තවත් කැබිනට් ඇමතිවරු 08 දෙනෙක් මීට ටික වෙලාවකට පෙර දිවුරුම් දුන්නේය.
- නව කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම වනජීවි වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර දිවුරුම් දුන්නේය.
- ඩග්ලස් දේවානන්ද ධීවර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
- බන්දුල ගුණවර්ධන ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස
- කෙහෙළිය රඹුක්වැල්ල ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. පසුගිය සිකුරාදා ඔහු සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස කැබිනට් ඇමති ධුරයේ පිහිටුවනු ලැබීය.
- රමේෂ් පතිරණ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය සිකුරාදා ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයේ දිවුරම් දී සිටියේය.
- විදුර වික්‍රමනායක බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙසත්
- නසීර් අහමඩ් පරිසර අමාත්‍යවරයා ලෙසත්,
- රොෂාන් රණසිංහ වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දුන්නේය.