සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෑන්ගේ මරණයට සැක තාත්තයි පුතයි කවුද?

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පිය පුතු දෙපළකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් නිකුත් කළේය.

ඒ වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලගෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. කොලොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවනේ හය වැනි මහලේ පිහිටි ඥාති නිවසක රැඳී සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

ඝාතකයින් මහල් නිවාස සංකීර්ණයේ පඩිපෙළ ඔස්සේ අදාල නිවසට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. එල්ල කළ වෙඩි ප්‍රහාර 8කින් වෙඩි ප්‍රහාර හතරක් ඩෑන් ප්‍රියසාද් වෙත වැදී තිබිණි.

මේ දක්වා සිදුවූ පරීක්ෂණ මත මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බව විමර්ශන අංශ සැක පහළ කරයි. 2022 වසරේ ජුලි මස 26 වැනිදා ඩෑන් ප්‍රියසාද්ගේ සොයුරා වූ තිලිණ ප්‍රියසාද් නැමැත්තා ඔරුගොඩවත්ත ගුවන් පාලම යට දී කපා කොටා ඝාතනය කර තිබිණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එදා ඝාතනය කළ තිලිණ ප්‍රියසාද් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබිණි. ඔහුට එරෙහිව අපරාධමය වැරදි සම්බන්ධව නඩු දෙකක් විභාගවෙමින් පැවතුනේය. ඩෑන් ප්‍රියසාද්ගේ සොයුරු තිළිණ ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධව ඔවුන්ගේම ඥාති පාර්ශවයක් වෙත චෝදනා එල්ල වූයේය.

මීට දින කීපයකට පෙර ඩෑන් ප්‍රියසාද් මෙම සැකකරුවන් වූ ඥාතීන්ට අයත් ත්‍රී රෝද රථයකට පහර දීම සම්බන්ධයෙන් ද පොලිසියට තොරතුරු ලැබී තිබේ. පොලිසිය පවසන්නේ ඩෑන් ප්‍රියසාද් ඝාතනයෙන් පසු එම පාර්ශවයේ පිය පුතු දෙදෙනෙක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය.

ඒ අනුව අද දහවල් පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය. මේ වනවිට සිදුකළ විමර්ශනවලින් මෙම ඝාතනයට මෙම පිය පුතු දෙපළගේ සම්බන්ධය තහවුරු වනබව පොලිසිය අනාවරණය කරයි.

ඝාතනය වනවිට ඩෑන් ප්‍රියසාද් 39 වැනි වියේ පසුවූයේය. ඔහු සංවිධාන කීපයක ක්‍රියාකාරිකයෙක් ලෙස ද දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියේය. පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙවර කොළොන්නාව ප්‍රාදේශීය සභාවට නම් කළ අතිරේක ලයිස්තුවට ඔහු නම් කර තිබුණ බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ ගමගේ පැවසුවේ අප්‍රේල් 01 වැනිදා පාර්ලිමේන්තුව අසල කේක් ගෙඩියක් කපමින් ඔහු ප්‍රකට කළ දැඩි දේශපාලන ප්‍රතිවිරුද්ධ භාවයට ඔහු ජීවිතයෙන් වන්දි ගෙව්වා දැයි සැක තමන්ට සිතෙන බවය.

අද මාධ්‍ය හමුවක් කැඳවා නීතිඥ මනෝජ් ගමගේ කීවේ ඩෑන් ප්‍රියසාද් යනු පාතාල සාමාජිකයෙක්, කුඩු ජාවාරම් කරුවෙක්, අපරාධකරුවෙක් නොවන ආකාරය තමන් සහතික වන බවය. මෙම මරණයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් මරණය සම්බන්ධව තමන්ට දැඩි සැකයක් පවතින බවත් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරි දළදා වන්දනාවේ පෝලිම්වල සිටිනා පිරිස් සඳහා හෙට සිට විශේෂිත ස්ටිකරයක්!

Next Post

පාසල් සිසුන්ගේ පෝෂ්‍යදායි ආහාර වේල අඛණ්ඩව ලබාදීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.