සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාත්තා නවත්තපු තැනින් පටන් ගන්නවා… නාමල් පුතා ජාතියට පොරොන්දු වෙයි!

by editor
අගෝස්තු 25, 2024 - Updated on අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැටුණ ද වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව කළ මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් මේ රටේ සංවර්ධනය ආරම්භ කිරීමට තමා සූදානම් බව නාමල් රාජපක්ෂ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් දිවුලපිටිය නගරයේ දී ඊයේ (24) පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසුවේය.

අපි අභියෝගවලට මුහුනදීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම කිසිඳු අභියෝගයක් මඟහැර නැහැ. 2005 දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අපේ බලවේගය බාරගත්තා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා පැමිණියා. ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැටෙන විටත් ඒ අතර ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය බවට පත්කරන්න එදා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා. අපි 2015 දී පරාජයට පත්වුණා. එදා මේ රටට ආදරය කරන දේශපාලන බලවේගය යහපානය කියා චිත්‍රයක් මවාගෙන පරාජය කළා. එය පරාජය කළ පමණක් නොවෙයි රටේ අනන්‍යතාවය විනාශ කළා. අපි 2015 ට පෙර ස්වයං පෝෂණය වෙලා තිබුණා. මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. 2015 න් පසුව ඒ තත්ත්වය නැතිවුණා. අපි බලශක්තියෙන් අංග සම්පූර්ණ වෙලා තිබුණා. 2015 පසුව එක මෙගාවොට් එකක් හෝ විදුලිබල පද්ධතියට එක් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත්ත උමා ඔය, සාම්පූර් බලාගාරය අතරමඟ නතර කලා, ආර්ථිකය බලා සිටිය දී කඩා වැටුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වුණා. ත්‍රස්තවාදී බිය , පාසල මුරකරන බිය, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය අම්මා තාත්තාට ඇතිවුණා.

අපි 2018 අපිව මහ පාරේ ඇවිද්දවනවා කිවුවා. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධාන ගතවීම නිසා අපි විශ්වාස කරන දේශීය චින්තනය සහ ප්‍රතිපත්ති ඒ දේශපාලන කඳවුරේ නැතිනිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා. ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා පමණක් නොවෙයි එතනින් පසුව පැමිණි හැම මැතිවරණයක්ම අපි දිනුවා. කොවිඩ් 19 වසංගතය ආවා. ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපිටත් තිබ්බා මොන ප්‍රශ්න ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සුන්ට මැරෙන්න දීලා බලා ඉන්න. එන්නත් ටික ගේන්නේ නැතිව ලෝකයේ ඇතැම් රටවල් වගේ බලන් ඉන්න තිබුණා. නමුත් එදා ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ කියලා. මිනිස්සු ජීවත්වන තැනට අපි වැඩකළා. අපි ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා. කුමන්ත්‍රණයක් ආවා නැවත වරක් මේ රටට ආදාරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. ඒ අනුව අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දු කරන්න තිබුණා රාජ්‍යය වට්ටනවා ද ආණ්ඩුව වට්ටනවා ද කියලා. අපි තීන්දු කළා ආණ්ඩුව අඩියක් පස්සට ගමු රාජ්‍යය ආරක්ෂා කරනවා කියලා. අද බංගලිදේශය වෙලා තිබෙන්නේ කුමක් ද ? රාජ්‍යය කඩන් වැටිලා. කවුරු පාලනය කළත් රාජ්‍යය කඩන් වැටිලා.

අපි රාජ්‍යය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහාය ලබාදුන්නා. සමහර පෝලිම් ඉවත් වුණා. ඇතැම් පෝලිම් දික්වුණා. තෙල් පෝලිම ඉවත්වුණා. පාස්පෝට් පෝලිම දික්වුණා. අපි අලුත් පරම්පරාව බලාපොරොත්තු වන තැනට මේ රට රැගෙන යන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති අපි අනුගමනය කළයුතු වෙනවා. අපි විශ්වාස කරනවා මේ රට නවීකරණය කළයුතුයි කියලා. නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕන. රාජ්‍ය සේවකයාට ගෞරවයක් දෙන්න ඕන. අද සමහර දේශපාලාන නායකයෝ රාජ්‍ය සේවයට තිබෙන තැන බැලුවාම ඒ අයගේ අදහස් බැලුවාම පහත් කරලා කතා කරන විදිය බැලුවාම රාජ්‍ය සේවය නිසි ගෞරවය ලැබෙනවා ද නැද්ද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. අපේ වෘත්තීය සමිතිවලට සලකන විදිිය බැලුවාම මේ රටේ වැඩ කරන පංතියට සලකන ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කළේ ගෞරවාන්විත රාජ්‍ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයට ගරු කරන දේශපාලන බලවේගය අපි ආරක්ෂා කරන්න ඕන. අපි හැදිච්ච පදනම එතන. අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවය තාක්ෂණයත් සමඟ බද්ධ වියයුතු වෙනවා.


දරුවන් තවදුරටත් පාස්පෝට්, රියදුරු බලපත්‍රය, ජාතික හැදුනුම්පත ගන්න පෝලිමේ ගිය යුගය අවසන් කළයුතු වෙනවා. සැබෑ පෝලිම් යුගය අවසන් වන්නේ එවිටයි. 2018/2019 තෙල් පෝලිම සහ ගෑස් පෝලිම ඇතිවුණා. 2021 දී එවැන්නක් වුණා. ලෝක ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමඟ ඇතැම් දේ වෙනස් වෙනවා. නමුත් පාස්පෝට් පෝලිම ඇතිවෙන්න දෙන්න බැහැ. ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය ගන්න පෝලිම් හැදෙන්න දෙන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ විප්ලවයක් අපි කළයුතු වෙනවා. තාක්ෂණය සමඟ ඒ ක්‍රමවේදය අපි බද්ධ කළයුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්ධමනය සමඟ ගැලපිය යුතු වෙනවා. මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දුවලට පඩි වැඩිකරන යුගය අවසන් කළයුතු වෙනවා. පසුගිය කාලයේ පඩි වැඩි කරන්න විදියක් නැහැ සල්ලි නැහැ කියූ අය 2025 සිට පඩි වැඩි කරන්න කතා කරනවා. පසුගිය කාලයේ විදුලිබිල අඩු කරන්නත් බැහැ කිවුවා සල්ලි නැහැ කියලා. 2025 සිට අඩු කරනවා. නමුත් අපි දේශපාලාන වේදිකාවේ දී රාජ්‍ය සේවක වැටුප තීන්දු කරන්න ඕනද. මැතිවරණයක් එනකල් රාජ්‍ය සේවකයා බලන් ඉන්න ඕනද පඩි වැඩිකර ගන්න. අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.

කවුරු බලයට ආවත් කවදා මැතිවරණයක් තිබුණත් රටේ උද්ධමනයට සාපේක්ෂව මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ හා පුරවැසියන්ගේ ආදායම් වැඩි කළයුතු වෙනවා. ඒ නවීකරණය කරා අපේ රට රැගෙන යායුතු වෙනවා. එවැනි නවීකරණ ප්‍රතිපත්ති මාලාවක් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය, මැතිවරණ කාලයේ රැකියා ලක්ෂය, දහස ආදිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල දානවා. නමුත් රැකියා වැඩිකිරීමේ වැඩපිළිවෙල කුමක් ද ? අපි අදටත් විශ්වාස කරනවා මේ රටට ආයෝජකයන් ගේන්න ඕන. ඔවුන්ට සහන දියයුතු වෙනවා. ඒ අයට මේ රටට පැමිණ ආයෝජනයට අවශ්‍ය පරිසරය සැකසිය යුතු වෙනවා. ලෝක වෙළඳපල සමඟ නිෂ්පාදන පිරිවැය අඩුකරමින් අපිත් සමඟ හැප්පෙන අපේ වගේ ආයෝජන ගේන අනෙක් රටවලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වියයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය නූතන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළයුතු වෙනවා. රැකියා ලක්ෂයක් නොවෙයි දස ලක්ෂයක් උත්පාදනය කරනවා. ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර පහ ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, සේවා ක්ෂේත්‍රයන්වල රැකියා ලක්ෂ 10 ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ රටේ යථාර්ථයක් බවට පත් කරනවා. ඒක අපේ වගකීමක්.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….


ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු අපි ළඟ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික උවමනාවන් අපි ලග තිබෙනවා. මේ රටේ තරුණයන්ගේ ප්‍රශ්නයට අපි විසඳුමක් දියයුතු වෙනවා. ලෝක රැකියා වෙළඳපොලට බද්ධ වුණු අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් කරන්න කටයුතු කරනවා. රැකියා වෙළඳපලට සාපේක්ෂව රැකියා වෙළඳපලට අනුකූලව රැකියා ගතවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් අපි හදුන්වා දෙනවා. දරුවන්ට පුළුවන් රැකියා ගතවීම සදහා අධ්‍යාපනයට යනවා ද උසස් පෙළ කර උපාධියක් දක්වා යනවා ද යන්න තීන්දු කරන්න පුළුවන්. ඒ නිදහස අපි නිර්මාණය කරදිය යුතු වෙනවා. එක් පැත්තකින් නීතියේ ආධිපත්‍යය තරුණයන්, දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද සමාජය මුහුණපාලා තිබෙන ගැටළු බලන්න. අද ළමා අපචාර දෙස බැලුවාම, මිනී මැරුම් දෙස බැලුවිට දැවැන්ත බිඳවැටීමක් අපේ සමාජයේ තිබෙනවා. ඒ බිඳවැටුණු සමාජය ගොඩනැඟීමේ වගකීම ආණ්ඩුවකට තිබෙනවා. ඒ නිසා අපේ සංස්කෘතියට, ආගමට ගරු කරන සමාජයක් අපි ගොඩනඟන්න ඕන. දරුවා පන්සලෙන්, පල්ලියෙන් ඈත් කළා කියා, ආගම දහම විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කළා කියා මේ රටේ සමාජය ගොඩනැගෙන්නේ නැහැ. ළමා අපචාර, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේම ඒවා ක්‍රියාත්මක වියයුතු වෙනවා.

ඒ නිසා සමාජය ගොඩනඟන්න මේවා වැදගත් වෙනවා. සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනඟන්න අවශ්‍ය වෙනවා. එක් පැත්තකින් දෙමාපියන් තමන්ගේ ජීවිත කාලය තුළ හොද ආදායම් මාර්ගයක් උත්පාදනය කොට සතුටින් ජීවත් වන්නයි බලාපොරොත්තු වෙන්නේ. අම්මා, තාත්තාගේ බලාපොරාත්තුව දරුවාට හොදට උගන්වන්නයි. අධ්‍යාපනයට දරුවාගේ දැනුමට හා වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැතිනම් දුක්විඳිනවා පමණක් නොව දරුවා අපේක්ෂා කරන ආදායම් මාර්ගවලට යන්න නොහැකි වෙනවා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ගමේ ව්‍යාවසායකයා ආරක්ෂා කරනවා. අද බොහෝ අය ව්‍යවසායකයන් ගැන කතා කරනවා. මොකක් ද වැඩපිළිවෙල. මේ රටේ ග්‍රාමීය බැංකුව, සමූපකාර බැංකුව ශක්තිමත් කළයුතු වෙනවා. ඒ ග්‍රාමීය බැංකුව හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය ආයෝජන ලබාදෙන්න කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. ගම තුළ අලුතින් රැකියා උත්පාදනය කරනවා පමණක් නොවෙයි ගම තුළ අලුත් ව්‍යවසායකයන් බිහි වෙනවා. දේශපාලනික වශයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුළ බිහිවෙයි කියා විශ්වාස කරනවා. අපි දේශපාලනික වශයෙන් තීන්දු ගන්නවා.

සමහර තීන්දු පෞද්ගලිකව ගන්නවා. සමහර අය තීන්දු ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නවා.ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා දේශාලඥයන් අපේ රටේ අඩුයි. අවංකව ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දු ගන්න පිරිසක් අද මෙතන ඉන්නවා. ඒ පණිවුඩය ගමට ගෙනයන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ සංවර්ධනය නතරකළ තැනින් ඉදිරියට ගෙනයන්න නාමල් රාජපක්ෂ සූදානම් කිය පණිවුඩය ලබාදෙනවා. ඒක ගමයට ගෙනයන්න. අපේ ගම කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනඟන්න දේශීය අනන්‍යාතවය කේන්ද්‍ර කරගත් රටක් ගොඩනඟන්න මේ ජනතාව වෙනුවෙන් පෙළගැසුණු වැඩපිළිවෙලක් සමඟ මේ රට නැවත වරක් ලොව සීග්‍රයෙන් වන රට බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රට ගොඩනඟන්න සූදානම්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාව රවටා රට විනාශ කරන්න එපා… IMF සම්බන්ධව විවාදකට එන්න… ජනපති අනුරටයි සජිත්ටයි අභියෝග කරයි!

Next Post

අවධියෙන් කටයුතු කරන්න… ලැබෙන සුළු දීමනාවලට රැවටී රටේ නීතියටත් වලංගු නැති නායකයෙක් ජනපති ලෙස පත් කරන්න හිතනවා නම් ඒ අපේ අතින් අපේ ගෙල සිඳ ගැනිමක්!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.