සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජානකී සිරිවර්ධනගේ රෙකමදාරුව මත ප්‍රියමාලි ලඟ මුදල් තැන්පත් කළ ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්!

රාජපක්ෂලාගේ බව කියමින් ජානකී ප්‍රියමාලි සමග එක් වී කළ ඩොලර් විකිණිල්ලක තොරතුරු හෙළි වෙයි...

by editor
ඔක්තෝබර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අලුතින් පිහිටුවන ලද මිශ්‍ර ආයෝජන  ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන  ජානකි සිරිවර්ධන ගේ රෙකමදාරුව යටතේ තිළිණි ප්‍රියමාලි  රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තැන්පත් කළ මොරටුව ප්‍රදේශයේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙක් අද ( 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

තිළිණි ප්‍රියමාලි තිකෝ සමූහ ව්‍යාපාරය සඳහා ලබා ගත් ආයෝජන   රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙක් බව කියන  ජානකී සිරිවර්ධනගේ මිශ්‍ර අයෝජන ව්‍යාපෘතියේ  ආයෝජනය කළ බවට තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරයේ සිට ලබා දුන් කටඋත්තරයක් හා අසාද් සාලි විසින් ලබා දුන් කටඋත්තරයකට අනුව මින් පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජානකී සිරිවර්ධනගෙන් ප්‍රශ්න කර තිබිණි.

අද පානදුරේ දුරකථන ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදාක දැන නොසිටි තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව හඳුන්වා දෙන්නේ ජානකී සිරිවර්ධන බවත්,  තිළිණි ලඟ මුදල් තැන්පත් කරන්නේ ජානකී ගෙන් ලද රෙකමදාරුව නිසා බවත්ය.

ඔහු එම මුදල තැන්පත් කර ඇත්තේ තිළිණි ප්‍රියමාලිගෙන් වෙළඳපලේ මිලට වඩා අඩු මිලකට ඩොලර් මිලදී ගැනීම සඳහාය.

ඔහු ප්‍රකාශ කර ඇති පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජානකී සිරිවර්ධන මෙම දුරකථන ව්‍යාපාරිකයා කලක සිට හඳුනන ඔහුගේ හොඳ ගැනුම් කරුවන්ගෙන් කෙනෙකි. අරගලය වකවානුවේ දි ජානකී සිරිවර්ධන මෙම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබා දී තමන්ගේ යෙහෙළියකට දුරකථනයක් අවශ්‍ය බවත් එම මාදිලියේ දුරකථනයත් රැගෙන සිය නිවසට පැමිණෙන ලෙසත් දන්වා තිබේ.

එම දැන්වීම අනුව  එම ව්‍යාපාරිකයා දුරකථනයත් රැගෙන ජානකී සිරිවර්ධනගේ නිවසට යනවිට නිවසේ සිටි තිළිණි ප්‍රියමාලි දැක ඇත. ඇය විශාල ඩොලර් ප්‍රමාණයක් වටේ තබාගෙන ඒවා ගනිමින් සිට තිබේ.

මෙහි දී ජානකී සිරිවර්ධන පවසා ඇත්තේ ඩොලර් රාජපක්ෂලා සන්තකව තිබුණු ඒවා බවත්, පවතින තත්ත්වය තුළ වහාම මෙම මුදල් රුපියල් බවට පත්කිරීම අවශ්‍ය වී ඇති බවත් වෙළෙඳපලේ මිලට වඩා අඩු මිලකට ඩොලර් ලබා ගැනීම සඳහා තිළිණිව හඳුනා ගන්නා ලෙසත්ය.

ඇය පවසා ඇත්තේ තිළිනි ප්‍රියමාලි විශ්වාසයෙන් යුතුව  මුදල් ආයෝජනය කළ හැකි ව්‍යාපාරිකයෙක් බවය.

මේ රෙකමදාරුව සමග තමන් ඇස් දෙකින් දුටු දේත් සිහියේ තබාගෙන ව්‍යාපාරිකයා මුලින්ම තමන් සන්තයේ තිබූ ලක්ෂ පනහක මුදලක් තිළිණි ප්‍රියමාලි වෙත ලබා දී ඇත. එ අවස්ථාවේදීම ඔහුට පොරොන්දු වූ ගැනුම් මිලට ලක්ෂ 50ට අදාල ඩොලර් ප්‍රමාණය ලබා දීමට ප්‍රියමාලි කටයුතු කර තිබේ.

මේ විශ්වාසයත් සමග ව්‍යාපාරිකයා අසීරුවෙන් එකතු කරගත් කෝටි හතරක මුදලක් ඩොලර් ලබා ගැනීමට ප්‍රියමාලි වෙත ලබා දී ඇත.

එම මුදල් ලබාගෙන ටික දිනයක් යන විට මෙම  කාන්තාවගේ හැසිරීම වෙනස්  වී තිබේ.   රටේ පවතින තත්ත්වය මත ඩොලර් ලබා දීම අපහසු වී ඇති ආකාරය  දන්වමින් ඇය ඔහුගේ මුදල් ලබා දීම ද මග හැර තිබේ.

මේ සම්බන්ධව සැකයක් ඇති වූ වහාම ව්‍යාපාරිකයා සිය මුදල නැවත වරක් ඉල්ලා ඇත. අනතුරුව  ඒ මුදල් වෙනුවෙන් ප්‍රියමාලි  ලබා දී ඇති චෙක්පත් අවස්ථා කීපයක දී අගරු වී තිබේ.

ඉතාම අසීරු තත්ත්වයකට පත් වී සිටි ව්‍යාපාරිකයා කළ යුත්තේ කුමක් දැයි වටහාගත නොහැකිව සිටියදී තිළිණි ප්‍රියමාලි  පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

ඒ අනුව ඔහු අද ඒ සිද්ධිය විස්තර කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිය පැමිණිල්ල සටහන් කර  ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කන්‍යා සොයුරියනුත් “බ්ලූ“ බලන්න පුරුදු වී ඇති අයුරු  පාප් වහන්සේ හෙළිකරති!  

Next Post

රට යන්න ගිය රන්ජන් කටුනාකයදී හරවා එවයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.