බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලි සිරිසේන කෘෂි ආර්ථික ඝාතකයෙක්… ඔහුගේ බොරු පිළිගන්න එපා – එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

සහල් මිල පාලනය කරන්න ඩඩ්ලි ආණ්ඩුව නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි...

by editor
ජූනි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

රටේ සහල් මිල තීරණය කළ යුත්තේ ඩඩ්ලි සිරිසේන  නොව ආණුඩුව බවත්  ඩඩ්ලි සිරිසේන ආණ්ඩුව නොවන බවත්,  එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය. ඔහු ප්‍රකාශ කලේ ඩඩ්ලි සිරිසේන යනු බොරුකාර කෘෂි ආර්ථික ඝාතකයෙක් බවය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) සවස පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

ඩඩ්ලි සිරිසේන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිතවතා විය හැකි නමුත් මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ රකමින් සහල් මිල පාලනයට ව්‍යාපාරිකයෙකුට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටින බව කී  එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ   ඩඩ්ලි සිරිසේන    හාල් මිල පාලනය කරන කාලය, අපේ  සංගමය අවසන් කරන බවය.
පොළොන්නරුවේ ප්‍රධාන සහල් ‍ව්‍යාපාරිකයින් වන ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත්, මිත්‍රපාල ලංකේශ්වර යන තිදෙනා දිනකට සහල් අලෙවියෙන් පමණක් කෝටි දහයකට ආසන්න ලාභයක් උපයන බවද මුදිත පෙරේරා පෙන්වා දුන්නේය.

මෙම  මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත්  පෙරේරා මහතා මෙසේද කීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ඩඩ්ලි සිරිසේන මහතා කියනවා හෙට ඉඳලා නාඩු සහල් තොග වශයෙන් දෙන්නෙ දෙසිය 218 කියලා. ලංකාවේ  නාඩු සහල් මිල උපරිම දෙසිය විස්සයි. එයා කියනවා තොග දෙන්නේ රුපියල් 218 යි කියලා. 218 ට තොග අරන් තොග වෙළෙන්දා හෝ සිල්ලර වෙළෙන්දට රුපියල් 2 ක ලාභයක් තියලා හාල් විකුණන්න    විදිහක් නෑ. 218 තොග දෙනවා කියන්නේම  ඔහු විසින් පොලඹවනවා සිල්ලර වෙළෙන්දා  මේ සහල් පාලන මිල ඉක්මවා අලෙවි කරන්න කියලා. හාල් කිලෝ එකකට රුපියල් දෙකක් තියාගෙන සිල්ලර වෙළෙන්දාට බැහැ ප්‍රවාහන වියදමවත් පියවා ගන්න. අඩුම තරමේ සිල්ලර වෙළෙන්දාට රුපියල් පහක ලාබයක් වත් තිබ්බොත් තමයි පාරිභෝගිකයාට මේ සහල් කිලෝව සහතික මිලට  ගන්ඩ හැකියාව තිබෙන්නේ.

ඒ නිසා ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රමුඛ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට අපි කියනවා කරුණා කරලා රුපියල් 2 ලාභය වෙනුවට අඩුම තරමේ රුපියල් 5ක ලාභයත් තියෙන පරිදිවත් මේ මිල සංශෝධනය කරන්න කියලා.

ඒ වගේම බරපතළ  කාරණය තමයි පහුගිය කාලවල මේ මහා පරිමාණ  ව්‍යාපාරිකයින් ලංකාව  පුරා සහල් තොග බෙදාහැරියේ රුපියල් 240, 260, 270,  යන මිල ගනන්වලට. අපි මේ කියන නාඩු සහල් කිලෝවක් රුපියල් 215 ට දුන්නත් ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයන් තුන්දෙනාට දවසකට කෝටි තුන බැගින් රුපියල් කෝටි නවයක, දහයක ලාභයක් තිබෙනවා.

නාඩු හාල් එහෙම රුපියල් දෙසිය පහලවකට දෙන්න පුළුවන්කම තියෙද්දී තමයි ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයෝ රුපියල් 240, 250 ට 260, සහල් දෙන්ඩ කටයුතු කළේ. එහෙම හාල් දීලා මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තුන්දෙනා දවසකට ජනතාවගෙන් රුපියල් කෝටි ගණන්  කොල්ල කාලා තියෙන්නෙ.

ඩඩ්ලි සිරිසේන මහතාත් මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා එයා දවසකට හාල් කිලෝ ලක්ෂ හතරක් වෙළඳපොළට මුදාහරිනවා කියලා. එතකොට එක හාල් කිලෝවක්  රුපියල් 50 කින් වැඩි කරොත් දවසකට කෝටි හතරක් විතර එයාට ලාභ එනවා. මෙච්චර ආර්ථික අර්බුද තියෙද්දි ජනතාවගෙන් පහුගිය දින 10 ය පුරා මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහල් ලබාදීලා අනවශ්‍ය ලෙස රුපියල් කෝටි 500ක් විතර  කොල්ල කාලා  තිබෙනවා. අනවශ්‍ය ලාභයක් ලබා ගැනීම් ගැන ආණ්ඩුවේ වහාම අවධානය යොමු කරන්න කියලත් අපි ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා හිටිනවා.“ යයිද මුදිත පෙරේරා   සඳහන් කළේය.

තවද ඔහු මෙසේත් කීවේය.

“අනිත් එක තමයි ඩඩ්ලි සිරිසේන   පිළිගන්නවා පාරිභෝගික ආරක්ෂණ පනතේ  විධිවිධාන උල්ලංඝනය කළා කියලා. හේතුව එයා පාලනය මිල ඉක්මවලා සහල් අලෙවි කිරීම. ඒ වගේම ඩඩ්ලි සිරිසේන  කියනවා කෝටි 12ක් වටිනා ගුවන් යානයක් තියෙන සහල් මෝල ව්‍යාපාරිකයෙක් පහුගිය සතිවල රුපියල් දෙසිය හැත්තෑවකට හාල් විකුණුවා කියලා. ඔන්න  ඩඩ්ලි සිරිසේන මහතා මිත්‍රපාල මහතාත්  පිළිගන්නවා රුපියල් 260,ට 270 ට පහුගිය කාලවල හාල් වික්කා කියලා. “

“දැන් අපි කියනවා පාරිභෝගික සේවා අධිකාරියට මේ ප්‍රකාශය  පදනම් කරගනිමින් කරමින් ඒ අයට නඩු පවරන්න කියලා. එන්න එපා අහිංසක සිල්ලර කඩ හිමි වටලන්න. එන්න එපා අහිංසක සිල්ලර ආයතන වටලන්න.  එන්න එපා අහිංසක පොඩි මෝල් හිමියෝ වටලන්න. පාරිභෝගික සේවා අධිකාරිය මේ දින දහයට තුළ වැටලීම් කළේ අහිංසක කඩ හිමියෝ,  කුඩා මෝල් හිමියෝත් පමණයි .අනිත්  කාරණය ඩඩ්ලි සිරිසේන මහතා සහ මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයෝ ප්‍රකාශයක් කළා ඉදිරි මාස තුන කාලය තුළ මේ මිලට සහල් වෙළෙඳ පොළට ලබා දෙනවා කියලා. “

“අපි ආණ්ඩුවට කියනවා මේ කතා විශ්වාස කරන එපා කියලා, ඩඩ්ලි සිරිසේන මහතා අන්තිමට මයික් ඉදිරියට ඇවිල්ලා කිව්වේ රුපියල් එක 115ට හාල් දෙනවා කියලා. එහෙම කිව්ව ඩඩ්ලි සිරිසේන මහතා මාස අටකට පස්සේ මයික්   ඉස්සරහට මතුවෙලා හාල් කිලෝ එක රුපියල් දෙසිය විස්සකට දෙනවා කියලා කියනවා .ඔය ඩඩ්ලි  සිරිසේන මහත්මා ඊළඟට මයික් ඉස්සරහයින් මතුවෙන්නේ හාල් කිලෝ එකක් රුපියල් 340 දෙනවා කියලා.“

“එනිසා මේ කතාව විශ්වාස කරන්න එපා. පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලනවා සුදු කැකුළු හාල් කිලෝ එකක්  රුපියල් 210 වඩා ඉක්මවලා ගන්න එපා කියලා. නාඩු සහල් කිලෝ එකක් ගන්න එපා රුපියල් 220  ඉක්මවලා. සම්බා සහල් කිලෝ එකක් ගන්න එපා රුපියල් 230 ඉක්මවලා. ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් ගන්න එපා රුපියල් දෙසිය 260 ඉක්මවලා .ඒ මිලට වඩා කවුරු හරි වැඩියෙන් අලෙවි කරනවානම් වහාම අදාළ  පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.“

“ඒ වගේම  පාරිභෝගික ජනතාවගේ මම ඉල්ලීමක් කරනවා හැකි සෑම වෙලාවකම කුඩා සහල් මෝල් ව්‍යාපාරිකයින් සහල් මිලට ගන්න කියලා. පසුගිය කාලය පුරාම ඔබව  කොල්ල කාපු හාල්  කොල්ල කරුවන්ගෙන්, කෘෂි ආර්ථික ඝාතකයින්ගෙන් හාල් මිලට ගන්න එපා කියලා මම කියනවා.“ යැයිද මුදිත පෙරේරා වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන ප්‍රශ්නය විසඳන තුරු ගාල්ලේ උත්තර පත්‍ර පරීක්ෂකවරු ඇගයීම් කටයුතුවලින් ඉවත් වෙති…

Next Post

ඉන්දියාව හා යුරෝපා සංගමය යලි සාකච්ඡා අරඹයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.