සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම සහයෝගයක් දෙන්න ඇමරිකාව සූදානම්…. බයිඩන්ගේ සුබ නිල පැතුම අරන් ජුලී ජනපති ලේකම් හමුවෙයි…

by editor
ඔක්තෝබර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එවූ සුබපැතුම් පණිවිඩය ද සහිතව ඇමරිකානු තානාපතිනිය ජූලී චුං අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවී තිබේ.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය ද පළ කර ඇත.

ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ සඳහන් කර තිබේ. “මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ.“

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන්   විසින් සුභවාදී අදහස් පළ කර තිබේ.

ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යොමු කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

පණිවිඩය රැගෙන පැමිණි ඇමරිකානු තානාපතිනිය ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බවය.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික වන බව තානාපතිනිය දන්වා ඇත.

පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බවත් දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල් වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට කටයුතු කරන බවත් ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් වැඩිදුරටත් සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි!

Next Post

උපුල් තරංගට වරෙන්තුවක්… ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.