මනම්පිටිය නිමල් ජයරත්න –
සොබා දහමේ අපූරුම චමත්කාරයකි. එකම තල්ගසක වඩු කුරුලු කූඩු සියයකට ආසන්න ප්‍රමාණයක් ඉදි වී වඩු කුරුළු ජනපදයක් බිහි වී ඇත. මේ ජනපදය සහිත තල්ගස පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්දෙනිය ගම්මානයේ දී දුටුවෙමි.
මේ වනවිටත් ඒ අපුරු ජනපදයේ තවත් කුරුළු නිවාස ඉදිවෙමින් ඇත. වඩු කුරුල්ලෝ නිවාසකරණයේ එක දිගටම යෙදෙමින් සිටිති.
මෙම වඩු කුරුලු කූඩු තල්ගස, නැරඹීම දැන් ප්‍රදේශවාසීන්ගේ විනෝදාංශය ය. එය කුතුහලය දනවන දැකුමකි. බොහෝ ආගන්තුකයින්ද මේ ඉසවුවෙන් යන ගමන් මේ අසිරිය නැරඹීමට එති.
මේ ඒ අසිරිය ය.








