මෙරට සම්භාවනීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙන්ම විශිෂට පරිපාලන නිලධාරියෙක් වූ ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.
උතුරු-නැගෙනහිර වාර්ගික ගැටුම් අති වුන මුල් වකවානුවේ උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුරය දරමින් අමතක නොවන ආකාරයේ පරිපාලන පරිචයක් ප්‍රකට කළ ලයනල් ප්‍රනාන්දු අපේ රටේ ගෞවනීය කළාකාරිණියක වූ සෝමලතා සුබසිංහගේ ස්වාමි පුරුෂයා වූවාය. එමෙන්ම සම්මානිත රංගන ශිල්පිනියක මෙන්ම විද්වත් වෘත්තික කාන්තාවක වන කෞෂල්‍යා ප්‍රනාන්දුගේ පියානන් ලයනල් ප්‍රනාන්දු ය.
ලයනල් ප්‍රනාන්දු මහතා මිය යන විට 88 වැනි වියේ පසු විය. ඔහුගේ දේහය හෙට උදෑසන 9.30 සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි







