අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාන විකෘතිවලින් ආරක්ෂාව සපයන, ප‍්‍රභල පිළිකානාශක ගුණ සහිත වැල වරකා වයින්

by Lanka Sara Editor
අගෝස්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සැර ඇල්කොහොල් වර්ග අධික ලෙස පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉමහත් අහිතකර බලපෑමි ඇති විය හැකි තත්ත්වයක් වුවද, පලතුරු වර්ග පැසවීමෙන් නිෂ්පාදනය කරනු ලබන වයින් මධ්‍යස්ථ වශයෙන් පානය කිරීම සෞඛ්‍ය ප‍්‍රතිලාභ සදහා හේතු වෙනව කියලයි පිලිගැනෙන්නේ.

අප එදිනෙදා අනුභව කරනු ලබන ආහාරවල ඇති මූලික පෝෂණ වටිනාකම්වලට අමතරව සෞඛ්‍ය ප‍්‍රතිලාභ සදහා හේතුවන ආහාර ප‍්‍රභවයන්ගෙන් ලබාගත හැකි ඕනෑම නිෂ්පාදනයක් විස්තර කිරීමට භාවිතා කරන පුළුල් යෙදුමක් තමයි, නියුටිරාසූටිකල්ස් (Nutraceuticals) කියල කියන්නේ. නීරෝගී කෙනෙකුගේ සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න යහපැවැත්ම ප‍්‍රවර්ධනය කිරීම, රෝගියකුගේ රෝග ලක්ෂණ පාලනය කිරීම සහ රෝගයක මාරාන්තික බව අඩු කිරීම සඳහා භාවිතා කරන ඔසු නොවන ජීව විද්‍යාත්මක ප‍්‍රතිකාර විදියට නියුට්රාසූටිකල් භාවිත කළ හැකිය.

රතු මිදිවලින් නිෂ්පාදන කරනු ලබන වයින්වල තිබෙන රෙස්වරට්‍රෝල් (Resvaratrol) කියන ප‍්‍රතිඔක්ෂිකාරකයෙන් ලැබෙන විශේෂිත සෞඛ්‍යමය ප‍්‍රතිලාභ නිසා රතු වයින්වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. රෙස්වරට්‍රොල් මගින් හදවත් රෝගවලින් ආරක්ෂාව සැලසෙන බවත්, රුධිර කැටි ඇතිවීම වැළැක්වෙන බවත්, වයසට යාම පාලනය කෙරෙන බවත් සොයා ගෙන තිබෙනවා.

වැල වරකාවලින් නිෂ්පාදනය කළ වයින්වලද සුවිශේෂී ඖෂධීය ගුණ සහිත ප‍්‍රභල ශාක රසායනික අනුක කිිහිපයක්ම සංයුක්ත වන බවට විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා. ඒවා අතරින් ප‍්‍රභල ප‍්‍රතිඔක්ෂිකාරක ගුණ පෙන්වන ගැලික් අම්ලය සහ ප්‍රොටොකැටෙචුයික් අම්ලය යන ෆීනෝලික් සංයෝග දෙකෙහි ක‍්‍රියාකාරිත්වය පිළිබද විද්‍යාඥයින්ගේ විශේෂ අවදානය යොමු වී තිබෙනවා. (gallic acid / protocatechuic acid)

මේ කියන ෆීනෝලික සංයෝග දෙක නිසාවෙන් වැල වරකා වයින් පානය කිරීමෙන් පාරජමිබුල කිරණ සහ ගැමා කිරණවලින් අපගේ ජානවල ඩීඑන්ඒ වලට සිදුවන හානිවලින් පවා ආරක්ෂාව ලැබෙනු ඇති බවට සොයා ගෙන තිබෙනවා. ඩීඑන්ඒ වලට හානි සිදුවීමෙන් ජාන විකෘති ඇති වීමට මග පාදයි. ජාන විකෘතිතා පිළිකා සදහා හේතු වෙයි. වැල වරකා වයින්වල ඉහත කී ෆීනොලික් සංයෝග දෙකට අමතරව තිබෙන තවත් ප‍්‍රතිඔක්ෂිකාරක ශාක රසායනයන්ගේ ඒකාබද්ධ ගුණ හේතුවෙන් වැල වරකා වයින් පරිභෝජනය කරන්නන්ගේ් සෞඛ්‍ය ප‍්‍රතිලාභ තහවුරු කෙරෙන බව විද්‍යාඥයින් අවදාරණය කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පර්යේෂණවලින් ඉස්මතු කෙරෙන ඉතා වටිනා කාරණාවකට නොපමාව අපගේ අවදානය යොමු විය යුතුව ඇත. එනමි මෙකී පර්යේෂණාත්මක කරුණු කාරණා මත පදනමිව හරි හැටියට සමාජ අලෙවිකරණයක් කර ගත්තොත්, (Social marketing) ගස්පල්ලේ කුණුවෙලා යන වැල වරක වලින් සමහර විට ඩොලර් උල්පතක් පාදා ගන්නට වුව බැරි නැත.

https://www.researchgate.net/publication/251617829_Preparation_and_evaluation_of_antioxidant_capacity_of_Jackfruit_Artocarpus_heterophyllus_Lam_wine_and_its_protective_role_against_radiation_induced_DNA_damage

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ බන්ධනාගාරය වෙනත් තැනකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ කටයුත්තකට යෙදුවහොත් විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා – ජනපති

Next Post

අමුතු හැඩයකින් ජය ශ්‍රී ලා කරපු අලුත් වැඩේ… ‘මතුවෙන්න – The Diamond Story’

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.