සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරගයක් නෑ… පළමු විස්සයි 20 තරගය කඩුළු 07කින් දිනුම්… බංගලියන් අන්ද මන්ද කරමින් කුසල් සහ පැතුම් සුපිරි ආරම්භයක් ගනී…

by editor
ජූලි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළමු විස්සයි 20 තරගය කඩුළු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. එය පහසු ජයග්‍රහණයක් ලෙස දිස්වන්නේ පීඩනයකින් තොර විස්සයි විස්ස තරගයක ගැබ්වන ජවය සහ තරගකාරී ස්වරූපය ගිලිහී ගිය තරගයක් වු බැවිනි.

පල්ලේකැලේ ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. තරගයේ ටිකට්පත් අලෙවිය නිමා වී තිබුණේ දිනකට පෙරය. ක්‍රීඩා ලෝලීහු අවට ගොඩනැගිලි වහළ මත, ගස් උඩ ඉඳගෙන තරගය නැරඹූහ.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දු ඕවර 20 තුළ රැස් කළේ ලකුණු 154කි. ආරම්භක පිතිකරු පර්වේස් හොසසයින් ඉමෝන් ලකුණු 38කි මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32කි. මේහිඩි හසන් මිරාස් ලකුණු 29කි. ටන්සින් හසන් ලකුණු 19කි. ශමීම් හොසේන් පන්දු 05ක දී ලකුණු 14ක් ලබා නොදැවී කඩුල්ලේ සිටියේය. ලකුණු 150 සීමාවෙන් උඩට බංගලාදේශ කණ්ඩායම රැගෙන යන්නේ ෂමීම් හොස්සයින් සහ මොහොමඩ් නයිම්ය.

පන්දු යැවීමේ දී ශ්‍රි ලංකා පන්දු යවන්නෝ වගකීම් සහිතව සිය භූමිකාව කළහ. මහීෂ් තීක්ෂණ කඩුළු 02ක් ලැබුවේය. නමුත් ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 37ක් ලබා දුන්නේය. දසුන් ශානක ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත විය. ඔහු සිය පන්දු ඕවර 04 තුළ පිතිකරුවන්ට ලකුණු නොදී දැඩි පීඩනයක් එල්ල කළේය. ඔහුගේ පන්දු ඕවර 4ට ලබා ගන්නේ ලකුණු 22කි. එක් කඩුල්ලක් ලැබුවේය. ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු ඕවර 4ට ලකුණු 25ක් පමණක් ලබා දී කඩුල්ලක් දවා ගත්තේය. නුවන් තුෂාර ලකුණු 32ට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් බංගලි පන්දු යවන්නන්ට ගැහුවේ වඩාගෙනය. පැතුම් නිශ්ශංක දැවී යන්නේ ලකුණු 42ට ය. ඔහු 42 ලබා ගන්නේ පන්දු 16ක් තුළය. හතරේ පහර 5කි. හයේ පහර 3කි. පළමු කඩුල්ල බිඳී යනවිට ලකුණු 78කි. වැය වී තිබුණේ පන්දු ඕවර 4.4ක් පමණි. ප්‍රේක්ෂකයින් හිතුවේ පන්දු ඕවර 10ක් නිමා වෙන්නත් පෙර තරගය නිමාවන ලකුණුය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කුසල් අදත් අර්ධ ශතකයක…

එහෙත් ඉන් අනතුරුව ක්‍රීඩාව වඩාත් සංයමයකින් ගොඩනගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් තීන්දු කරන තිබුණ බව පෙනුනි. පන්දු ඕවර 20ක් තියනවා නම් හදිසිස්යක් අහවල් දේකට දැයි සිතුවා සේ ක්‍රීඩා කරන ආකාරය ඉන් අනතුරුව දිස් විය. පැතුම්ට නොදෙවෙනි වේගයකින් ආරම්භය ලබා ගත් කුසල් පැතුම්ගේ දැවී යෑමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සිය පිතිකරණ රටාව වෙනස් කරගෙන ටෙස්ට් තරගයක ක්‍රීඩා ලෙස හිමින් සැරේ ලකුණු රැස් කරන්ට වුයේය. ඔහු දැවි යන්නේ ලකුණු 73ක දීය. මුල් ආරම්භය කොතරම් වේගවත වී දැයි කිවහොත් දෙවැනි අර්ධයේ හිමිහිට පිතිකරණය කරගෙන ගියත් ලකුණු 73 දී දැවි යන විට එම ලකුණු ප්‍රමාණය ලබා ගන්නට ඔහුට වැය වී තිබුණේ පන්දු 51ක් පමණි.

තරගයේ දී වූ අලංකාරවත්ම පන්දු රැකීම සිදුවන්නේ කුසල් මෙන්ඩිස් දැවී ගිය අවස්ථාවේ දී ය. මොහමඩ් සයිෆුඩින්ගේ පන්දුවක් කුසල් ගේ පිත්තේ පිටත දාරයේ වැදී හිසට ඉහළින් ඇදී යනවිට අහසට පැන තමන් පසුකර යන පන්දු උඩපන්දුවක් සේ තනි අතින් රැක ගන්නා ෂමීම් හොසේන් ගැන ජාත්‍යාන්තර විචාරකයෝත් වැඩි අවධාරණයකින් කතා කළහ.

කුසල් ජනිත් පන්දු 25ක දී ලකුණු 24ක් ලබා දැවී ගියේය. ඒ වනවිට මුලු ලකුණු සංඛ්‍යාව 120කි. පන්දු ඕවර 12.5ක් ගොස් තිබිණි.

කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු තරගය නිමා කරන්නේ අවිශ්ක සහ චරිත්ය. චරිත් ලකුණු 6කින් ජයග්‍රහණය සටහන් කරන්නේ 19 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දීය. පන්දු ඕවරයකට කලින් තරගය නිමා විය. පන්දු යැවීමේ දි මොහොමඩ් සයිෆුඩින්, මෙහිදි හසන් මිරාස් සහ රිෂාඩ් හොසේන් කඩුල්ල බැගින් ලැබූහ.

තරගාවලියේ ඉතිරි තරග දෙක දඹුල්ලේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි!

Next Post

රජයේ රෝහල්වලට අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ ප්‍රමාණයක් ඇමරිකාවෙන් පරිත්‍යාග ලෙස ලබා දෙන්න එකඟ වෙලා!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.