සූරියවැව නුවන් ජයසේකර
-
සිද්ධිය ආවරණය කළ මාධ්‍යවේදීයාට හා විරෝධතාකරුවන්ට සැකකාර සිසුවෙකුගේ පියෙක් පොලිසිය ඉදිරිපිටම තර්ජනය කර පහර දීමට උත්සාහ කරලා…. පොලිසිය මැදිහත්ව තත්වය පාලනය කරයි.
තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ දැරියක සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් දාහත් දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන අවේය.

එම අවස්ථාවේ දී කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් එක්ව අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.
එහිදි විරෝධතාවයේ නිරත පිරිසට එක් සැකකාර සිසුවෙකුගේ පියෙකු විසින් තර්ජනය කිරිම සිදුකළ අතර එය වාර්තා කිරිමට ගිය රූපවාහිණී මාධ්‍යවේදියාටද පොලිස් නිලධාරීන් බලා සිටියදීම අදාල පුද්ගලයා විසින් තර්ජනය කෙරුණි.

තණමල්විල දැරිය සමුහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කාන්තාවක හා සිසුන් තිදෙනෙකු හා බණ්ඩාරවෙල පරිවාස මධ්‍යස්ථානයේ රඳවා සිටින සිසුන් 14 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටින විද්‍යාලයේ විදුහල්පති වරයා ,නියෝජ්‍ය විදුහල්පති වරයා හා ගුරුවරියන් දෙදෙනකෙකුද අධිකරණයට පැමිණියේය.
සැකකරුවන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ මෙම විරෝධතාවය පැවැත්විණි.







