විදේශගතව හිඳිමින් දඹුල්ල අවට ප්‍රදේශයේ මත් කුඩු ජාවාරම මෙහෙයවමින් සිට දඹුල්ලේ ඩුබායි රංග නැමැත්තා විමර්ශන අංශ විසින් මීට දින කීපයකට පෙර අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අත් අඩංගුවට පත් වන්නේ සිය අනියම් බිරියගේ දරුවෙකුගේ මංගල උත්සවයක් සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ලංකාවට පැමිණ සිටි අවස්ථාවේ දීය.
මෙම පුද්ගලයාට අපරාධ ඉතිහාසයක් ඇති බව විමර්ශන අංශ පවසයි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් පසු දිගම්පතන දී සිදුවූ යුද හමුදා සෙබලු ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ බිරිය සමග සම්බන්ධතාවයක් පවත්වා ඔහු ඇයත් සමග ඩුබායි රාජ්‍යයට පැන ගොස් තිබුණේ ඔහුට එරෙහි මිනී මැරුම් නඩුවක් විභාග වෙමින් පවතිද්දීය. ඔහු සතුව පවතින අතාර්කික වත්කම් සම්බන්ධවත් ඔහු මත්කුඩු ජාලය උතුර මැද පළාත තුළ මෙහෙයවන ආකාරය සම්බන්ධවත් විමර්ශන අංශ අවධානයෙන් සිට ඇත.
මේ විමර්ශනය තුළ අදාල කාන්තාවගේ පළමු විවාහයේ දරුවෙකුගේ මංගල උත්සවය සම්බන්ධ දැඩි අවධානයෙන් සිටි විමර්ශන අංශ එහි දී ඔහුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු දඹුල්ලේ රථවාහන අලෙවිසලක තිබී මත්කුඩු ප්‍රමාණයක් හසුවී තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.







