බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ටම වෙඩි තියාගෙන රටින් පැන්න තුට්ටු දෙකේ නළුවාගේ  දුටු ගැමුණු නාඩගම…

by editor
ජූනි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගේ වාහනය ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීම ඔහුගේ ද සම්බන්ධතාවයක් ඇතිව කළ සැලසුමකට අනුව සිදුවූ නාටකයක් බව හෙළි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (13)  දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ පොලිසියට නොදන්වා මේ වනවිට විදේශගතව සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම ද අදාල වෙඩි තැබීමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවය.

රටක් පාවා දෙමින් තුට්ටු දෙකේ මන්ත්‍රී නළුවා කළ ජඩ රංගනයේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නළු උද්දික ප්‍රේමරත්නට 2023 සැප්තැම්බර් මස 17 වැනිදා නාඳුනන තුවක්කු කරුවෙක් විසින් වෙඩි තිබ්බේය. ඒ  රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණි  අවස්ථාවේ ය.

වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ එදින රාත්‍රී 10.20ත් 30ත් අතර කාලයේ දීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුවිය.   වෙඩි ප්‍රහාරයෙන්  ඔහුට කිසිදු අනතුරක් සිදුවූයේ නැත. නමත් මාධ්‍ය හමුවේ ඉතාම සංවේදී ස්වරයෙන් ඔහු පැවසුවේ ඔහුගේ ජීවිතය අනූ නවයෙන් බේරුන බවය.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ඇති ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල සිය මෝටර් රථය නතර කොට පිවිසුම් දොරටුවෙන් නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. මන්ත්‍රීවරයා රථයෙන් බැස්සාට පස්සේ වෙඩික්කරු රථයට වෙඩි තබා ඇති ආකාරය පොලිසිය නිරීක්ෂණය කළේය.

මෙම වෙඩි තැබීම මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර කීපයක්  සිදු කර තිබෙන ආකාරයක්ද දක්නට ලැබෙන බව පොලිසිය කීවේය..    .

වෙඩි තබා තිබුණේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකිනි.

වාහනයට වෙඩි වැදුන අවස්ථාව

පාර්ලිමේන්තුවේ කතා කරයි

වැඩේ දැන් හරිම උණුසුම් මාතෘකාවක් මැව්වේය.  තමන්ට වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ    පවතින ක්‍රමය විසින් බව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා වෙඩි තැබීමෙන් දෙදිනකට පසු එනම්  2023 සැප්තැම්බර් මස 19 වැනිදා හැඟීම් බර ප්‍රකාශයක්  පාර්ලිමේන්තුවේ දී   කළේය.

මොන ගැටලු පැන නැගුන ද, මොන අභියෝග ඉදිරිපත් වුවද මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් කැපවන බව ද මන්ත්‍රීවරයා කීවේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

“වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් කරගෙන යනවා. ඒ අවස්ථාවේ මං ගැන සොයා බලපු හැමෝටම ස්තුතියි.”

“මේ සිද්ධිය කලෙ කවුද මොන පුද්ගලයොද කියන එකට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් වෙන්න ඕන මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ”

“අපි මුලු පාර්ලිමේන්තුවම දන්නවා අපේ රටේ තියන ක්‍රමය වැරදියි කියලා. මුලු රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා.  සමාජ ක්‍රමයත් වැරදියි. අප කරගෙන යන දේශපාලන ක්‍රමයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමයි මුළු රටම අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.”

“අපි මේක නිවැරදි තැන හොයා ගන්න ඕන. වෙනස් වෙන්න ඕන තැන කොතැන ද කියලා හොයාගෙන ඒ වෙනුවෙන් රටේ ජනතාව සහ දේශපාලන නායකයන් වැඩ කරන්න ඕන.”

“ඒ වෙනස  වෙනුවෙන් තමන් කටයුතු කරන බව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කීවේය.”

මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු ද  දැඩිව අවධාරණය කළහ. ප්‍රහාරය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධව ඔවුහු දැඩිව කථානායකවරයාගෙන් ඉල්ලූහ.

වෙඩි වැදුන වාහනය

රට පැන්න හැටි

පාර්ලිමේන්තුවේ විශේෂ අවධාරණය මත  විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන ගියේය.   2024 පෙබරවාරි මස 26 වැනිදා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්  වන බවට කථානායකවරයාට ලිපියකින් දන්වා තිබිණි.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න  එලෙස ඉල්ලා අස්වෙන විටත් සිටියේ කැනඩාවට සංක්‍රමණය වී ය. ඔහු කථානායකට ඉල්ලා අස්වීමේ ලිපිය එවන්නේ කැනඩාවේ සිටය.     තමන්ගේ වාහනේට වෙඩි තැබීමක්ද සිදුවී තම ජීවිතයට අන්තරායක් ඇති බව කියමින් මේ පුද්ගලයා  කැනඩා වීසා අයදුම් කර දේශපාලන රැකවරණ යටතේ ඒවා ලැබී පසුගිය දෙසැම්බර් මාසයේ සිටම බිරිය සහ දරු දෙන්නා සමග කැනඩාවේ පදිංචියට  තිබිණි.

බිරිඳ සහ දරු දෙදෙනා සමග කැනඩාවට ඔහු ගොස් ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 24 වැනිදා එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ. කේ. 651 දරන ගුවන් යානයෙන් ඩුබායි හරහාය.

විමර්ශන

විමර්ශකයින්ට මුල සිටම මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධව සැක කටයුතු තැන් නිරීක්ෂණය වී තිබිණි. මේ බරපතල සිදුවීම  සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී හෙළි වී තිබුනේ  නීත්‍යානුකූළ ක්‍රියාපටිපාටියෙන් තොරව විදේශගතවී සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සහ ඔහුගේ හිතමිතුරු උද්දික ප්‍රේමරත්න නළු මන්ත්‍රීවරයා  විසින් එකට එක්ව සැලසුම් කර  එම වෙඩි තැබීම  සිදුකරවා රටේ විශාල මාතෘකාවක් නිර්මාණය කිරීමෙන් පසු තමන්ගේ පුද්ගලික අභිලාෂයන් ඉටු කරගැනීමේ නින්දාසහගත කටයුත්තක නිරත වී ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ හෙළි දරව්ව

සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද මෙසේ සිද්ධිය පිළිබඳව අනාවරණය කළේය.

Nihal-Thaduwa
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

“සංජීව මහානාම කියන සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගත වෙලා තියනවා පෙරේදා දිනයේ දී. ඔහු මේ වනවිට සේවය කරමින් සිටියේ පොලිස් නාරාහේන්පිට  ප්‍රවාහන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන්.  සාමාන්‍ය නීත්‍යානුකූල ආකාරයෙන් ඔහු විදේශගත වුනත්, රජයේ නිලධාරියෙක් වශයෙන්, වගකිවයුතු පොලිස් නිලධාරියෙක් වශයෙන්  ශ්‍රී ලංකා  පොලිසියට දැනුම් දීලා නිසි අවසරයකින් නෙමෙයි ඔහු විදේශගත වෙලා තියෙන්නෙ.”

“පොලිස් නිලධාරියෙක් ලෙස පොලිසියට ඔහු දැනුම් දීල  තිබුණෙ නෑ. ඒක තමයි ඔහු කළ වරද. ඔහු සම්බන්ධව විමර්ශනයක් සිද්ධ වුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. පසුගිය කාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙකු ගමන් කළ කාර් රථයකට ඒ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට වෙඩි තැබිමක් සම්බන්ධයෙන්. ඒ වෙඩි තැබීම මෙම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සැලසුම් සහගතව සිදුකළා කියන එක අනාවරණයක් වෙලා තියන බවට විමර්ශනවලදී නිරීක්ෂණයක් සිද්ධ වුනා.”

“මන්ත්‍රීවරයා සහ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා දන්නා හඳුනන පුද්ගලයො හැටියට දෙදෙනා විසින් එකට සාකච්ඡා කරලා  සැලසුම් කළ සිද්ධියක් බව තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ විමර්ශන අනුව.”

“මේ වනවිට විමර්ශන කටයුතු පැවැත්වෙනවා. නමුත් යම් කිසි අනාවරණය වීමක් නිසා වෙන්න පුලුවන් මේ වනවිට මෙම නිලධාරියා විදේශගතවෙලා තියෙන්නේ. අපට ඒ බව හරියටම කියන්න බෑ. “

“දැනට තියන තොරතුරු අනුව ඔහු කටුනායක ගුවන්තොටුපලට ගිහින් තමන්ගේ රාජකාරි ගිනි අවිය වෙනත් ඔහුගේ හිතවතෙක් අතේ ඔහු සේවය කළ ස්ථානයට යොමු කර ඇති බව තමයි  තොරතුරු තියෙන්නේ. “

“ඒ අනුව දැනුම් නොදී විදේශගත වීම, ඔහුගේ ගිනි අවිය අක්‍රමවත් ලෙස පොලිසියට භාර දීමට කටයුතු කිරීම වැනි චෝදනා සම්බන්ධව අදාල පරීක්ෂණ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.”

“දැනට නිරික්ෂණය වෙලා තියෙන්නේ මොහු මැලේෂියාවට ගිය බවටයි. “

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේය.

අප රැල්ලට ඡන්දය දී පාර්ලිමේන්තුවට යවා ඇත්තේ මේ වැනි ගොබ්බයන්ය. ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ දුටුගැමුණු චිත්‍රපටයේ දුටුගැමුණුට රඟ පෑම නිසා දුටු ගැමුණු යැයි උද්දිකට රැවටුන ප්‍රේක්ෂකයන්ට ඔහු අන්තිමට පට්ටම නාට්‍යයක් පෙන්නුවේය.

අනුරාධපුරේ ඇත්තන්ට දැන් සතුටු ඇති බව විශ්වාස කරමු. එහෙම සතුටක් මින් පෙර අපිත් භුක්ති වින්දෙමු. ඒ ගම්පහින් පබා මෙගා නාට්‍යයේය රඟ පෑ නිළිය  පාර්ලිමේන්තුවට තෝර එවීමෙනි.   මේ බලාගෙන ඉන්නේ  අපේ උන් ඊලඟ ඡන්දයේදීත් රටට මේ වැනි ආතල් එකක් දෙන තුරුය.

එහෙත් කරුමය වන්නේ අප   මෙවැනි ආතල් ගනිමින් ඉන්නේ අපේ පොඩිඋන් අපේ අතින්ම මරා වළ දැමීමේ අපරාධයත් සමග වීමය.

.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්

Next Post

මහින්දානන්ද මට ගැහුවේ නෑ කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්… අත්අඩංගුවට ගැනීම් නෑ… මම නඩු යනවා…. ගුණතිලක රාජපක්ෂ අවධාරණ්‍ය කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.