හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළේය.
ඒ අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.
මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී නොසිටියේය.
ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදුකළේය. – අද දෙරණ







