ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්, චීන තාක්ෂණික සමාගමක වන ‘නෙක්ස්පීරියා’ සතු බ්‍රිතාන්‍යයේ විශාලතම මයික්‍රොචිප් කර්මාන්තශාලාවේ කොටස්වලින් අවම වශයෙන් සීයට 86ක් අලෙවි කරන ලෙස බ්‍රිතාන්‍ය රජය පසුගිය දා එම ආයතනයට දැනුම් දුන්නේය.
2021 දී නෙක්ස්පීරියා සමාගම නිව්පෝර්ට් වේෆර් ෆැබ් සමාගම මිලට ගත් අතර සිදු කරන ලද විමර්ශනවලින් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසට හඳුනා ගත් බව ව්‍යාපාර අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ
“රටේ දියුණුවට හා රැකියා උත්පාදනයට සහය දෙන විදේශ කර්මාන්ත හා ආයෝජන අපි ආදරයෙන් පිළිගන්නවා. නමුත්, ජාතික ආරක්ෂාවට අවදානමක් ඇති බව හඳුනා ගත් සැණින් අපි ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නවා..” යනුවෙනි.
තාක්ෂණය හා ගනුදෙනු කරන විට ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇතිවෙන බවත්, අර්ධ සන්නායක ක්‍රියාකාරකම් මඟින් බ්‍රිතාන්‍ය හැකියාවන් අඩපණ කිරීමට අවස්ථාව තිබෙන බවත් බ්‍රිතාන්‍ය රජය, සිය තීරණයට හේතු ලෙසින් පෙන්වා දෙයි.
කෙසේ වෙත්ත ‘නෙක්ස්පීරියා’ සමාගම පවසන්නේ ජාතික ආරක්ෂාව තර්ජනයක් බව පවසමින් සිය ආයතනයේ කොටස් විකුණන්න යැයි පැවසීම සාධාරණ නොවන බවයි.