තඹුත්තේගම මුදුනේගම ප්‍රදේශයේ තිබී හිස් T-56 ෂෙල් කොපු සහ ජීව උණ්ඩ 15,000 ක් පමණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව මුදුනේගම පාසල අසලින් මෙම උන්ඩ තොගය ගැනීම සිදු කර ඇති අතර, හඳුනා නොගත් කණ්ඩායමක් විසින් උණ්ඩ කොපු ප්‍රවාහනය කර එම ස්ථානයට දමා ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පූර්ණ පරිමාණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







