බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැන් තැන්වල අවඥා කතා කී හිටපු කතානායක මහින්ද යාපාට නැවත වරක් සභානායකගෙන් සහතික කළ උත්තරයක්!

by editor
මාර්තු 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දා හිටපු කතානායකවරුන්ගේ වියදම් සම්බන්ධව තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධව අවඥා සහගත ප්‍රකාශ කළ හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනට නැවත වරක් පිළිතුරක් ලබා දිය යුතු බවත්, තමන් විසින් ඉදිරිපත් කළ සියලුම දත්ත සහ වාර්තා ලබා ගත්තේ කථානායකවරයාගේ අවසරය මත කථානායක කාර්යාලයෙන් බවත් සභානායක බිමල් රත්නායක අද (12) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේය.

හිටපු කතානායකවරුන්ගේ මූල්‍ය වියදම්වල පාර්ලිමේන්තු මූල්‍ය ධ්‍යක්ෂ ජී.සරත් කුමාර විසින් සහතික කළ පිටපත් නැවත වරක් ඉදිරිපත් කර හැන්සාඩ්ගත කරමින් සභානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුවත් ජනතා මුදලින් නඩත්තුවන ආයතනයක් බවය. රජයේ මුදල් පිළිබඳ වගකීම සහිත,  ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තුවේ වියදම් පිළිබඳව පාර්ලිමේන්තුව ජනතාවට දැඩිව වගකිව යුතු බවත්, ජනතා නියෝජිතයින් ලෙස එම මුදල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ ආදර්ශය ජනතා නියෝජිතයින් විසින් සැපයිය යුතු බවත් සභානායකවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ කතා නායක, නියෝජ්‍ය කතා නායක්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරුන්ගේ අනෙක් සියලුම වියදම් වාර්තා හැන්සාඩ්ගත කළ සභානායකවරයා 2023 සිට මේ දක්වා හිටපු සහ ඉන්න කතානායකවරුන්ගේ ඉන්ධන වියදම්වල සහතික පිටපත්වල ඇති දත්ත අද යළිත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ මේ ආකාරයටය.

හිටපු කතා නායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 2023 ජනවාරි ඉඳලා 2023 දෙසැම්බර් 31 දක්වා එතුමා වාහන 08ක් භාවිතා කර තිබෙනවා. ඒ සඳහා මිලියන 26ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ මුල්‍ය අධ්‍යක්ෂතුමා සහතික කර තිබෙනවා. මම එය හැන්සාඩ්ගත කරනවා.

2023 වර්ෂයේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා… ඔහු වාහන 06ක් භාවිතා කරලා තියනවා. මිලියන 14ක ඉන්ධන වියදම් ලබාගෙන තියනවා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

9 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරකසභා සභාපති අංජන් රාමනාදන්. වාහන 4යි. මිලියන 7.8ක ඉන්ධන භාවිතා කර තියනවා.

2024 වසරේ දී හිටපු කතානායකතුමා වාහන 09ක් සහ මිලියන 33ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. 2024 පළවෙනි මාස 09ට. හිටපු නියෝජ්‍ය තකානායක තුමා මිලියන 13ක ඉන්ධන භාවිතා කර තිබෙනවා වාහන 6ක් භාවිතා කර තිබෙනවා. 2024 පළවෙනි මාස 09ට හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා වාහන 4ක් සඳහා රුපියල් මිලියන 7.2ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. මේ සියල්ලම පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාවන ජී. සරත් කුමාර විසින් සහතික කර සනාථ කොට තිබෙනවා.

ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුවේ වෙනසත් මම කියලා අවසන් කරන්නම් ගරු කතානායක තුමනි. 2024 වර්ෂයේ පළවෙනි මාස එක හමාරට නව කතානායකතුමා විසින් භාවිත කළ ඉන්ධන සඳහා වියදම එක් ලක්ෂ විසි තුන් දාහයි. නියෝජ්‍ය කතා නායකතුමාගේ ඉන්ධන වියදම රුපියල් හතලිස් පන් දාහයි. නියෝජ්‍ය කාරක සභා සභාපතිනියගේ වියදම රුපියල් දහ අට දාහයි.

2025 ජනවාරි මාසයේ ඔබතුමාගේ ඉන්ධන වියදම දෙලක්ෂ දහ අට දාහයි. නියෝජ්‍ය කතානායකතුමාගේ 23000යි. කාරක සභා සභාපතිතුමියගේ වියදම 81000යි. පෙබරවාරි 25 දක්වා ඔබතුමාගේ ඉන්ධන වියදම රුපියල් එක් ලක්ෂ විසි තුන් දාහයි. නියෝජ්‍ය කතානායකතුමාගේ වියදම රුපියල් විසි පන් දාහයි.

වාර්තා ඉදිරිපත් කිරීම පමණක් නොවෙයි, අප ආදරශයෙනුත් ඔබතුමා ලබා දුන් ආදර්ශය අගය කරනවා. ඒ වගේම ඔබතුමාගේ අභිමතය පරිදි විගණනයෙන් එන තීරණ මත අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග උනත් ගන්න පුලුවන්නම් ගන්න කියලා ඉල්ලනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැකකරු අත් අඩංගුවට ගත්තත් හෙට උදේ 8වන තුරු වෛද්‍යවරු වර්ජනයේ…

Next Post

ගුවන් සේවිකාවන්ට ගුවනේ දී ලිංගික අඩම්තේට්ටම් කරන්න ගිය මගියෙක් කටුනායක දී අත් අඩංගුවට!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.