මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් 19 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ නියෝග කළාය.
ඝාතනයට ලක් වූ රියැදුරුගේ මරණ පරීක්ෂණ කටයුතු හා ස්ථානීය පරීක්ෂණය පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනී සි කුලතුංග විසින් ඊයේ (18) සවස සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මනම්පිටිය මාගන්තොට, වැලිකන්ද මෛත්‍රීගම, පොළොන්නරුව පැරකුම් මාවත, කහගොල්ල උහන, ආසිකුලම් වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව, ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී ආරියරත්න අප කළ විමසීමකදී පැවසීය.
මෙම ටිපර් රථය පැහැර ගත් සැකකරුවන්ගෙන් කීපදෙනෙකු යාන වාහන ඇති, යම් ධනයක් හා දේපල ඇති ටිපර් රථ හිමිකරුවන් බවද, ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කීවේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ගේ උපදෙස් මත,පොළොන්නරු මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී පතිරණ, මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පී.ජී.ඒ.සී ආරියරත්න, පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ ලිපියත් බලන්න…







