ජී 20 සමුළුවට සාපෙක්ෂව ඉන්දියාව කෘතිම බුද්ධ තාක්ෂණයේ නිපුනත්වය ලෝක නායකයින් හට විදහා දැක්වීමටද සමත්විය.
ඒ අනුව ඉන්දියාව විසින් නිර්මාණය කළ විවිධ භාෂාවන්ගෙන් සන්නිවේදනය කරනු ලබන පිරිසට සහය වන කෘතිම බුද්ධි වැඩසටහන්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී ඉන්දියාව තුල භාවිතා වන භාෂාවන් පහසුවෙන් පරිවර්ථනය කිරීමට හැකියාව ලබා දුන් ‘ජුගල්බන්ඩි’ පරිගණක වැඩසටහන පැමිණි පිරිසට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවිය.
‘ජුගල්බන්ඩි’ යනු ඉන්දියාවේ ‘භාෂිනි’ වැඩසටහන යටතේ ChatGPT සහ ඉන්දියානු භාෂා පරිවර්තන ආකෘති ඒකාබද්ධ කරන නිදහස් සහ විවෘත කෘතිම බුද්ධ වැඩසටහනකි. ඉන්දියාව තුල භාවිතා වන භාෂාවන් පනහකට අධික සංඛ්‍යාවක් ඉතා උසස් තත්ත්වයේ සංවාදයක් පැවැත්වීමට හැකියාව ලැබෙන පරිදි මෙම කෘතිම බුද්ධය සකස්වී ඇත.
මෙහිදී ඉන්දීය රජයේ සහාය ඇතිව, ‘ජුගල්බන්ඩි’ දැනටමත් වැටසැප් සහ ටෙලිග්‍රෑම් වැනි සන්නිවේදන යෙදවුන් බලගන්වමින් ඕනෑම කෙනෙකුට ඉන්දියානු භාෂා 10කින් රජයේ යෝජනා ක්‍රම 11 පිළිබඳ ප්‍රශ්න ඇසීමට ඉඩ සලසයි.
ජුගල්බන්ඩි යනු භාෂිනි යටතේ ඇති යෙදවුමක් වන අතර එය පවතින තාක්ෂණය භාවිතා කරමින් විවිධ ඉන්දියානු භාෂා අතර බාධක බිඳ දැමීම අරමුණු කරගත් දේශීය භාෂා පරිවර්තන මෙහෙයුමකි.
ඉන්දීය රජය විසින් ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වසර දහස් ගණනක සිට ඉන්දියාව තුල පැවැති බරපතම අභියෝගයක් වූ භාෂා ගැටලුවට විසදුම් දීමට සමත්ව ඇත. එමගින් ඕනෑම ඉන්දියානුවෙකුට සිය ස්මාට් දුරකථනය භාවිතා කරමින් ඕනෑම ඉන්දියානු භාෂාවක් කතා කරන පුද්ගලයෙකු සමඟ කතා කිරීමට හැකියාව උදාවේ.
මෙමගින් මෙතෙක් ඉන්දියාවේ පැවති පරිපාලනමය අභියෝග රැසක්ද විසඳීමට සමත්වනු ඇති බවටද අපෙක්ෂිතය.







