අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු ග්‍රහණයෙන් මුදා ගත්තා… අපි සුබ ප්‍රවෘත්තිත් රටට ගේනවා –  

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවා කියයි...

by editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Gammanpila
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙ ග්‍රහණයෙන් ත්‍රී කුණාමලයේ තෙල් ටැංකි මුදවාගත් බව බලශකක්ති ඇමති උදය ගම්මන්පිල අද (31) ප්‍රකාශ කළේය.

මින් පෙර එම භූමියේ කළ සංචාරයක දී අයුතු ඇතුළුවීමක් කළ බව කියමින් අයි.ඕ.සී සමාගම විසින් රඳවා ගත් තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග ගොස්   එම භූමියේ සිංහ කොඩිය ඔසවා එන බවත් ඇමතිවරයා කීවේය.

සිය ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට සූදානම් කළ මෙම පුවත්පත් සාකච්ඡාවේ දී ඇමතිවරයා මෙසේ ද කීවේය.

“අතීතයේ ආණ්ඩු විසින් ඉන්දියාවට භාර දුන් අපේ වටිනා සම්පතක් වන ත්‍රීකුණාමලය තෙල් ටැංකි යලි ලංකාවට ලබා ගැනීමට ඉන්දියාව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වුණා. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග පමණක් හවුලේ සංවර්ධනය කරන්න 1987 ජූලි 29 දා එකඟතාවයකට එළැඹුණා. එකඟතාවය නම් හවුලේ කරන්න. ඒත් එහි පවතින ටැංකි 99ම 2003 පෙබරවාරි 7 දා වසර 35කට ඉන්දියාවට බාරදීමක් සිදුවුනා. 2017 දී මලික් සමරවික්‍රම – සුෂ්මා ස්වරාජ් අවබෝධතා ගිවිසුමෙන් ලංකා අයිඕසී සමාගමෙන් තෙල් ටැංකි යම් ප්‍රමාණයක් අතුරු බදු ගැනීමට උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපේ එකඟතාවය අනුව ටැංකි 99න් 24ක් ලංකාණ්ඩුව විසින් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කරනවා කියා ඇති කර ගත් ගිවිසුමෙන් ටැංකි 24ක් සදහටම නිදහස් වෙනවා. “

“දැනට ලංකා අයිඕසි සමාගම භාවිතා කරන ටැංකි 14 පමණක් ඒ සමාගමට වසර 50කට බදු දෙනවා. ඉතිරි ටැංකි 61 ඛනිජතෙල් සංස්ථාවට 51%ක් කොටස් තිබෙන ඉතිරි 49% ලංකා අයිඕසි සමාගමට ලැබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා.“

“මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. කොටස් බහුතරයක් සංස්ථාවට තිබෙනවා වගේම අධ්‍යක්ෂවරු හත්දෙනාගෙන් 4ක්ම පත් කරන්නේ තෙල් සංස්ථාව. සභාපතිවරයා පත් කරන්නේත් තෙල් සංස්ථාව. ඒ වගේම විගණකාධිපති ගිණුම් විගණනය කරන කෝප් කමිටුවට සමාගමේ නිලධාරින් කැඳවිය හැකි මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ දී සමාගම පිලිබඳ ප්‍රශ්න කළ හැකි සමාගමක් ලෙසයි මේ සමාගම ස්ථාපිත වන්නේ.“

“තෙල් සංස්ථාවට සෘජුව ලබා ගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගමට පැවරෙන ටැංකි 61 සමග තෙල් ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතු වෙනවා. ලංකා අයිඕසි සමාගමට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි. 1987 සහ 2003 දී ගිවිසුම් මගින් ඉන්දියාවේ පාලනයට නතු කරගත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ පාලනයට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක්.“

“දැනට දිරාපත් වෙමින් තිබෙන ඉහල ටැංකි සංකීර්ණයේ ටැංකි 10ක් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට 2016 දෙසැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගන්නවා. ඒ තීරණය අනුව 2016 දෙසැම්බර් 29 දින තෙල් සංස්ථාවේ මෙහෙයුම් කලමනාකරු මේනක ජීවසිරි   ඇතුළු නිලධාරින් පස්දෙනෙකු ටැංකි පරික්ෂා කිරීමට ලංකා අයිඕසි සමාගමට දැනුම් දී ටැංකි සංකීර්ණයට ඇතුළු වෙනවා. ඒ අවස්ථාවේ දී ලංකා අයිඕසී සමාගමේ නිලධාරින් විසින් තෙල් සංස්ථාවේ නිලධාරින් අයුතු ඇතුළුවීමක් කළා කියලා මේ අයව බලහත්කාරයෙන් රඳවා ගන්නවා. ඒ වගේම අයුතු ඇතුළුවීමක් ගැන ඉන්දියාව ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අප්‍රසාදය පල කරනවා.“

“ඒ අඳුරු අතීතය අපි නුදුරු දිනක අවසන් කරනවා. 2016 දී හිරිහැරයට ලක් වුණු නිලධාරින් පස්දෙනා සමග නුදුරු දිනක අපි තෙල් ටැංකි සංකීර්ණයට ගිහින් අපේ ජාතික කොඩිය ඒ භූමියේ ඔසවන්න අපි බලාපොරොත්තු වෙනවා. “

මෑත කාලයේ එක දිගට දුක්බර ප්‍රවෘත්ති අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිබෙන ඩොලර් ටිකත් ඉවර නොකර වහාම ණය හිමියන් සමඟ සාකච්ඡාවකට යන්න!

Next Post

අල – බී ළූනු බදු පහළට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.