අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාත්තයි බාප්පයි එකතු වී මරාගත් ගම්පොල දැරියගේ මරණ පරීක්ෂණයේ දී සිදුවුණ  හෙළිදරව්ව!

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුරංග රාජනායක –

“බාප්පලාගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ.කීප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නෑ.තාත්තා රෑ 2ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා අපට නිදාගන්නවත් නෑ කෙඳිරිගානවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මමයි අම්මයි ලොකු අක්කයි නංගියි සේරම පොඩි අක්කා එක්ක මහ රෑ එළියට ගියා” යැයි පියාගේ හා බාප්පාගේ පහරදීමකින් පසුව මියගියා යැයි සැකකරන 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර දැරියගේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇගේ නැඟණිය වන දොළොස් හැවිරිදි පවනි නෙත්මිණි බණ්ඩාර දියණිය සාක්කි දෙමින් පැවැසුවාය.

ගම්පොළ මහේස්ත්‍රාත් සහ දිසාවිනිසුරු ශ්‍රීනිත් විජේසේකර  විසින් මියගිය නුවන්තිකා බණ්ඩාර දැරියගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය.

ගම්පොළ මවුන් ටෙන්පල් ජනපදයේ පදිංචි නුවන්තිකා දැරිය ගම්පොල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ 9 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය.

ගම්පොළ අංගම්මන පිහිටි බාප්පාගේ නිවෙස වෙත ගොස් ඇති නුවන්තිකා මෙම 19 වැනිදා යළි නිවසට රැගෙන එනු ලැබ සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බාප්පාගේ නිවසට ගොස් සිටියදී බාප්පාගේ දියණිය හා නුවන්තිකා එම ප්‍රදේශයේ තරුණයකු සමග පේර කැඩීමට ගොස් සිටියදී එය දැක ඇති යම් කෙනකු ඒ බව බාප්පාට දැන්වීමෙන් පසු ඔහු දැරියන් දෙදෙනාම කැඳවා අවවාද කර පහරදී ඇති බව හෙළිවී තිබුණි.

මෙම පහරදීමෙන් පසු නිවෙසට ගෙනා නුවන්තිකා අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුවද කිසිවකුත් ඇය රෝහල්ගත කිරීමට හෝ පියවර ගෙන නොතිබූ අතර යළිත් ඇයට පියාද පහරදීම නිසා 21 දින උදෑසන වන විට ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

එහිදී ඇගේ නිවස අසල ඥාතී නිවසකට ඇය රැගෙන ගිය පසු එම ඥාතීන් ඇය රෝහල් ගත කිරීමට සූදානම් වුවත් පියා එයටද ඉඩ ලබාදී නොමැති බව මෙහිදී අනාවරණය විය.

තවදුරටත් මූලික සාක්ෂි දෙමින් පවනි බණ්ඩාර දැරිය මෙසේ කීවාය.

පොඩි අක්කා උඩහ අයියලගෙ ගෙදරට අරන් ගියාට පස්සේ අම්ම ගමේ නැන්දා කෙනකුට කියලා දෙහි ගෙඩියක් මතුරලා ගෙනත් දෙන්න ඕනෑ කිව්වා.

මෙහිදී අසල්වැසි ඥාති කාන්තාවක වන රහදිය වෙද රාලලාගේ තිළිණි මනිෂා   මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මෙසේ පැවැසුවාය.

නුවන්තිකා මගේ සැමියාගේ ලොකු අම්මගෙ දුව. එයාට අංගම්මන බාප්පලගෙ ගෙදර දී පහරදීලා කියන ආරංචියට මගේ මහත්තයයි අනෙක් අයයි ත්‍රීවිල් එක අරන් ගිහින් නංගි ගෙදර ගෙනාවා. එයා දවස් දෙකක් කාලා තිබුණේ නෑ විකාර දෙඩෙව්වා. කියන ඒවා පැහැදිලිව ඇහුණේ නෑ උගුරෙන් තමයි ශබ්දය පිට වුණේ.

එයා මට කීවා මම මහණ වෙන්න යනවා ඔයත් එනවද මගෙත් එක්ක යන්න කියලා. පස්සේ දවල් එක හමාරට විතර එයා වතුර ඉල්ලු‍වා. මහත්තයා එයාට යෝගට් ටිකක් කැව්වා. අයිස් වගේකුත් දුන්නා. දවල් දෙකට විතර ඇඳේ හිටිය එයා එකවරම ගල් වුණා, හුස්ම ගත්තෙ නෑ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදා කල් තැබිණ.

එදිනට සාක්ෂිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක අසංක යන නිලධාරීන් එහිදී සාක්ෂි මෙහෙයවීම හා සටහන් කිරීම සිදු කළහ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම දැරිය කල් වේලා ඇතිව රෝහල්ගත කළා නම් ඇය බේරා ගැනීමට තිබූ බවය. මවුපියන් හා ඥාතීන් ප්‍රාථමික අයුරින් කටයුතු කිරීම නිසා අඩු වයස් දරුවකු මෙසේ මිය යෑම කනගාටුදායක තත්ත්වයක් බවද සඳහන් කළේය.

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝච්චිවලට ටිකට් දීම නවතී…

Next Post

බරපතල ගෑස් පිපිරීමක්… නිවෙසක් විනාශයි… ජීවිත රැසක් අනූ නවයෙන් බේරෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.