බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

by Lanka Sara Editor
ජනවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අවශ්‍යතාව සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් ලෙස වැඩි මිලට ගල් අඟුරු මිලදී ගැනිමට මේ වනවිට විදුලිබල අමාත්‍යංශය සහ ලකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති බවත් එයින් රුපියල් මිලියන 1800ක පමණ අලාභයක් රටට සිදුවනු ඇති බවත් හිටපු අමාත්‍ය සහ සමගි ජනබලපවේග පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 60ක මිල මට්ටමක පැවතුණද මෙම හදිසි මිලදී ගලැනීමේදී ටොන් එකකට ඩොලර් 90ක් ගෙවීමට පිනමිත බවත් ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමේදි එක ටෙන් එකකින් ඩොලර් 30ක් ලෙස අහිමි වන මුදල ශ්‍රි ලංකා රුපියල්වලින් මිලියන 1800ක් පමණ වනු ඇති බවද ඔහු සෙමහිදි ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රිවරයා
“පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉතාම බලගතු චෝදනාවක් විදුලිබල මණ්ඩලයටත්, ලංකා ගල් අඟුරු සමාගමටත්, විදුලි බල අමාත්‍යාංශයටත් එල්ල කළා. ඒ තමයි වැඩි මිළට නැවතත් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සිදුවෙන බව. අපි දන්නවා මේ සෙල්ලම මේ ගල් අඟුරු බලාගාරය ආරම්භ කළ දවසේ සිට සිදුවෙමින් පැවතුණ ක්‍රියාදාමයක් බව. පුත්තලමේ ගල් අඟුරු බලාගාරයේ පළමු පියවර වෙච්ච 300MW වැඩ කරන්න පටන් ගත්තෙ 2010 වර්ෂයේ මැද භාගයේ සිට. 2013 වර්ෂයේ සිට තවත් 600MW ක් බල පද්ධතියට එකතු වුණා.

ඒ බල පද්ධතියට එකතුවීමත් එක්ක අපි දන්නවා ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් පමණ අවශ්‍යයි රටට විදුලිය උත්පාදනය කරන්න වර්ෂයකට. දැන් මේ බලාගාර ක්‍රියාත්මක වෙලා අවුරුදු 10 කට කිට්ටුයි. මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ අකාරයට නිවැරදිව ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා විධික්‍රම හඳුන්වා දී තිබෙනවා. උදාහරණයක් හැටියට මා බලශක්ති ඇමතිව සිටි කාලයේ 2015 දී වසර තුනකට වරක් ගෙන්වන අඛණ්ඩ ගල් අඟුරු සැපයුම පිළිබඳ (Term Tender) විධිමත් භාවයක් ඇතිකළා පමණක් නෙවෙයි, හදිසි තත්ත්වයක් යටතේදී වංචා සිදුවීම වැළැක්වීම සඳහාත්, හදිසි මිලදී ගැනීම් සඳහාත් ක්‍රියාදාමයක් හඳුන්වලා දුන්නා. ඒ මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට පහසු ආකාරයට, ලාභදායී ආකාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනයට ක්‍රියාමාර්ග ඇති කරල තියෙනවා.

ඒ වගේම විගණකාධිපතිවරයා විසින් 2009 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී සිදුවෙච්ච අක්‍රමිකතා පිළිබඳ විධිමත් වාර්තාවක් සකස් කරල ඒ විධිමත් වාර්තාව මත යම් යම් නිර්දේශ නිගමන ලබාදීල තියෙනවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ පරණ සෙල්ලමමයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

2008 දී පළමුව මේ බලාගාරය 2010 දී ආරම්භ වෙනවාය කියන පදනම මත පළමු ටෙන්ඩරය ආරම්භ කළා. ඒ ටෙන්ඩරය 2009 දී අවලංගු කරල නැවත කැඳවනු ලැබුවා. එම ටෙන්ඩරය ප්‍රදානය කරපු Noble Resources සමාගමට එය ලබාදීම සඳහා ඉතාමත්ම වැරදි ආකාරයට කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ බවත්, ඒ වගේම එම ක්‍රියාවලිය පිටුපස නිලධාරීන්, ඉහළම ගණයේ දේශපාලකයින් සිටිය බවත් ඉතාම පැහැදිළියි. ඒ සම්බන්ධයෙන් මම කෘතියක් ලියල තියෙනවා ‘බලය සහ බලය’ නමින්. මෙම ටෙන්ඩරයෙ නියම ජයග්‍රාහකයාට එය ලබානොදී සිටීමට අනුගමනය කරපු තාක්ෂණික මංකොල්ලය පිළිබඳව මා එහි සඳහන් කරලා තියෙනවා.

අවුරුදු තුන පිරුණට පස්සෙ නැවත ටෙන්ඩරයක් කැඳවීමට 2013 දි එවකට හිටිය ඇමතිනිය ක්‍රියාකළා. නමුත් එයත් අර විදියටම අබාධ සහගත තත්ත්වයට පත් කරල නොයෙක් ආකාරයේ කොන්දේසි පනවල පරණ ටෙන්ඩර්කරුටම එනම්, Noble Resources සමාගමට ම ලබාදුන්නා. 2014 දි තවත් වතාවක් මෙය ආරම්භ කළා. එය මා අමාත්‍ය ධුරය දරන අවස්ථාවේදීත් පැවතුණා. ඒ අවස්ථාවේදී යම් යම් වංචනික ආකාරයට ක්‍රියාදාමයන් සිදුකරන්න ගිය නිසා තමයි මට සිද්ධ වුණේ ඒ අවස්ථාවේදී ක්ෂණික මිලදී ගැනීම් (spot tenders) හඳුන්වල දෙන්න ගල් අඟුරු බලාගාරයේ හිඟයක් ඇතිවීම වැළැක්වීමට. මොකද හැම වෙලාවෙම මේ වංචනිකයින් සිදු කරන්නේ ගල් අඟුරු හිඟයක් ඇතිවෙනවා, විදුලිබල කප්පාදුවක් ඇතිවෙනවා, ඒ නිසා අපි වැඩිමිලට හෝ පැරණි ටෙන්ඩර්කරුගෙන්ම හෝ ගම්මු කියන අදහස, මතය ඉදිරිපත් කිරීමයි සිද්ධ කරන්නේ. ඒ ක්‍රියාදාමය 2008 ඉඳන් මේ දක්වාම අඛණ්ඩවම සිදුකරගෙන ඇවිල්ල තියෙනවා.

එය බිඳ දැමීමට මා දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට මට ඒ අමාත්‍ය ධුරය නැතිවුණා. මොකද ක්ෂණික මිලදීගැනීමක් කියල 2012 වර්ෂයේදී අපටත් නොදන්වා ගල් අඟුරු නැව් 05 ක් ගෙනාවා. ටෝරියන් කියන සමාගම විසින්. ඒ ටෝරියන් කියන සමාගමට ගෙන්වපු නැව්වලට ගෙවිය යුතු මුදල, ඒවා නිසි ප්‍රමිතියෙන් නොතිබුණු නිසා මා විසින් වැළැක්වීම ප්‍රධාන හේතුව වුණා ඒ අවස්ථාවේදී අමාත්‍ය ධුරය මට අහිමි කිරීමට. ඒ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට මට ඉඩ ලබාදුන්නෙම නෑ අවසන් වසර දෙකේදි, මොකද පළමු වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉතිහාසයේ වසර 15 කට පසු ලාභ උපයන ආයතනයක් බවට පරිවර්ථනය වීම දරාගත නොහැකි නිලධාරී මාෆියා කල්ලියක් විසින් තමයි ඒක කළේ.

කෙසේ නමුත් අපි දන්නවා ඒ ටෝරියන් සල්ලි වලින් තමයි ඔය ඇතැම්මු චන්ද්‍රිකා යැව්වයි කියල උදම් අනන්නෙ. ඒ පිළිබඳව නිසි විමර්ශනයක් තාමත් සිදු කරල නෑ අපි ස්ථාන ගණනාවකට පැමිණිලි කළා.
දැන් නැවත සෙල්ලම පටන් අරන්. විධිමත් ප්‍රසම්පාදනය ක්‍රියාවලියක් අනුගමනය නොකිරීමේ ප්‍රතිඵල හැටියට දැන් නැවත වතාවක් පටන් අරන් තියෙනවා ක්ෂණික මිලදීගැනීම්. එහි වරදක් නෑ එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාධා එල්ලවෙලා තියෙනවනම්. නමුත් දැන් වෙලා තියෙන්නෙ මොකක්ද එක ක්ෂණික මිලදී ගැනීම් අවස්ථාවක ඩොලර් 59 කට පමණ ලබාගත් ගල් අඟුරු ටොන් 01 දැන් ඩොලර් 90 කට ලබාගන්න යනවා. ඒ මොකද මීට වඩා අඩුවෙන් ගල් අඟුරු මේ වෙලාවෙ ලබාගන්න නොහැකිය කියන මතය එක්ක.

සමහර සීත කාලවලදී ඉන්ධන මිල ඉහළයාමක් තියෙනවා සීත රටවල පවතින තත්ත්වය නිසා. නමුත් දැන් මුළු ලෝකය පුරාම ඉන්ධනවලට තිබෙන ඉල්ලුම සීග්‍රයෙන් අඩුවෙලා තියෙනවා මේ කෝවිඩ් වසංගතය නිසා. ඒ නිසා ගල් අඟුරු මිලත්, තෙල් මිලත් පාලිත තත්ත්වයකයි තියෙන්නෙ. ගල් අඟුරු මිල ගත්තොත් ඩොලර් 50 – 60 ත් අතර පාලිත තත්ත්වයකයි තියෙන්නෙ. විශේෂ ස්ථාන කිහිපයක, උදාහරණයක් හැටියට චීනය හා ඕස්ට්‍රේලියාව අතර ඇතිවෙලා තියෙන වෙළෙඳ යුද්ධය නිසා මතුවෙලා තියෙන කාරණා හැරුණුකොට අනෙක් ස්ථානවල සාමාන්‍ය තත්ත්වය මේකයි.

දැන් ඒ අනුව ස්වික් ඉන්ටර්නැෂනල් කියන ආයතනයට ස්වික් AG කියන ආයතනයට මේ ගල් අඟුරු ටෙන්ඩරය ලබාදෙන්න යනවා ඩොලර් 90 කට ටොන් 01 බැගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිටත. මෙයින් අදහස් වෙන්නේ මොකක්ද ? මීට ආසන්නයෙන් ගෙනාපු ගල් අඟුරු තොගය ඩොලර් 60 කට ගේනකොට මේ ගල් අඟුරු තොගය ඩොලර් 90 කට ගේනකොට හැම ටොන් එකකින්ම ඩොලර් 30 ක් රටට, විදුලිබල මණ්ඩලයට පාඩු කරමින් තමයි මෙය සිදුවන්නේ. මේ මඟින් සිදුවන සමස්ථ පාඩුව කොච්චර ද ? ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් ගේන්න යනවා. ඒ අනුව සමස්ත පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,800 ක් පමණ වෙනවා. මේ පාඩුවේ එක කොනක් පමණයි.

මෙයින් පෙනී යන්නේ කුමක්ද ? නැවත වතාවක් විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු මාෆියාවේ සෙවණැලි වැටෙමින් තිබෙන බවයි. විදුලිබල මණ්ඩලයට කලින් අරක්ගෙන හිටපු බලගතු නිලධාරීන් අද වෙනත් පදවිවලට පත්වෙලා මේ පසුපස සිටින බව ඉතාම පැහැදිළියි.මේ මණ්ඩලයේ සිටින ඇතැම් නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ පසුපස සිටින බව පැහැදිළියි.
මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අමාත්‍යවරයා හෝ ලේකම්වරිය හෝ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිස යම් ආකාරයකට මේකට සම්බන්ධදැයි කියන්න අපි දන්නෙ නෑ, නමුත් නිශ්චිත විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. මේ ක්‍රීඩාව නැවත පටන් අරන් තියෙනවා මේ බාල සෙල්ලම මේ රටේ ගල් අඟුරු යොදාගෙන විදුලිබල මණ්ඩලය ප්‍රාණ ඇපයට අරගෙන. අද වෙනෙකොට විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා වැටුප් පිළිබඳව. වසර තුනකට වරක් ලැබෙන වර්ධකයත්,ඉංජිනේරුන්ගේ වැටුප් ශ්‍රේණි සම්බන්ධයෙන්. නැවත වතාවක් රට විදුලිබල අර්බුදයකට යවල ධනය මංකොල්ල කෑමක නිරතවෙන බවනම් පැහැදිළියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

Next Post

මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.