් සලකලා එනම් පසුපස කණ්ණාඩියෙන් බලල ඉදිරි ණය ගෙවිම් සම්බන්ධයෙන් වර්ගීකරණය කරනවා කියලයි. නමුත් අපි මෙතෙක් ගෙව්ව ණය ඊට අදාළ වන්නේ නෑ. ඔවුන් බලන්නේ ඉදිරිපසින් දුර දක්නයකින් අපේ අනාගත ණය ගෙවිම් හැකියාව කොහොමද කියලයි. එහෙම බැලුවාම අපට ස්ථාවර වන්නට නම් මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණයක් කළ යුතුයි.

මෙවැනි තත්ත්වයකදී අප මූලික වශයෙන් කළ යුත්තේ විදේශ ණය පවතින අයතන සමඟ සාකච්ඡා කර මෙම ණය ගෙවීමේ කාල සීමා කල් දමා ගැනීම හො ණය යළිත් ප්‍රතිව්‍යූහගත කර අපට පහසු පසුබිමක් නිර්මාණය කර ගැනිමයි“ ඔහු පවසයි.

එවැනි ත්ත්වයක් තුළ ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර ණයකරුවන් තුළ විශ්වාසය තහවුරු කර ගන්නා අතරේ මෙරට විදේශ සංචිත තර කර ගැනීමේ හැකියාවක් ලැබෙන බව ඔහු තවදුරටත් පැහැදිළි කළේ ඉක්වදෝරයේ මෑතකාලයේ එවැනි අත්දැකිමකදි මුහුණ දුන් ආකාරයද නිදසුනකට ගෙනහැර පාමිනි.

“පසුගිය වසරේ මාර්තු මාසයේ ඉක්වදෝර රාජ්‍යයත් අප වගේම විදේශ සංචිත අර්බුදයකට මුහුණ දුන්නා. ඔවුන් වර්ගීකරණ ශ්‍රේණිගත කිරීම්වලින් අවදානම් තත්ත්වයට පහත වැටුණා. ඔවුන් ජාත්‍යන්තර ණය දෙන ආයතන සමග සාකච්ඡා කළා. මේ සාකච්ඡා මාස හයක් වැනි කාලයක් තුළ පැවතුණා. එයින් පසුව ඔවුන්ට එම ආයතන සමඟ ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමේ එකඟතාවන්ට එන්නට හැකිවුණා. මේ නිසාම ඔවුන්ට ශ්‍රෙණිගත කිරීම්වලින් ඉහළට යන්න පුළුවන් වුණා.“ ආචාර්ය මෙල් ලංකාසර සමඟ තවදුරටත් සඳහන් කළේය. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කිඹුලාපිටියට ගුවන් යානය ගොඩබස්වලා නොවේ, කඩා වැටිලා… ගුවන් නියමුවා බොහෝ දේ සඟවනවා…“ – පොලිසිය

Next Post

ත්‍රී කුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු ග්‍රහණයෙන් මුදා ගත්තා… අපි සුබ ප්‍රවෘත්තිත් රටට ගේනවා –  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.