මෙරට තුළ තවත් කොවිඩ් මරණ 23ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම කොවිඩ් මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,057කි.
අද (17) දිනයේදී වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන 728කි.
මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 553,722කි.