සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල කිවුල්ආර ප්රදේශයට කඩා වැදුණු වන අලියෙකු අද (26) පෙරවරුවේ කිවුල්ආර ප්රධාන මාර්ගය දිගේ දිව දිව යමින් ගම් වැසියන් භීතියෙන් මුසපත් කළ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ලැබී තිබේ.
ගම්මානයට කඩා වැදුණු වන අලියා ප්රධාන මාර්ග දිගේ දිව යන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වීය.
ගම්මුන් පවසන්නේ තනමල්විල කිවුල්ආර ප්රදේශයට දිනපතාම රාත්රී කාලයේ වන අලි කඩා වදින බවත් , එලෙස රාත්රී කාලයේ ගම් වැදුණු වන අලියෙකු වගාවන් රැසක් විනාශ කර දමා අනතුරුව උදෑසන මෙලෙස මහා මාර්ගය දිගේ දිවගිය බවත්ය.
ගම්මානය වටා විදුලි වැටක් ඇතත් වන අලි දිනපතා එම වැට පෙරළාගෙන ගම් වදින බවටද ගමුන් චෝදනා කළහම. පාසල් දිනයක උදෑසන මෙම වන අලියා මාර්ගයේ මෙලස දිව ගියේ නම් විශාල අනතුරක් සිදුවන්නට තිබූ බවත් , ඉරිදා දිනයක මෙම සිදුවීම සිදු වූ බැවින් සිදුවන්නට ගිය දැඩි විනාශයක් වැලකුණු වුණු බවද ගම්මු කීහ. ඔවුන් මේ බව පැවසුවේ පාසල් මිදුලේ පිරිසිදු කරමින් සිටි මවක් පාසල් භූමියේ රැඳී සිටි වන අලියෙක් විසින් ඝාතනය කිරීම පිළිබඳ මීට දින හතරකට පෙර අරලංගවිලදී සිදුවූ සිද්ධිය මෙනෙහි කරමිනි.
මේ නිසා කඩිනමින් ගම්මානය ආවරණය වන පරිදි ඇති විදුලි වැට ශක්තිමත් කර දෙන ලෙසත් හා වන අලි ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙනන ලෙසත් ජනතාව වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.







