අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

by editor
මැයි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ විදේශ සංචිත හානි වීමට දැඩි බලපෑමක් එල්ල කළ තීන්දුව වූ  විනිමය අනුපාතය ස්ථාවරව තබා ගත යුතු බවට වූ ස්ථාවරයේ රජය දිගටම කටයුතු කළ බවත් මුදල් මණ්ඩලයේදී අදාළ ස්ථාවරයට එරෙහිව තමන් ඇතුළු දෙදෙනකු පමණක් විරුද්ධව අදහස් දැක්වුවද මුදල් මණ්ඩලයේ බහුතර තීරණය ක්‍රියාත්මක වූ බවත් මුදල් මණ්ඩලයේ සාමාජිකාවක වන ආචාර්ය රාණි ජයමහ   පසුගියදා කෝප් කමිටුව ඉදිරියේ අනාවරණය කළාය.

ඇය මේ බව සඳහන් කළේ මහ බැංකුවේ නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

මහ බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කොට නියෝජ්‍ය අධිපතිනියක ලෙසින් විශ්‍රාම ගිය ආචාර්ය ජයමහ   පසුව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කළාය. 2020 වසරේ ජූනි මාසයේ සිට මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ඇය කෝප් කමිටුව හමුවේ තවදුරටත් සඳහන් කළේ ඒ කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන ස්ථාවරයක සිටි ආකාරයෙන්ම විනිමය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අනුපාතිකයද ඉහළ පහළ යා නොදී ස්ථාවර මට්ටමක රැක ගත යුතුය යන අදහසක රජය කටයුතු කළ බවය.

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් ආචාර්ය රාණි ජයමහ මහත්මිය මෙසේ පැවසුවාය.

“රජය හිටියේ විනිමය හුවමාරු අනුපාතය ස්ථාවරව තබා ගත යුතුය යන මතයේ. එවිට රජයේ ණය අනුපාතිකයන් එච්චර නරක විදිහට පේන්නේ නෑ, ගෙවන්න තියන ණය වැඩි වීමක් වෙන්නේ නෑ කියන මතයේ තමයි හිටියේ. අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නෑ කියන මතය වගේම   මතයක රජය හිටියේ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් මූල්‍ය මණ්ඩල සාමාජිකයන් ලෙස මමත් සංජීව ජයවර්ධනත් මේකට විරුද්ධ වුණා. මහ බැංකුවේ නිලධාරීන් මණ්ඩලය කියල කිව්වම මේ අනුපාතිකය තියාගන්න කියල අපි කිව්ව මේක හරියන්නේ නෑ කියල. මහ බංකුව සංචිත දාල මේ විනිමය අනුපාතය ආරක්ෂා කිරීම අනවශ්‍ය දෙයක් කියන මතයේම අපි හිටියා. නමුත් මූල්‍ය මණ්ඩලයේ රැස්වීම්වලදි ඒ රැස්වීම් සටහන්වල අපි කියපුවා තිබෙනවා.

අපි කිව්වේ අඩුම වශයෙන් රුපියල් 10කින්වත් වැඩි කරන්න. නැතිනම් රටේ සංචිත නාස්ති වෙනවා කියලා…. එහෙමයි අපි කිව්වෙ. නමුත් මුදල් මණ්ඩලයේ ගණ පූර්ණයක් තිබුණා. මුදල් මණ්ඩලයේ පස් දෙනාගෙන් තිදෙනෙක්ම හිටියේ රජයේ මතය පැත්තේ. එවකට සිටි මහ බංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ මුදල් අමත්‍යංශ ලේකම් ඒ තිදෙනා“

ඇය එහිදී සඳහන් කළාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගේම් ගහන්න ඉඩ නොදී 21 ගෙනෙන්න…. අද අගමැති රනිල් හමුවූ පක්ෂ 10 දන්වයි…

Next Post

කෙන්යාවේ, චීන ණය ගෙවීම වාර්තාගත ලෙස ඉහළට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.