අපේ රටේ සිටි විශිෂ්ටතම රංගන ශිල්පියෙක්, වේදිකා නාට්‍යකරුවෙක්, සිනමා කරුවෙක් මෙන්ම විචාරකයෙක් වූ අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනිගේ බිරිය කුමාරි මුණසිංහ සජිත් ප්‍රේමදාස ගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා එක් වී ඇත.
මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපතමයෙක් මෙන්ම ඔහුගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ ජැක්සන් ඇන්තනිගේ දේශපාලනය සහ කලා ජිවිතය පසුපස කුමාරි මුණසිංහ සෑම විටම සිටියාය.ඇයත් දක්ෂ නිලියක මෙන්ම ගායන ශිල්පිනියකි.
2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වන කුමාරි මුණසිංහ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.







