සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩී.අයි.ජී බිම්ශානි වෙනුවෙන් පක්ෂ පාට නැතිව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරු නැගී සිටිති

by editor
පෙබරවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චිගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංසදය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පොලිස් ළමා හා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බිම්ශානි ජාසිංහආරච්චිගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවද එම සංසදයේ සභාපතිනි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ   පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු  මන්ත්‍රීනි රෝහිණි විජේරත්න   සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර ද සහභාගි වූහ.

මෙහිදී සභාපතිවරිය පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීම පිළිබඳව තම සංසදය ඉතා සතුටට පත් වූ බවත් එය බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස්ම තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවත්ය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් ඇයට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තම අප්‍රසාදය පල කරන අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබිය යුතු බව තම විශ්වාසය බවත් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය   පෙන්වා දුන්නාය. 

මෙතරම් දියුණු ලෝකයක කාන්තාවක් වීම නිසා ම යම් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කිරීමේ අවස්ථාව අහිමි කිරීමට උත්සහ දැරීම ඉතා අසාධාරණ බව මෙහිදී මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ  ප්‍රකාශ කළේ බිම්ශානි ජාසිංහආරච්චි ගේ නියෝජ්‍ය පොලිස්පතිනි තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතුවලට යම් පිරිසක් එළඹ සිටීම පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු කාත්තා මන්ත්‍රීවරියන් විසින් හෙලා දකින බවත්, එයට එරෙහිව මේ රටේ සියලු කාන්තාවන් මෙන්ම තම දියණිවරුන්ගේ සාර්ථකත්වය බලාපොරෙත්තු වන සියලු දෙමාපියන්ද ඒකරාශී විය යුතු බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපතිනිය වන රෝහිණි විජේරත්න  සඳහන් කළේ බිම්ශානි ජාසිංහආරච්චි  තම රාජකාරි නිසි අයුරින් ඉටු කිරිම වෙනුවෙන් ඇයට හිමි උසස්වීම ලබා ගැනීමට එරෙහිව මේ රටේ පුරුෂ සමාජය කටයුතු කිරිම පිළිකුල් සහගත බවය. මේ ආකාරයට කාන්තාවන් හිංසනයට ලක් කිරීම රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමේදී විශාල බාධාවක් බවත් විශේෂයෙන් කාන්තාවන් සේවා ස්ථානයන් තුළ ශාරීරිකව හෝ මානසිකව පීඩාවට ලක් කිරීම නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

ලංකාවේ ජාතික නායකත්වයන් සඳහා කාන්තාවන් පත්වීමේ උදාහරණ ඕනෑතරම් ඇති බවත්, ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක  පත්වීම, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග   පත්වීම, අග්‍රවිනිශ්චයකාරවරිය ලෙස ශිරානි බණ්ඩාරනායක   පත්වීම උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් පෙන්වාදුන් මන්ත්‍රීවරියෝ නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයක් කාන්තාවකට දැරිය නොහැකි බවට ප්‍රකාශ කිරීම උචිත නොවන බව සඳහන් කළහ.  

මෙහිදී සභාපතිවරිය තවදුරටත් පෙන්වා දුනේනේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාදායකය තුළ සහ නීති සම්පාදනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම බවයි. මේ නිසාම මෙරටේ ක්‍රියාකාරී දේශපාලනය තුළ කාන්තා දායකත්වය වර්ධනය කිරීම සඳහා සංසදය විසින් සියළු දේශපාලන පක්ෂ දැනුම්වත් කොට ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට කටයුතු කරන බවද   සඳහන් කළාය.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් ප්ලාසා පුපුරුවා සමතලා කරයි

Next Post

කොරෝනා වෛරසය ලංකාවේ ඩෙංගු 70% කින් අඩු කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.