බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියා – පකිස්ථාන තරගය ලංකාවේදී දෙවැනි වරටත් වැස්සට හේදෙයි… අද දිනයේ තරගය අත් හැර දමයි!

අද ඉවර වුන තැනින් හෙට පටන් ගත්තත් හෙට කාලගුණය ගැන අනාවැකියත් අද වගේමයි...

by editor
සැප්තැම්බර් 10, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කාලගුණ අනාවැකි ඇත්ත වී තිබේ. සුපිරි වටයේ චමත්කාරජනකම  තරගය වැස්සට හේදී ගොස් ඇත.  තරගය අද නතර කළ තැන සිට හෙට ආරම්භ කිරීමට නියමිතය.  එහෙත් ඛේදවාචකය වන්නේ කාලගුණ අනාවැකි අනුව  හෙට දිනයේ කාලගුණයත් අද දිනයට සමාන වීමය.

ආසියානු කුසාලන තරගාවලියේ   පළමු වටයේ ඉන්දියා පකිස්ථාන තරගයත් පල්ලේකැලේ දී දියවී ගියේය.  හෙට පිළිබඳව ඇත්තේ මහත් වූ අපේක්ෂාවක් පමණි.

අද සවස 3ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනුවේ පකිස්ථාන කණ්ඩායමය. පකිස්ථානය පන්දු රැකීම තේරුවේය. එහෙත් තරගයේ 24 වැනි ඕවරයේ 1 වැනි පන්දුවේදී  ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලුනේය. තරගය 4.52ට තාවකාලිකව නැවතිනි. ඒ වනවිට  ඉන්දියානු කණ්ඩායම ලකුණු 146ට කඩුළු 02ක් බිඳවැටී තිබිණි.

විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන් නායක රෝහිත් ෂර්මා පන්දු 49ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර 04ක් සමග  ලකුණු 56ක් ලැබුවේය. ශුබ්මන් ගිල් පන්දු 52ක් තුළ හතරේ පහර 10ක් සමග ලකුණු 58ක් ලැබීය. ඉන්දියාවේ  පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 121දී ය.

පන්දුවට පහර දෙමින් සිටියේ විරාට් කෝලි සහ කේ.එල්. රාහුල්ය. කෝලි පන්දු 16ක් තුළ ලකුණු 08ක්, කේ.එල්. රාහුල් පන්දු 28ක් තුළ ලකුණු 17ක් ලබා නොදැවි කඩුල්ලේ සිටියේය. ෂහීම් ෂාහ් ඇෆ්රිඩි සහ ෂඩාබ් ඛාන් පකිස්ථානය වෙනුවෙන් කඩුල්ල බැගින් බිඳ දැමූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Fakhar Zaman helped the groundstaff in Columbo get the covers on…which was very nice 👌 pic.twitter.com/tOYlqCMyK0

— Aatif Nawaz (@AatifNawaz) September 10, 2023

 

තරගයට මහා වැසි ඇදහැලෙන විට පකිස්ථාන ක්‍රීඩක ෆකාර් සමාන්ගේ අපූරු කැපවීම ක්‍රීඩා ලෝලීන් තුළ මහත් ආදරයක් ඇති කළේය. ඔහු පිටියේ කම්කරුවන් සමග එක් වී වැසි ආවරණ ඇදගෙන යනු පෙනුණි.

විනිසුරුවරු තරගය අද දිනය තුළ අඩු ඕවර ගණනකින් හෝ පවත්වා නිම කිරීමට කරන කැප කිරීම  දක්නට ලැබුණේය. පිටියේ කාර්ය මණ්ඩලය සිය උපරිමය ලබා දෙමින් සිටියහ.

සවස 5.55ට වැසි ආවරණ ඉවත් කෙරිනි. පිටියේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් පිටිය ක්‍රීඩාවට සුදුසු මට්ටමට පත් කිරීමට විශාල වෙහෙසක් දරමින් උන්හ. වැස්ස සම්පූර්ණයෙන් නැවතී ඇති බවක් පෙනුණි.  එහෙත් පිටිය පැවතියේ ඉතාම තෙත බරිතවය. පන්දු යවන්නන් දිව එන සීමාවේ ජලය රැඳී තිබිණි. ඒ තත්ත්වය සමනය කරගෙන රාත්‍රී 8.30ට තරගය ආරම්භ කිරීමට තීන්දු කළත් 8.30න් පසු වර්ෂාව පතිත වුවහොත් තරගය අද දිනයේ අත් හරින්නට සිදුවන බවට පැහැදිලි විය.

විනිසුරුවරු  රාත්‍රී 8 වනවිට දෙපාර්ශවයේ නායකයන් සමග සාකච්ඡා කර පන්දු ඕවර 30කට තරගය සීමා කිරීමට තීන්දු කළේය. එහෙත් රාත්‍රී 8.30 වනවිට යළිත් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුනේය.

ඒ අනුව තරගය අද දිනයේ දී අත් හැර දැමිනි. පන්දු ඕවර 20කට වඩා වැඩිපුර ක්‍රීඩා කර ඇති බැවින් හෙට තරගය අද නැවැත්වූ තැනින්න ආරම්භ කිරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආයතන ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරයක්.. කැබිනට් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 300ක ඊමේල් ලිපින 5000ක තොරතුරු අස්ථානගත වෙලා!

Next Post

ජුගල්බුන්ඩි ජී 20 දී එළි දුටු ඉන්යාදිවේ කෘතිම බුද්ධි යෙදුම

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.