තලතා අතුකෝරල කළ දීර්ඝ කතාව අපභ්‍රංශ බොරුවක් බවත් ඇය සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වන්නේ ඇයගේ දිස්ත්‍රික් නායකකම සම්බන්ධව ඇති වූ ප්‍රශ්නයක් නිසා බවත් සුජීව සේනසිංහ පවසයි.
ඊයේ (21) සමගි ජන බලවේග ප්රචාරක රැළියක් අමතමින් ත ඔහු කියන්නේ තලතා අතුකොරල ගත් තීන්දුව ඉතාම කැත එකක් බවත්, ගාමිණි අතුකෝරල කොතැනක සිට හෝ බලා ඉන්නවා නම් බලවත් කම්පාවට පත් වනු ඇති බවත්ය.
සුජීව සේනසිංහ මෙසේ ද පැවසුවේය.
මට හරි දුකයි මගේ පරණ මිත්‍රයා තළතා අතුකෝරල මැති තුමිය. එතුමියත් එක්ක මම දේශපාලනය පටන් ගත්තේ. ගාමිණී අතුකෝරල මහත්තයත් එක්ක මම වෙඩි කෑවේ 2001 දි. මම දුවලා නෙමෙයි වෙඩි කෑවේ. පාර මැද හිටගෙන ගාමිණී අතුකෝරල මහත්තයත් එක්ක.
පොලිසියට අභියෝග කරද්දි මගේ නඩුව පාඩම් කරන්නේ. සේනසිංහට එරෙහි රජය. පොලිසියේ අවම බලය යෙදීම සම්බන්ධයෙන්. SLR නඩුවක් ඒක. ඒ වෙලාවෙ මම දේශපාලනය කලේ තලතා අතුකොරල මැතිනියත් එක්ක. ඉතිහාසයක් තියනවා ලොකු.
මට දුකයි කියන්න. අතුකෝරල මහත්තයා ලැජ්ජා වෙයි බලාගෙන ඉන්නවා නම් එතුමිය ගත්තු තීන්දුව සම්බන්ධව. මේ පක්ෂය ඇතුළෙ අපටත් ප්‍රශ්න තියනවා. මේ නායකයො එනකොට මේ දක්ෂයො එනකොට අපෙත් පුටුව පොඩ්ඩක් එහාට යනවා. මේවා අපි විඳ දරා ගන්න ඕන. නාකයින්ට මේ සියලු දෙනා එකතු කරගන්න ඕන රට දියුණු කරන්න. තනියම කරන්න බෑ.
එහෙමනම් තලතා අතුකෝරල මැතිණියට ප්‍රශ්නයක් තිබ්බා දිස්ත්‍රික්කයේ නායකත්වය සම්බන්ධයෙන්. මම දන්නවා. එහෙම ප්‍රශ්න මටත් තිබ්බා. මේ ප්රක්ෂය හදන්න අපි විශාල පිරිසක් විශාල කැප කිරීමක් කළා. ඉතින් අපටත් ඒ ප්‍රශ්න තිබ්බා. ඒත් මූණත් එක්ක තරහා වුනා කියලා නහය කපා ගන්න බෑ අපට.
අපි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තරග කරන කාලෙත් අපට විශාල ප්‍රශ්න තිබ්බා. හැබැයි පක්ෂෙ අත්හැරලා ගියේ නෑ අපි. පාක්ෂිකයා අත් හැරලා ගියේ නෑ..
මම එතුමියට කියනවා ගත්ත තීන්දුව ඉතාමත්ම කැතයි. ඉතිහාසයක් තියනවා අපේ දේශපාලනයේ. එතුමිය දීර්ඝ කතාවක් කළා. ඒ සියල්ලම අප්‍රභංශ බොරු. ඒ තිබ්බ ප්රශ්නය දිස්ත්‍රික් නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මම ඒක දන්නවා. එහෙම කියලා ගියානම් නම්බුයි.
එයා ගියාට තව දහයකට විස්සකට අධික ප්‍රමාණයක් ඉන්නවා දක්ෂයො අපිත් එක්ක එකතු වෙන්න. 21 වැනිදා සියලු දෙනා එකතු කරන් මේ රට ගොඩගන්න ව්‍යායාමය පටන් ගන්නවා.







