ගාසා තීරයේ රාත්‍රියේ එල්ල වූ ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් පලස්තීන ජාතිකයින් 82 දෙනෙකු මිය ගිය අතර ඉන් 38 දෙනෙකු කුසගින්නේ පෙළෙමින් අත්‍යවශ්‍ය ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි අසරණයින් බව රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ අද ( 03) තහවුරු කළ බව AP පුවත්සේවය වාර්තා කරයි.
ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව ක්ෂණික අදහස් දැක්වීමක් කර තිබුණේ නැත.
ගාසා තීරයේ ජනගහනය පෝෂණය කිරීම සඳහා ඊශ්‍රායලයේ සහාය ඇතිව අලුතින් නිර්මාණය කරන ලද, ඇමරිකානු සංවිධානයක් වන ගාසා මානුෂීය පදනමට සම්බන්ධ ස්ථාන වටා පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය අතර, ගාසා තීරය පුරා වෙනත් ස්ථානවල ආධාර ට්‍රක් රථ එනතුරු බලා සිටි තවත් 33 දෙනෙකු මෙසේ මරා දමා තිබිණි.
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ දිනයේ දී ය.
යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ට්‍රම්ප් උපුටා දක්වමින් විදෙස් වාර්තා ප්‍රකාශ කළේය.
අද ගාසාවේ සිවිල් වැසියන් 82ක් මරා දමන්නේ මේ සාම කතා ගැන කියන අතරය.







