සැර ඇල්කොහොල් වර්ග අධික ලෙස පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉමහත් අහිතකර බලපෑමි ඇති විය හැකි තත්ත්වයක් වුවද, පලතුරු වර්ග පැසවීමෙන් නිෂ්පාදනය කරනු ලබන වයින් මධ්‍යස්ථ වශයෙන් පානය කිරීම සෞඛ්‍ය ප‍්‍රතිලාභ සදහා හේතු වෙනව කියලයි පිලිගැනෙන්නේ.
අප එදිනෙදා අනුභව කරනු ලබන ආහාරවල ඇති මූලික පෝෂණ වටිනාකම්වලට අමතරව සෞඛ්‍ය ප‍්‍රතිලාභ සදහා හේතුවන ආහාර ප‍්‍රභවයන්ගෙන් ලබාගත හැකි ඕනෑම නිෂ්පාදනයක් විස්තර කිරීමට භාවිතා කරන පුළුල් යෙදුමක් තමයි, නියුටිරාසූටිකල්ස් (Nutraceuticals) කියල කියන්නේ. නීරෝගී කෙනෙකුගේ සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න යහපැවැත්ම ප‍්‍රවර්ධනය කිරීම, රෝගියකුගේ රෝග ලක්ෂණ පාලනය කිරීම සහ රෝගයක මාරාන්තික බව අඩු කිරීම සඳහා භාවිතා කරන ඔසු නොවන ජීව විද්‍යාත්මක ප‍්‍රතිකාර විදියට නියුට්රාසූටිකල් භාවිත කළ හැකිය.
රතු මිදිවලින් නිෂ්පාදන කරනු ලබන වයින්වල තිබෙන රෙස්වරට්‍රෝල් (Resvaratrol) කියන ප‍්‍රතිඔක්ෂිකාරකයෙන් ලැබෙන විශේෂිත සෞඛ්‍යමය ප‍්‍රතිලාභ නිසා රතු වයින්වලට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. රෙස්වරට්‍රොල් මගින් හදවත් රෝගවලින් ආරක්ෂාව සැලසෙන බවත්, රුධිර කැටි ඇතිවීම වැළැක්වෙන බවත්, වයසට යාම පාලනය කෙරෙන බවත් සොයා ගෙන තිබෙනවා.
වැල වරකාවලින් නිෂ්පාදනය කළ වයින්වලද සුවිශේෂී ඖෂධීය ගුණ සහිත ප‍්‍රභල ශාක රසායනික අනුක කිිහිපයක්ම සංයුක්ත වන බවට විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා. ඒවා අතරින් ප‍්‍රභල ප‍්‍රතිඔක්ෂිකාරක ගුණ පෙන්වන ගැලික් අම්ලය සහ ප්‍රොටොකැටෙචුයික් අම්ලය යන ෆීනෝලික් සංයෝග දෙකෙහි ක‍්‍රියාකාරිත්වය පිළිබද විද්‍යාඥයින්ගේ විශේෂ අවදානය යොමු වී තිබෙනවා. (gallic acid / protocatechuic acid)
මේ කියන ෆීනෝලික සංයෝග දෙක නිසාවෙන් වැල වරකා වයින් පානය කිරීමෙන් පාරජමිබුල කිරණ සහ ගැමා කිරණවලින් අපගේ ජානවල ඩීඑන්ඒ වලට සිදුවන හානිවලින් පවා ආරක්ෂාව ලැබෙනු ඇති බවට සොයා ගෙන තිබෙනවා. ඩීඑන්ඒ වලට හානි සිදුවීමෙන් ජාන විකෘති ඇති වීමට මග පාදයි. ජාන විකෘතිතා පිළිකා සදහා හේතු වෙයි. වැල වරකා වයින්වල ඉහත කී ෆීනොලික් සංයෝග දෙකට අමතරව තිබෙන තවත් ප‍්‍රතිඔක්ෂිකාරක ශාක රසායනයන්ගේ ඒකාබද්ධ ගුණ හේතුවෙන් වැල වරකා වයින් පරිභෝජනය කරන්නන්ගේ් සෞඛ්‍ය ප‍්‍රතිලාභ තහවුරු කෙරෙන බව විද්‍යාඥයින් අවදාරණය කර ඇත.
මෙම පර්යේෂණවලින් ඉස්මතු කෙරෙන ඉතා වටිනා කාරණාවකට නොපමාව අපගේ අවදානය යොමු විය යුතුව ඇත. එනමි මෙකී පර්යේෂණාත්මක කරුණු කාරණා මත පදනමිව හරි හැටියට සමාජ අලෙවිකරණයක් කර ගත්තොත්, (Social marketing) ගස්පල්ලේ කුණුවෙලා යන වැල වරක වලින් සමහර විට ඩොලර් උල්පතක් පාදා ගන්නට වුව බැරි නැත.
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක