සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලාව අනතුර – මිය ගොස් ඇති දරුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවෙක්….

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (10) දහවල් තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වන  සිසුවෙකු බව පොලීසිය පවසයි. මිය ගිය සිසුවා 411 ගම්මානයේ පදිංචි තලාව ජාතික පාසලේ ඉගනුම ලැබූ දරුවෙකි.

මේ දරුවා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වී යළි නිවෙස බලා යද්දී මේ ඛේදවාචකයට මුහුණ දී තිබිණි.

බස් රථයේ ගමන් ගත් තවත් 47 දෙනෙක් තුවාල ලැබූ අතර ඉන් 09ක් පාසල් සිසුන්ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන තිදෙනෙකුගේ  තුවාල බරපතල බව අනුරාධපුර ශික්ෂණ  රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් ආරියරත්න ප්‍රකාශ කළේය. ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දෙන බව ද ඔහු සහතික කළේය. එමෙන්ම අනෙක් කිසිම රෝගියෙකුට බරපතල තුවාල සිදුවී නැති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය.  සෞඛ්‍ය අංශ පවසන්නේ තත්ත්වය කළමනාකරණය කර ඇති බවය.

“කාර්යමණ්ඩලයක් විදිහට අපේ විශේෂඥ වෛද්‍ය වරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩල මේ වනවිට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා. “ රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

බස්රථය තලාවෙන් ගමන් කර ඇත්තේ අද දහවල් 12.30ට පමණය. තලාව නගරය පසු කර කිලෝමීටරයකට අධික දුරක් ගමන් කළ බස් රථය ජය ගඟ හන්දිය පසු කිරීමෙන් පසු අඩි 06ක් පමණ පහළට පෙරළී අනතුර සිදුවී තිබේ.

බස්රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 47  දෙනෙක් ගමන් කරමින් සිට ඇත. අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් සහ සමාන්‍යපෙළ විභාග සම්මන්ත්‍රණයකට සහභාගී වූ සිසුන් 09 දෙනෙකු ද ඒ වනවිට බස් රථය තුළ ගමන් කරමින් සිට ඇත.

අනතුර සිදුවූ වහාම තුවාලකරුවන් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබිණි. අනතුරුව තලාව රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් කර  කිරීමට කටයුතු සිදුවිය. මේ වනවිට 47 දෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් 31 දෙනෙක් කාන්තාවන් බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ආකාරය බස් රථයේ සිටි සිසුවෙක් මාධ්‍ය වෙත පවසා තිබිණි.

“ බස් එක ස්පීඩ් ආවා. බයික් එකක් ආවා. බයික් එක වැදුනා. බස් එක එක පැත්තකට කැපුවා. ආයෙම අනෙක් පැත්තට කැපුවෙ නෑ. එහෙම්ම පෙරළුනා.” සිසුවා කීවේය.

ප්‍රදේශවාසීන් කීවේ මේ පාර ඉතාම පටු බවය. අනෙක් පැත්තෙන් ගඟ ගලා යන බවත්, අනාරක්ෂිත ගස් විශාල ප්‍රමාණයක් ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසුහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති මරණීය දණ්ඩනය හිමි වූ බිහිසුණු පාතාල අපරාධකාර දෙමටගොඩ චමින්ද ලඟ ස්මාට් ජංගම දුරකථනයක් තිබී හමුවෙයි…

Next Post

දිල්ලියේ බිහිසුණු බෝම්බ ප්‍රහාරයේ සුල මුල හැකි ඉක්මනින් හෙළි කරගන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති කියයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.