අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජේ.ආර්.ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාවට කළ ගුණ සලකන්න 16 වසරක් පුරා ලංකාවේ දරුවන් වෙනුවෙන් කැප වුන ජපන් යුවල… 

by editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වසර 16ක් තිස්සේ ලංකාවට පැමිණ ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ තත්වය නගා සිටුවීම සදහා උපකාර කරන අපූරු ජපන් යුවලක් ඊයේ (06) හම්බන්තොට වැලිගත්ත ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේදී අපට මුණ ගැසුණි.

මෙලෙස අපට හමු වූ මෙම අපුරු ජපන් ජාතික යුවල දැනට වසර 16ක් තිස්සේ ලංකාවට පැමිණ ලංකාවේ මුල් ලමාවිය දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ තත්වය නගා සිටුවීමට විවිධ වැඩසටහන් පවත්වමින් සිටිති.

ඒ අනුව මෙම ජපන් ජාතික යුවල හම්බන්තොට වැලිගත්ත පිහිටි ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේ දරුවන් 45 දෙනෙකු සඳහා විශේෂ සෞඛ්‍ය කදවුරක් පැවැත් වූ අතර වෛද්‍ය කඳවුරෙන් පසු සියළුම දුවා දරුවන් සඳහා එළඹෙන වසරට අවශ්‍ය සියළුම පොත් පත් පරිත්‍යාග කිරිමක් සිදු කෙරුණු අතර සියළුම දරුවන් සදහා රුපියල් 7000ක පමණ මූල්‍ය වටිනාකමක් ඇති වියළි ආහාර මල්ලක් ලබා දිමද සිදු කෙරුණි.

මෙම අගය කල යුතු අපූරු කටයුත්ත සෑම වසරකම සිදු කරනු ලබන්නේ ජපානයේ නගෝයාහි SYS ආයතනයේ සභාපති 65 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori)   හා ඇයගේ සැමියා වන 67 හැවිරිදි යොෂිනිතිය.

කසුකෝ හස්තෝරි (Kazuko Hasttori)   හා ඇයගේ සැමියා යොෂිතිනි… දරුවන් සමග….

මෙම දෙපළ විසින් මුදල් වියදම් කර ලංකාවේ වැලිගත්ත ප්‍රදේශයේ පිහිටුවා ඇති යහළුවා ශ්‍රී ලංකා පෙර පාසල මුල් කර ගනිමින් සෑම මාස දෙක තුනකට වරක් මෙලෙස විවිධ වැඩසටහන් පවත්වාගෙන යයි. ඒ අනුව මෙවරද මෙම ජපන් ජාතික යුවල විසින් මෙම පෙර පාසලේ දරුවන් 45 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 10ක පමණ මුලක් වියදම් කරමින් පෙරපාසල් දරුවන්ට විවිධ පරිත්‍යාග රැසක් හා පෙර පාසල සදහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක්ද සිදු කෙරුණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්   ජපානයේ නගෝයාහි SYS ආයතනයේ සභාපති 65 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori)   මෙලෙස පැවසුවාය.

මම දැන් වසර 16ක් තිස්සේ ගමන් වාර සියයකට වැඩි ප්‍රමාණයක් ලංකාවට ඇවිත් මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්න හා ඔවුන්ගේ පෝෂණ තත්වය නගා සිටුවන්න අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙනවා.

මේක අපි බොහොම ආශාවෙන් හා කැමත්තකින් කරන දෙයක්. අද වන විට අපිට ජපානයේ බෝ දෙනෙක් මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. සුනාමියෙන් පසුව තමයි මම ලංකාවට පැමිණ මෙම ස්ථානයේ මේ ගොඩනැගිලි හදලා මේ පෙර පාසල ආරම්භ කිරිමට කටයුතු කෙරුණේ. 

JR-the-Sanfrancisco-Peace-Conference -6TH-SEPTEMBER-1951
වර්ෂ 1951 සැප්තැම්බර් මස 06 වැනිදා සැන් ෆැන්සිස්කෝ සාම සමුළුව අමතමින් ජේ.ආර් ජයවර්ධනයන් ජපානයේ ඉරණම වෙනස් කළ ඓතිහාසික කතාව සිදුකළ අයුරු…

ඉතින් අද මට ගොඩක් සතුටුයි.මේ පෙර පාසලෙන් ඉගෙන ගත්ත දරුවන් ගොඩක් දෙනෙක් හොඳට උසස් අධ්‍යාපන හදාරමින් සිටිනවා. මම ඒ සියළුම දරුවන්ට ආරාධනා කරනවා සිය උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව ජපානයට එන්න කියලා. ජපන් ජාතිකයන් ලංකාවේ අයට පුදුම තරම් කැමැත්තක් දක්වන්නේ. ලංකාවේ හිටපු ජනාධිපති වරයෙකු වූ ජේ.ආර්.ජයවර්ධණ මහතා එදා සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුවේදි කළ කතාව ජපන් ජාතිකයන්ට කිසිදා අමතක වෙන්නේ නැහැ. එතුමා එම සාම සමුළුව අමතමින් කළ කතාව ජපානය ආරක්ෂා කළා. ඒ නිසා තමයි අපි අදටත් ලංකාවට පැමිණෙමින් ලංකාවේ දුවා දරුවන්ට ඉගෙන ගන්න හා ඔවුන්ගේ පෝෂණය නගා සිටුවන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ යැයි පැවසුවාය.“

මෙම අවස්ථාව සදහා ජපානයේ නගෝයාහි SYS ආයතනයේ ලංකාවේ අධ්‍යක්ෂක පුෂ්ප කුමාර ජයතිලක, වැලිගත්ත ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේ ප්‍රධාන විදුහල්පතිනී කුමාරී වීරසිංහ, ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටිය.

Share69Tweet43
Previous Post

චීන රජය මහා පරිමාණ ව්‍යාපාරිකයින් මර්දනය කරයි

Next Post

සිසුවෙක් තවත් සිසුවෙකුගේ පානීය ජලයට මත්ද්‍රව්‍ය කළවම් කරලා… ජලය බිව් සිසුවාට අසාධ්‍යයයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.