බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාව රවටා රට විනාශ කරන්න එපා… IMF සම්බන්ධව විවාදකට එන්න… ජනපති අනුරටයි සජිත්ටයි අභියෝග කරයි!

by editor
අගෝස්තු 25, 2024 - Updated on අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩු කරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් අවධාරණය කළේය.
බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හැර වෙනත් විකල්පයක් තිබේනම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන ලෙසද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය

අද ඔබ මෙම ස්ථානයට රැස්ව සිටින්නේ මට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදීමටයි. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත කළ යෝජනාව අද මෙම සම්මේලනයේදී අනුමත කරගනු ලැබුවා. මම ඒ පිළිබඳ ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඇති කළේ ඩී.එස්. සේනානායක මැතිතුමායි. ඒ වගේම එතුමා නිදහස් ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලාංකිය අනන්‍යතාවයත් ආරක්ෂා කළා. 1946 සැප්තැම්බර් 06වනදා එතුමා ප්‍රකාශ කළා එක්සත්ජාතික පක්ෂයේ යුතුකම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම කියලා. අප සියලුදෙනා එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස පමණක් නොවෙයි ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි. ශ්‍රී ලංකාව නැති වුණොත් එක්සත් ජාතික පක්ෂය නැති වෙනවා. ඩඩ්ලි සේනානානයක මැතිතුමාගෙන්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වැනි නායකයන්ගෙන් අප ලද අභාසය එයයි. එසේනම් ශ්‍රී ලාංකිකයෙකු ලෙස මේ රට බේරා ගැනීමට මම අගමැතිකම භාරගත්තා. ඒ වගේම ජනාධිපති ධූරය භාරගත්තා.



මම මේ වගකීම් භාරගත්තේ එදා මේ රටේ ජනතාව ගෑස්, ඉන්ධන, ඖෂධ සහ ආහාර පෝලිම්වල දුක් විඳින අයුරු දුටු නිසයි . ජනතාව මෙවන් පීඩාවකට පත්ව සිටින අවස්ථාවක ඔවුන් ගැන අනුකම්පා කර එම ප්‍රශ්න විසඳීමට කටයුතු කළයුතුයි. එය සිදු නොකිරීම මහත් පාපයක්. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ එම පාපයයි. නමුත් අපි සියලුදෙනා එකට එක්ව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියක් රැක දුන්නා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි සිටින කිසිවෙක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හෝ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ වැඩ කළේ නැහැ. සජිත්ව පක්ෂයට ගත්තේත් මමයි. ඒ නිසා ඔවුන්ට මේවා පිළිබඳ අවබෝධයක් නැහැ. ඩී.එස්. සේනානායක මැතිතුමා ගැන දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පක්ෂය කඩාගෙන එළියට ගියා. ඒ පිළිබඳ පුදුම විය යුතු නැහැ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්. අප පළමුව සිතන්නේ රට ගැනයි.

මේ ආර්ථික අර්බුදයෙන් බේරිමට ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියා 2020 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් සඳහන් කළා . සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන කථා කළේ නැහැ. එදා ඇත්ත ප්‍රකාශ කිරීම නිසා අප පරාජය වුණා. නමුත් අපිට මේ ගැටළුව පිළිබද අවබෝධයක් තිබුණා. මම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන මෙම ගැටළුව විසඳිය හැකි බව මම දැනගෙන හිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටවීමෙන් පසු කිසිවෙක් ජනාධිපතිකම ඉල්ලුවේ නැහැ. මට සහයෝගය දෙන ලෙස ඉල්ලු විට සජිත් ප්‍රේමදාස සට්ටම්භිරාළගේ උපදෙස් මත ගිහින් ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දුන්නා. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට දොෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ එතුමාව බේරගන්න ඉදිරියට පැමිණියේ මම බව ඔහුට සිහිපත් කර දිය යුතුයි. එතුමා මරණයට පත්වු අවස්ථාවේ මමයි එතනට ගියේ. ඔවුන්ට ඒවා මතක නැහැ. මම මේ පක්ෂය ආරක්ෂා කර තිබෙනවා.

1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ළ සමයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා අපි ආණ්ඩුවට සහාය ලබා දෙමු කියලා. අපි ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා. එතුමා කිව්වේ රට නැති වුණොත් අපට වෙන කිසි දෙයක් වැඩක් නැහැ කියලයි.

1989 දී නැවත මේ කැරැල්ල ඇති වූ අවස්ථවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව සාකච්ඡාවක් සඳහා කැඳෙව්වා. එතුමිය ඒ සඳහා එකඟවී සහාය ලබා දුන්නා. එවන් සිරිතක් අප අතර තිබෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වු අවස්ථාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මා හමු වී ප්‍රකාශ කළා අපි කාවවත් ජනපති ලෙස ඉදිරිපත් කරන්නේ නැහැ ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. එම සිරිත් අප පක්ෂ අතර තිබෙනවා. මේවා දන්නේ නැති අය කෑ ගහනවා.
නමුත් මම මේ අභියේගය භාරගත්තා. අප මේ ප්‍රශ්න විසඳිය යුතුයි. ඒ සඳහා මට කණ්ඩායමක් අවශ්‍ය වුණා. රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ යන මහත්වරු මගේ රාජ්‍ය ඇමතිවරුන් බවට පත් කර ගත්තා. ඒ වගේම අලි සබ්‍රි, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු ඇතුළු පිරිස්ක එක් කරගෙන මම වැඩ කළා. ඒ ගමන සාර්ථක වුණා.

ආර්.එච්.එස්. සමරතුංග, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සමඟ මම වැඩ ආරම්භ කළා. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා පත් කරගත්තා. අපි සාර්ථකව මෙම වැඩ කරගෙන ගියා. ඒ වගේම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජ්, ශාමිනි කුරේ යන මහත්වරුන්ද මීට දායක කරගත්තා. මේ රටේ ආර්ථිකය බේරා ගැනීමට කටයුතු කළේ මේ පිරිසයි.
මේ අතරේ අගමැතිතුමා පාර්ලිමේන්තුව භාරගත්තා. ඇමතිවරු අපට විශාල සහයක් ලබාදුන්නා. එය පහසු කටයුත්තක් වුනේ නැහැ. නමුත් ඒ ආකාරයට කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා මේ රට බේර ගන්න අපට පුළුවන් වුණා.

අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ආරම්භ කළා. රටවල් 18ක් සමඟ සාකච්ඡා කළා. මේ සියලුදෙනා සමඟ එකඟතාවයන් ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව තමයි අද අපි රට මේ තත්ත්වයට ගෙන ආවේ.

අපට අසිරු කාලයක් තිබුණා. රජයේ ආදායම් වැඩි කර ගැනීමට අපිට බදු වැඩි කර ගැනීමට සිදුවුණා. ඒ හමුවේ ජනතාවට එල්ල වූ බර අපි දන්නවා. ඒවා විද දරා ගත් ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. නමුත් ඒ බර ටිකෙන් ටික අඩු කිරීමටත් අප කටයුතු කළා. ජනතාවට සහන ලබාදුන්නා.
අප මේ සහන ලබාදුන්නේ රුපියල ශක්තිමත් කරමිනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව අපට ඉලක්ක තිබෙනවා. අප එම ඉලක්ක අනුව ක්‍රියා කළ යුතුයි.

නමුත් විපක්ෂය සිය මැතිවණ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා බඩු මිල අඩු කරනවා, බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. එවිට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක වෙත ළගා වීමට නොහැකි වෙනවා. එවිට අපට ලැබෙන ආධාර නැති වෙනවා. අපට නැවතත් 2022 ජූලි මාසයේ රට තිබු තත්ත්යට යාමට සිදු වෙනවා. බදු අඩු කරන්න මමත් කැමතියි. නමුත් එය සිදු කළ යුත්තේ රුපියල ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ වෙනුවෙන් වු වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අසීරු වුණත් අප මේ ගමන යා යුතුයි. අප සියලුදෙනා කැමතියි ජනප්‍රිය තීන්දු ගන්න. නමුත් එය රටේ අනාගතයට සුදුසු නැහැ.

අපි රෑ වැටුණු වළේ දවල් වැටිය යුතු නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු අඩු කරන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා බදු අඩු කරන්න එපා කියලා. නමුත් එතුමා බදු අඩු කළා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබුණේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම වෙනස් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. ඔවුන් කිසිවිටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ. මෙය ග්‍රීසියේ සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රිසියේ ආර්ථිකය කඩා වැටුණා. එවන් තත්ත්වයක් ලංකාවේ සිදුවනවාට අප කැමති නැහැ.
අප මෙම ගිවිසුමට අත්සන් තැබු නිසා සෑම මාස 06කට වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් අපට ඩොලර් මිලියන 700ක් පමණ ලැබෙනවා. ජනවාරි මාසය වන තෙක් අපට මේ මුදල් ප්‍රමාණවත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ඔක්තෝබර් මාසයේ නැවත සාකච්ඡා සඳහා පැමිණෙනවා.

එක්සත් ජාතික පක්ෂය ලෙස අප ප්‍රකාශ කරන්නේ අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා කියලයි. නමුත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මෙය සංශෝධනය කරනවා කියලයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන වසර සඳහා අපට ලබා දෙන මුදල් නවත්වනවා. එවිට නැවත අපට පැරණි තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න මාස දෙක තුනක් යනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එය අනුමත කර ගැනීමට තවත් සති 06ක් පමණ ගත වෙනවා. මාස 06ක් අපට මුදල් නැතිව සිටිය හැකිද කියා මම අහනවා.

මම සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා ඔබ මේ බදු අඩු කරනවා නම් ඒ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා. රාජ්‍ය ආදායම් අඩු කරගෙන ඔබ රටේ ආර්ථික ප්‍රශ්නය විසදන්නේ කොහොමද. බොරු කියලා මේ රට විනාශ කරන්න එපා. අපි පක්ෂ 03 එකතුවෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වමු. ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අහන්න මොකක්ද කරන්නේ කියලා. එම සාකච්ඡාව අපි පටිගත කරලා රටට ඉදිරිපත් කරමු.

ඔබ සිතනවා නම් මෙම ගිවිසුම වෙනස් කරන්න පුළුවන් කියලා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කරන්න. ඔබ එම ඉලක්කවලට අනුව කටයුතු කරනවානම් එම ආදායම් උපයාගන්නේ කසේද කියා ප්‍රකාශ කරන්න. මේ ප්‍රශ්න දෙකට කරුණාකර පිළිතුරු ලබා දෙන්න. ඔබට සැලැස්මක් තිබෙනවා නම් එය රටට කියන්න. බොරු කියන්න එපා. පක්ෂ 03ම එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එම සාකච්ඡාව රටට ඉදිරිපත් කරමු. එවිට ජනතාවට පුළුවන් සත්‍ය අසත්‍යතාවය දැනගන්න. ඊට පස්සේ රටේ කවුරුත් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ලකුණු කරනවා.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපට ඉතිරි කරලා තියෙන්නේ උරුලෑවා ගිය පාරක්… ඇඟේ ගාගන්නේ නැතිව මේ පාර අපි සුද්ද කරනම්… අනුර කියයි!

Next Post

තාත්තා නවත්තපු තැනින් පටන් ගන්නවා… නාමල් පුතා ජාතියට පොරොන්දු වෙයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.