අර්තාපල් අතර සඟවා මෙරටට ගෙන්වූ මිලියන තුනකට වඩා වටිනා බීට්රූට් කිලෝ 16000ක් අද රේගුවේ අත්අඩංගුවට පත් විය..
එම බහලුම් ගෙන්වූ වත්තල ප්‍රදේශයේ සමාගමක් රේගු නිලධාරීන්ට දන්වා ඇත්තේ ඉන්දියාවේ සමාගමකින් ආනයනය කළ අර්තාපල් කිලෝග්‍රෑම් 53,000ක් එහි අඩංගු බවය.
අර්තාපල් අතර සඟවා මෙරටට ගෙන්වීම සීමා කර ඇති බීට් රූට් ගෙන්වීමත්, රේගුවට ව්‍යාජ ප්‍රකාශන ඉදිරිපත් කිරීමත් මත මේ වනවිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම බීට් රූට් තොගය රාජසන්තක කර ආනයන කරුට දඩ පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව රේගුව පවසයි.
මින් පෙරත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආනයනික බීට් තොගයක් රැගෙන විත් විකුණා තිබුණු බව හෙළි විය. එවර බීට් කිලෝවක තොග මිල රුපියල් තුන්සියයක් ඉක්ම වූ බව කියැවිනි.







