බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ගාසා තීරයේ හිමිකම ඉල්ලයි…

by editor
පෙබරවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පලස්තීනුවන් වෙනත් තැනක පදිංචි කිරීමෙන් පසු ගාසා තීරයේ අයිතිය එක්සත් ජනපදයට පවරාගෙන එය නැවත සංවර්ධනය කිරීමට   අවශ්‍ය බව ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මාස 15 කට වැඩි කාලයක් තිස්සේ පැවති විනාශකාරී ගැටුමකින් පසු ගාසා තීරයේ ජනතාවට යළි ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මානුෂීය ආධාර සහ ප්‍රතිසංස්කරණ සැපයුම් ඉහළ නැංවීම පිළිබඳ සපථ කළ පොරොන්දුව සමඟ මෙම සතියේ සාකච්ඡා වේගවත් වෙමින් පවතිද්දී ට්‍රම්ප්ගේ මෙම ප්‍රකෝපකාරී අදහස් පළ වී ඇත.

දැන් ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ දළ වශයෙන් මිලියන 1.8 ක ජනතාවක් ඔවුන් නිජබිම ලෙස හැඳින්වූ භූමියෙන් ඉවත් කර ඇමරිකානු හමුදා සහිතව ගාසා තීරය එක්සත් ජනපද හිමිකමට පත් කර ගැනීමය.

ට්‍රම්ප් මෙම අදහස ඉදිරිපත් කරන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ධවල මන්දිරයේදී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී ය. එහිදී නායකයින් දෙදෙනා ඊශ්‍රායල-හමාස් ගැටුමේ බිඳෙනසුලු සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරු ගිවිසුම පිළිබඳව ද සාකච්ඡා කළ අතර ඉරානය පිළිබඳ කනස්සල්ල බෙදාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

“මිනිස්සු ආපසු යා යුතු යැයි මම නොසිතමි” යනුවෙන් ට්‍රම්ප් පැවසීය. “ නමුත් ඔවුන්ට දැන් ගාසා තීරයේ ජීවත් විය නොහැකියි. මම හිතන්නේ අපට ඔවුන් සඳහා වෙනත් ස්ථානයක් අවශ්‍යයි. මම හිතන්නේ එය මිනිසුන් සතුටු කරන ස්ථානයක් විය යුතුයි.” ට්‍රම්ප් පවසා තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඇමරිකා එක්සත් ජනපදය ගාසා තීරයේ හිමිකම ලබාගෙන පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එය නැවත සංවර්ධනය කරන බවත්, එම භූමිය “මැද පෙරදිග නිවාඩුවක් ගත කළ හැකි සොඳරු වෙරළ තීරයක් සහිත භූමියක්” බවට පත් කරන බවත්, එහි “ පලස්තීනුවන් ඇතුළුව ලෝකයේ ජනතාව” ජීවත් වන බවත් ට්‍රම්ප් පැවසීය.

කෙසේ වෙතත් මේ අදහස සමග ඇමරිකා එක්සත් ජනපදය භූමිය අත්පත් කර ගැනීමට සහ එය සංවර්ධනය කිරීමට භාවිතා කරන අධිකාරිය පිළිබඳව කිසිදු විස්තරයක් ඉදිරිපත් නොකිරීමට ට්‍රම්ප් ප්‍රවේසම් වී තිබිණි. කෙසේ වෙතත් ගාසා තීරය ප්‍රතිසංස්කරණයට සහාය වීම සඳහා එක්සත් ජනපද හමුදා යෙදවීම ප්‍රතික්ෂේප නොකරන බව ද ට්‍රම්ප් පවසා තිබිණි. ඔහු අපේක්ෂා කරන්නේ ගාසා තීරයේ භූමිය නැවත සංවර්ධනය කිරීම සඳහා එහි “දිගුකාලීන” එක්සත් ජනපද හිමිකාරිත්වය ය.

“එය ලෝකයේ සුපිරි මට්ටමේ ව්‍යාපෘතියක් ලෙස කරන බවට අප සහතික වෙනවා. එය ජනතාවට අපූරු වනු ඇති… පලස්තීනුවන්, බොහෝ දුරට පලස්තීනුවන් ගැන අපි කතා කරන්නේ.” ට්‍රම්ප් පැවසීය. එම ප්‍රකාශය තුළ ගාසා තීරය තුළ සුපිරි පරිසරයක නැවත පලස්තීනුවන් පදිංචි කරවීම පිළිබඳව අදහස තිබිණි. එමෙන්ම පලස්තීනය සහ ඊශ්‍රයාලය වෙනම රාජ්‍ය දෙකක් ලෙස පිළිගැනීම ද ට්‍රම්ප් ගේ මතය තුළ විය.

ඔහු ගේ අදහසේ මේ මොහොතේ ප්‍රකාශිත සංක්ෂිප්තය ගාසා තීරය දිගුකාලීන ඇමරිකානු හිමිකමට යටත් කරගෙන භූමිය සංවර්ධනය කිරීමෙන් අනතුරුව පලස්තීනුවන් නැවත පදිංචි කිරීමය.

මැද පෙරදිග ප්‍රතිචාර

ඊජිප්තුව, ජෝර්දානය සහ මැද පෙරදිග අනෙකුත් එක්සත් ජනපද සහචරයින් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇත්තේ පලස්තීනුවන් ගාසා තීරයෙන් නැවත පදිංචි කිරීම මැද පෙරදිග ස්ථාවරත්වයට තර්ජනයක් වනු ඇති බවය. ඉන් ගැටුම පුළුල් කිරීමේ අවදානමක් ඇති කරන බවය. එක්සත් ජනපදය සමග මේ ගැටලුව විසඳා ගැනීම සඳහා දශක ගණනාවක් තිස්සේ කරන ලද ප්‍රයත්නයන්ට වල කපන බවත්ය.

සෞදි අරාබියේ විදේශ අමාත්‍යාංශය ට්‍රම්ප්ට තියුණු වාචික ප්‍රතිචාරයක් නිකුත් කර තිබිණි. සෞදි අරාබිය දක්වා තිබුණේ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සඳහා ඔවුන්ගේ දිගුකාලීන ඉල්ලීම ”   ස්ථිර සහ නොසැලෙන ස්ථාවරයක්” බවය.

“අද ජාත්‍යන්තර ප්‍රජාවේ යුතුකම වන්නේ පලස්තීන ජනතාව විඳ දරාගන්නා දරුණු මානුෂික දුක් වේදනා සමනය කිරීමට කටයුතු කිරීමයි, ඔවුන් තම භූමිය වෙනුවෙන් කැපවී සිටිති. ඔවුන් එම භූමිය තුළ නොසැලී සිටිනු ඇති…” සෞදි අරාබිය ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වෙතත් තවමත් ට්‍රම්ප් අවධාරනය කරන්නේ “විශාල සුන්බුන් ගොඩක්” බවට පත් වි ඇති ගාසා තීරය අත්හැරීම හැර පලස්තීනුවන්ට “වෙනත් විකල්පයක් නොමැති බවය.

ජනාධිපතිවරයාගේ යෝජනාව ඩිමොක්‍රටික් පක්ෂය විසින් අනතුරු ඇඟවීමකින් සහ ඔහුගේ රිපබ්ලිකන් සහචරයින් විසින් යම් තරමක සැකයකින් යුතුව ප්‍රතිචාර දක්වා ඇත. ඩී-කොන් හි සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි ට්‍රම්ප්ගේ ප්‍රයත්නය ගැන මෙසේ පවසා තිබිණි. “ඔහුට අවශ්‍ය වන්නේ ඇමරිකානු ජීවිත දහස් ගණනක් බිලිගෙන මැදපෙරදිග වසර 20ක් පුරා ගිනි තබන ගාසා තීරයට ඇමරිකානු ආක්‍රමණයක් කිරීමටද? එහෙම හිතනවා නම් ඒක ලෙඩක්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මින් ඉදිරියට පොලිසියට එන කිසිම පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම තහනම්… වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!

Next Post

මින් පසු ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීම සහ ප්‍රතිලාභ ලබා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.