එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
51/1 යෝජනාවට රට දිගින් දිගටම විරුද්ධ වන අතර බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ වී නොමැති බව කැබිනට් මණ්ඩලය තීරණ කළ බව කැබිනට් තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අද පැවසුවේය.
එම යෝජනාව ප්‍රතික්ෂේප කළද, ප්‍රතිසන්ධානය ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු දේශීය ක්‍රියා පටිපාටි හරහා විසඳීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් නව රජයේ පරමාර්ථය සාධාරණ සමාජයක් බවත් කැබිනට් ප්‍රකාශකවරයා කීවේය..
තවද, ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ අනෙකුත් නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ සහයෝගී සහ අර්ථාන්විත සාකච්ඡා වල නිරත වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.







