තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් ආරක්‍ෂාව වැඩි කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධව අගෝස්තු 9 අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරන ලෙස නියෝග කරමින් වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට, ජාතික පොලිස් කොමිසමට සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නට පුද්ගලික නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය අද නියෝග කළේය.
ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසි භාර දීම සිදු කරන ලෙස විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් දැනුම් දුන්නේය.
අනතුරුව පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය.
තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් දැනට ලබාදී තිබෙන ආරක්ෂාව දැඩි කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මෙම පෙත්සම ගොනුකර ඇත.
දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.







