අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාත්තගෙ ඉනෙන් පහළ පණ නැතිව ඇඳේ… අම්මාගෙ කකුලක් කපලා රෝහලේ… මව්පිය උපස්ථානයට ජීවිතය කැප කළ 11 හැවිරිදි බෝසත් පුතා සොයා ගියෙමු. 

by editor
ජූනි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –           

දියවැඩියා රෝගය උත්සන්න වී පාදයක් ඉවත් කළ මැදිවියේ අසරණ ගැහැනියක  කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් උන්නාය. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ගනිමින් සිටින ඇය බලන්නට හැමදාම පැමිණෙමින් සිටියේ අවුරුදු 10ක්  11ක් පමණ වයස පුංචි පුතෙකි. 

අප අපේ දරුවන් ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නේ නැති වයස නොදරුවෙක් අම්මාට බත් එක්ක අරන් හැමදාම රෝහලට පැමිණ ඇයගේ සුව දුක් බලා ගියේය. 

මේ පොඩි එකා පමණක් හැමදාම අම්මා බලන්නට එන එක ගැන කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ කාර්යභාර වෛද්‍ය නිලධාරිනී  ගීතාංජලී ගුනරත්නගේ විශේෂ අවධානය යොමු විය. මෙය ඇයගේ සේවා කාලය තුළ අත් විඳින  අතිශය නුහුරු අත්දැකීමකි. දින ගණනක් නිරීක්ෂණය කිරීමෙන් වෛද්‍යවරිය රෝගි කාන්තාව අසලට ගියාය.

“ අම්මා… ඔයා බලන්න හැමදාම එන පුංචි දරුවා කවුද?. ඒ පුතා විතරයි ඔයා බලන්න හැමදාම එන්නේ. ඒ දරුවා තනියම එන එක අවදානමක් නේද?. ඇයි එයා විතරක් එන්නේ?.” 

අම්මා නිරුත්තරව වෛද්‍යවරිය දෙස බලා සිටියාය. ඇයගේ දෙනෙත් ඉබේම කඳුලින් බොඳවිනි.   

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රවිදුගේ  මව  එහිදි  වෛද්‍යවරියට කිවේ අනුවේදනීය කථාවකි.

රවිඳු පුතා…

“ අනේ මැඩම්… මගේ මහත්තයා කාලෙකට කලින් ගහකින් වැටිලා එකතැන් වෙලා ඉන්නේ. එයාගෙ ඉනෙන් පහළ පණ නැහැ. මේ පුතා විතරයි මට ඉන්නේ. එයා දැන් දොරපේ  මහා විද්‍යාලයේ හයවැනි වසරෙ ඉගෙන ගන්නේ. එයා තාත්තගෙත් වැඩ කරලා මාවත් බලන්න එනවා.” 

වෛද්‍යවරියට හුස්ම හිරවනවාක් සේ දැනිනි. හය වසරේ පුංචි එකෙක් උයා පිහා තාත්තාට කන්න දී තාත්තාගේ වැඩත් කර පාසල් ගොස් පැමිණ අම්මාට කෑම එකකතු රැගෙන ඇය බලන්නත් හවසට රෝහලට එන්නේය. ප්‍රබන්ධයක හෝ මෙවැනි කතා ඇසෙන්නේ කලාතුරකිනි. 

“දරුවගේ ඉස්කෝලෙ වැඩ පාඩු වෙනවනේ දෙයියනේ…” 

වෛද්‍යවරියට කියවිනි.

“ඉස්කෝලෙ යන එකත් ඉඳහිට අතහැරෙනවා තමයි මැඩම්. ඒත් පුතා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. වැඩ ටික කරගෙන යනවා”

ඒ අම්මා කී කතාව වෛද්‍ය ගීතාංජලී ගේ හිස පුපුරුවා හැරෙන තරම් කම්පනයක් ගෙනාවේය. ඇයගේ දෙනෙත් බොඳවී යමින් තිබිණි.  වෛද්‍යවරිය  කරාපිටිය මාතෘ රෝහලේ වෛද්‍යවරියක වන මාලනී ද සිල්වා ඇමතුවාය. ඇයත් මේ කතාව අසා බලවත් කම්පනයට පත්වූවාය. වෛද්‍යවරියන් දෙපළ කල් නොයවාම ගෙදරට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ටිකකුත් රැගෙන පොඩ්ඩාගේ නිවස සොයා පැමිණිය හ.

ඒ දැකුම ඔවුන් කිසි විටෙක බලාපොරොත්තු වූවක් නොවේ. එය නිවසක් නොව ගරා වැටුන මඩුවකි.  ඔවුන් දකින්නේ ඉන්න හිටින්න හරි සෙවනක් නැතිව ඔත්පල දෙමව්පියන්ට සත්කාර කරන අතර පාසල් ගමනද අත් නොහැර සිනාසෙමින් ජීවිතය සමග පොරබදන සුරතල් දරුපැටියෙකි.  

දුක සහ වේදනාව මේ සමාජයේ මහා පොදු සාධකයන් ය. නමුත්  ජීවිතය මේ තරම් බර එකක් බව වෛද්‍යවරියන් දෙපළ මේ තරම් ගැඹුරු අත්දැකීමකින් දැන සිටියේ නැත. 

වෛද්‍යවරියන් දෙපළ නිරුත්තරව සිටියහ. ඔවුහු පොඩි එකා ලඟට ගත්හ. 

“පුතේ… පුතාට මොනවද ඕන…”  

දරුවා කල්පනා කරමින් සිටියේය. 

“කියන්න පුතේ…” වෛද්‍ය ගීතාංජලී නැවත දරුවාට කීවාය..

“ ඉස්කෝලෙට පයින් යනකොට වෙලාව යනවා මැඩම්. මට පරණ එකක් හරි කමක් නෑ… ඉස්කෝලෙ යන්න බයිසිකලයක් තිබුණොත් ඇති.” රවිඳු තමන් අකුරු කරන පාසලට යන්නේ බොහෝ විට පා ගමනිනි. එය කිලෝ මීටර තුනකට ආසන්න දුරකි.

වෛද්‍ය ගීතාංජලීට ඉඩ නොතබා වෛද්‍ය මාලනී ද සිල්වා   එදිනම  රවිඳුට අලුත්ම පා පැදියක් මිලදී ගෙන දුන්නාය.

වෛද්‍ය මාලනී ද සිල්වා   එදිනම  රවිඳුට අලුත්ම පා පැදියක් මිලදී ගෙන දුන්නාය

 මේ තොරතුරු අසමින් රවිඳුගේ කතාව සොයාගෙන අපි ඔහුගේ නිවස  පිහිටි ඉමදුව, හටන්ගල, විලේවත්ත  ගම්මානයට ගියෙමු.

මග අසාගෙන අප රවිදුගේ නිවසට යන විට  රවිඳුගේ තාත්තා ඇඳක් මත මුනින් වැතිරී සිටියේය. ඔහු හේවාගමගේ සුනිල් ශාන්ත (44) ය.  දරුවා ගෙදර පිරිසිදු කරමින් සිටියේය.   

පුංචි පුතා  සිනාමුසු මුහුණින් අපව පිළිගත්තේය.   දරුවා සිනාසෙමින් ආගිය තොරතුරු ගැනත් කතා කළේය. අපි ටික වෙලාවකින් අනතුරුව රවිඳුගෙන් තාත්තා ගැන විමසුවෙමු. 

“තාත්තා කාලෙකට කලින් තමයි ගහෙන් වැටිලා ඔත්පල වෙන්නේ. ඉන් පස්සේ අම්මත් මමත් තමයි තාත්තා බලා ගන්නේ.   පස්සේ අම්මගේ කකුලේ තුවාලයක් වුණා.   අම්මව ඉස්පිරිතාලෙ එක්ක ගියා . දැන් මම තාත්තගෙත් උදව්වෙන් ඉවුම් පිහිවුම් කරගෙන  අම්මා බලන්න කරාපිටිය රෝහලටත්   යනවා. ඒ හින්දා  පසුගිය දවස්වල  ඉස්කෝලෙ යන්නත් බැරිවුනා.”  රවිදු කිවේය. රවිඳු ගැන තවත් කතාවක් කිව යුතුය. මේ පුංචි දරුවා ඉගනීමට උපන් හපන්කමක් ඇති දරුවෙක් බව අපට කියන්නේ රවිඳුගේ ගුරුවරුය. 

රවිඳුගේ පියාවන සුනිල් ශාන්ත හේවා ගමගේ අපගේ කතාවට එක් වුනේය.

“ඇඳක වැටිලා ඉන්න හරි ඉන්න තැනක් නෑ මහත්තයො.   මේ ගේ හැම වැස්සකටම  ජලයෙන් යට වෙනවා. දැනටමත් පැත්තක් කඩා වැටිලා තියෙන්නේ. “ . ඔහු ඔත්පලව ඇඳේ වැතිරී කල්පනා කරන්නේ නොතෙමී ඉන්නට හැකි ආවරණයකි. 

රවිඳුගේ තාත්තා…

රවිඳු ගැන ගමේ මිනිස්සු කතා කරන්නෙත් මහා ආදරයකිනි. ඔවුන් කියන්නේ රවිඳු වැනි දරුවෙක් පමණක් වුවද අම්මා කෙනෙකුටත් තාත්තා කෙනෙකුටත් වාසනාවක් බවය.

අනුර ගමගේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ඔහු රවිඳුලා ගැන කී කතාව මෙසේ සටහන් කර තබමු.

“මේ දරුවා හරිම පින්වන්ත දරුවෙක්.  අපිත් පුලු පුලුවන් විදියට හැම වෙලාවෙම ඔහුට උදව් කළා. ගම්වාසී හැමෝමත් කළ හැකි මට්ටම්වලින් උදව් කළා. මේ දරුවාට ගෙයක් හදලා දෙන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. අපිත් ඕනෑම වෙලාවක ඒ සම්බන්ධයෙන් උදව් කරන්න සූදානමින් ඉන්නවා.    ඒ වගේම මේ දරුවා අනාගතේ හොඳ පුරවැසියකු  බවට පත් පත් කරන්න අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීම හරිම වැදගත්.”   හෙතෙම සඳහන් කළේය. 

දැනටමත් මේ නිවස හැදීමේ කාර්යයට ඉමැදුව ප්‍රාදේශීය ලේකම් ඒ එච්.එම්. නස්ලි ගේ උපදෙස් මත ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නිලධාරී සුසන්ත සමරනායකගේ නායකත්වයෙන් රාජ්‍ය හා සිවිල් සංවිධාන රැසක සහයෝගයෙන් කටයුතු ආරම්භ වී ඇත.   මේ වනවිට සුනිල් ශාන්තගේ නිවස තනා දෙන්නට බැංකු ගිණුමක්ද ආරම්භ කොට ඇත.               

ඒ සියලු පුවත් අසමින් රවිඳුලාගෙන් සමුගෙන පැමිණියෙමු. තවමත් ඒ රත්තරන් පුතා ගැන උපන් හැඟීම හදවත පාරවමින් ඇත. අප අපේ දරුවන් ගේට්ටුවෙන් එළියට තනියම යවන්නේ නැතිව ආරක්ෂා කරන්නේ දැයේ දරුවන් මේ වැනි අසීමිත වේදනා මැද ජිවිතය සමග සිනාසෙමින් අරගල කරන අතරය. 

මා ඉමදුව විලේවත්ත ගම්මානයේ දි දුටුවේ බෞද්ධ සාහිත්‍ය කතාංගවල එන බෝසත් පුතෙක් බව විශ්වාස කරමි. තවමත් කටේ කිරි සුවඳ නොගිය මේ පුංචි එකා සමාජයට ලබා දෙන ජීවිතාදර්ශය ඉදිරියේ අප කුරා කුහුඹු මිනිසුන් නොවේදැයි සිතේ. මේ දරුපැටියාගේ පහන් හෙට දින වෙනුවෙන් සමාජයක් ලෙස අපේ ඇති වගකීම ගැන සිහි කරමින් මේ සටහන නිමා කරමි.

අනේ ඒ පොඩි එකාට උදව් කරන්න. මම මට හැකි පමණ එය කරන බව ඔබට සපථ වෙමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිඥයෙක් රාජකාරියට බාධා කළ බව කියමින් පොළොන්නරුව සුරාබදු නිලධාරීහු පොලිසිය යති!

Next Post

වාහන ආනයනයට රජය IMF අනුමැතිය ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.