බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් කෝටි සීයක හොරකම දැක දැක රනිල් ජනපති පුතෙක් වැල් පාලමේ එගොඩ කරන්න ගිය හැටි….   

by editor
ඔක්තෝබර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් සොරකම් කිරීම් යනු විපක්ෂය නැගූ අභූත චෝදනා බව ප්‍රකාශ කරමින් යන නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ඩොලර් කෝටි සියයක මුදලක් ඩුබායි බැංකුවක තැන්පත් කළ ආකාරය පිළිබඳ හිටපු ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ම දැනුම්වත් බවට වූ සාක්ෂියක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල ලෙස සංසරණය වෙමින් තිබේ.

මෙම හෙළිදරව්ව කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි කොටගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසිනි.

පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 45 වැනි ජාතික සමුළුවට සහභාගී වුන හිටපු ජනාධිපතිවරුන් තුන් දෙනාගේ සංවාදය අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කරන මෙම හෙළිදරව්ව වලක්වා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ එම අවස්ථාව මෙහෙයවූ පූරක දැඩි උත්සාහයක් ගනු ලැබුව ද ඇය මේ සිද්ධිය අවධාරණයෙන් ප්‍රකාශ කළාය.

ඇය ප්‍රකාශ කළේ රාජපක්ෂ පුත්‍රයෙක් ඩොලර් කෝටි සියයක මුදලක් ඩුබායි ගිනුමක තැන්පත් කළ ආකාරය සම්බන්ධව සියලු දේ සොයා ගත් බවත්, එම බැංකු ප්‍රකාශන ඇය සිය ඇස් දෙකෙන් දුටු බවත්ය.

එකම දේ මේ වත්කම් අත්පත් කරගැනීම සඳහා සවිමත් නීති සම්පාදනය වී නැති බවය. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන එම නීති සම්පාදනයට අපොහොසත් වීම සම්බන්ධව එම අවස්ථාවේ නිරුත්තර වූවා පමණක් නොව, රනිල් වික්‍රමසිංහ හිඳ ගත් පුටුවේ ඇඹරෙමින් දැඩි අපහසුතාවයකට පත් වන ආකාරය පෙන්නුම් කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ දෙසට හැරි සිය කතාව ආරම්භ කළාය.

මට ඔබට එක දෙයක් මතක් කරන්න අවශ්‍යයයි.

අපි දෙදහස් පහළොවේ දි සැඟවුණු මුදල් සොයා ගත්තා, එක්තරා නායකයෙකුගේ තරුණ පුත්‍රයෙක්… ඔහු ඩුබායිහි බැංකුවක ඩොලර් මිලියන දහසක් සඟවා ඇති බව අපට පෙනී ගියා.

( නැවතත් රනිල් වික්‍රමසිංහ දෙසට හැරී) ඔබ එය දන්නවා

ඒ මුදල්අ පිට ආපහු ගේන්න බැරි උනා.

රනිල් වික්‍රමසිංහ – අපි එතෙන්ට නොගිහින් ඉඳිමු….

චන්ද්‍රිකා කුමාරතුංග – නමුත් අපි එය සොයා ගත්තා. අපේ CID ගියා එතෙන්ට. ඒක හොයාගත්තා. ලියකියවිලි ලැබුණා. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා බැංකු ප්‍රකාශන.

නමුත් අපට ඔවුන්ට එරෙහිව උසාවි චෝදනා කිරීමට හැකි වුනේ නෑ. මොකද අපිට සැබෑ මුල් බැංකු ප්‍රකාශන අවශ්‍ය වුනා. නමුත් එම බැංකුව ඒ බැංකු ප්‍රකාශන සියල්ලම ලබා දීම ප්‍රතික්ෂේප කළා.

( මෛත්‍රීපාල සිරිසේන දෙසට අත දිගු කරමින් )  ඔබේ රජයෙන් බොහෝ උත්සාහ කළා, නමුත් සැඟවුණු මුදල් වංචාව සොයා ගත්තත් ඒ මුදල් ආපසු ගන්න බැරි වුනා. එම මුදල් ආපසු ගෙන ඒම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව අමතක කරන්න එපා..

නමුත් මතක තියා ගන්න… පිලිපීනයේ මාකෝස් පවුලේ සැඟවුණු බිලියන ගණනින් බොහෝ දේ ආපසු ආපහු ගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හලාවත සිංහපුර පිලිස්සී මළ තුන්දෙනා ගේ මරණය පසුපස මිනීමැරුමක්… පොලිස් විමර්ශන ඇරඹෙයි!

Next Post

අවුරුදු 05ක් කෝමා… කොන්ත්‍රාත් එකක් කරන්න දැන් නැගිටලා… පෙරලන බාල්දිවල අපි පැටලෙන්නෙත් නෑ…. බාල්දි පෙරලන්න දෙන්නෙත් නෑ… ජනපති ගම්මන්පිලට දන්වයි !

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.