ස්වකීය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් එක් අදියරක් ඉදිරියට යමින් ඊයේ රාත්‍රී 12 සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කර දැමීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
දුම්රිය ස්ථානාධිපති සේවයේ පවතින දීර්ඝ කාලීන නොවිසඳුණු ගැටලු 23ක් මුල් කරගෙන දින දෙකකට පෙර ක්‍රියාත්මක කළ ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසි විඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් තෙක් පුළුල් කරන බව ද එම සංගමය දැනුම් දුන්නේය.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ පළමු අදියර ලෙස පෙරේදා ඔවුන් පාර්සල් භාර ගැනීම හා ප්‍රවාහනය පිළිබඳ වගකීමෙන් ඉවත් වුණේය. අමාත්‍යවරයාගේ සාකච්ඡාවෙන් අනතුරුව ලබා දුන් උපදෙස් පවා පිළිනොපදින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුඛ පරිපාලනයට එරෙහිව දියත් කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාල ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ඉරිදා මධ්‍යම රාත්‍රි 12 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද සංගමය ප්‍රකාශ කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය උපාධිය දක්වා සංශෝධනය කර අනුමත කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම, 2021.01.01 දින සිට ක්‍රියාත්මක විය යුතු දුම්රිය සථාන වර්ගීකරණය අනුමත නොකිරීම,ජ්‍යෙෂ්ඨත්වය මත දුම්රිය ස්ථානාධිපති උසස්වීම් ලබා දීම ප්‍රමාද කිරීම, කුසලතාවය මත දුම්රිය ස්ථානාධිපති තරග විභාග නොපැවැත්වීම ඇතුළු කරුණු මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.







