සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිවාදීන් මර්ධනය කරන්න තියන නීති මදි නම් අලුතින් නීති ගෙනවා… ත්‍රස්ත පනත ගැන අහපු විපක්ෂ විපක්ෂ නායකවරායට ආණ්ඩු පක්ෂ සංවිධායක උත්තර දෙයි!

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Nalinda
Share on FacebookShare on Twitter
  • අපව විවේචනය කරන්න… අපට ඇති තරම් මඩ ගහන්න. ජනාධිපතිවරයාට මඩ ගහන්න… ඒ සඳහා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඔබට තියනවා… ඒත් ජාතිවාදය ආගම් වාදය අවුස්සන අපරාධය කරන්න එපා…

  • මාධ්‍යයට කියන්නෙ අපි වෙනස් වෙමු. අපව පරද්දන්න ඕන නම් සාධාරණ විවේචන කරන්න. අපව නිර්දය විවේචන කරන්න… කමක් නෑ…. ඒත් ජාතිවාදී ගොහොරුවට රට තල්ලු කරන්න එපා…

  • හොඳට බලන්න මේ ජාතිවාදී ප්‍රකාශවල එල්ලී ඉන්නේ කවුද?.  ප්‍රධානම කෙනෙක් පොදු  ජන පෙරමුණේ පාලක ලේකම්වරයා. එයාගෙ ෆේස් බුක් එකට ගහින් බලන්න කොටි ලාංඡන ප්‍රවර්ධනය කරන හැටි 

ජාතිවාදය මතු කර රට යළි ව්‍යසනයට ලක් කිරීමට කටයුතු කරනවා නම් තිබෙන අණ පනත් ක්‍රියාත්මක කර නොව අලුත් අණ පනත් සම්මත කරගෙන හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන බව ආණඩුවේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සමාජ මාධ්‍යකරුවන් දඩයම් කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රජයට අවවාද කළේ කියපු දේ කරන ලෙසය. වේදිකාවක් වේදිකාවක් පසා ගිහින් කළ ප්‍රකාශ සියල්ල රජය විසින් කඩ කර ඇති බවත්, අයි.එම්.එෆ් ගිවිසුම ඒ අයුරින්ම පවත්වාගෙන යෑම, රටින් සහල් ආනයනය කිරීම. ඉන්ධන මිල සූත්‍රය පවත්වා ගැනීම මේ වනවිටත් සිදුකර ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර පුද්ගල දඩයමට කළ උත්සාහය අධිකරණය විසින් ව්‍යර්ථ කර ඇති බවය. ඒ නඩු තීන්දුව යළි කියවන ලෙස ද විපක්ෂ නායකවරයා රජයට යෝජනා කළේය.

විපක්ෂ නායකවරයා කීවේ මෙවැන්නකි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

” මැතිවරණයට පෙර එන්.පී.පී වේදිකාවක් වේදිකාවක් ගානෙ අපට අහන්න ලැබුණා ත්‍රස්වාදය වැලැක්වීමේ පනත සහමුලින්ම ඉවත් කරනවා කියලා. නමුත් මේ වනවිට අපට අහන්න ලැබුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස සහ පුරවැසි නිදහස අහිමි කරලා තියනවා. මාධ්‍ය දඩයමක නිරතවීම සාධාරණද?”

“මේ තරම් විශාල ජන වරමක් ලබා ගැනීමේ දි සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වනවිට ඉවත් කරනවයි කියපු පීටීඒ එක උපයෝගී කරගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියපු දේ කරන්න කියලා. ඒ විදිහට කියපු දේ කරනවා නම් මේ මර්ධනය නතර කරන්න.”

මීට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට මෙසේ ප්‍රකාශ කළේය.

මම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය උපුටා දක්වන්නම්. අපිට දේශපාලන වශයෙන් විවිධ මති මතාන්තර දරන්න පුලුවන්. හැබැයි එක දෙයක් මම ඔබට වගකීමෙන් කියනවා. අපේ රටේ ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ. මොකද අපි ඇති පමණ ජාතිවාදී ගැටුම්වලින් බැට කෑ ජනතාවක්.

මම ඔබතුමාට මේක කියන්න කැමතියි, අපි ජාතිවාදය ගැන හොඳට අත්දැකීම් තියන රටක් නේ. පහුගිය මැතිවරණයෙදිත් තමුන්නාන්සෙලා කල්පනා කරලා බලන්න හෘදය සාක්ෂියට තට්ටු කරලා බලන්න, අපට විරුද්ධව ජාතිවාදය ආගමික අන්තවාදය මොන මොන ආකාරයට පාවිච්චි කරන්න උත්සාහ කළා ද කියලා.

දැන මෙතන ඉන්න කාටවත් පහුගිය කාලේ පන්සල් යන්න බැරිවුනාද?. පල්ලි යන්න බැරි වුනාද?… යාඥා කරන්න බැරි වුනාද?. කුරාණය කියන්න බැරිවුනා ද?. ධම්ම පදය කියවන්න බැරි වුනා ද?. කෝවිල් යන්න බැරි වුනා ද?…. කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ… හැබැයි මැතිවරණ කාලේ දැනුම්වත්ව බොරු කිව්වා අපි ආවොත් ඒ වැඩ ටික රගෙන යන්න බෑ කියලා. දැන් ඔය ලස්සනට කරගෙන යන්නේ ඒ වැඩ ටික.

එපමණක් නෙමෙයි. සමහර මන්ත්‍රීවරුන් කිව්වා පෙරහර කරන්න දෙන්නෙ නෑ කිව්වා. එහෙම කට්ටිය තමයි ජාතිවාදය අවුස්සමින් දැන් රට විනාශ කරන්න හදන්නෙ. අපි ආණ්ඩුවක් හැටියට ජාතිවාදයට නම් කිසිසේත් ඔලුව උස්සන්න දෙන්නෙ නෑ. ඒකට මේ තියන පනත් ප්‍රමාණවත් නැතිනම් අලුත් පනත් ගෙනත් හරි ජාතිවාදය නතර කරන්න අපි කටයුතු කරනවා.

හොඳට බලන්න මේ ජාතිවාදී ප්‍රකාශවල එල්ලී ඉන්නේ කවුද?. හොඳට බලන්න…. පොදු ජන පෙරමුණේ පාලක ලේකම්වරයා. එයාගෙ ෆේස් බුක් එකට ගහින් බලන්න. වීඩියෝ දාලා තියනවා   කොටි ලාංඡන ප්‍රවර්ධනය කරන හැටියට. එක්කෙනෙක් කෝට්ටේ යූඑන්පී එකේ නාගරික මන්ත්‍රී තුමිය. එතුමිය දැන් ලංකාවෙ නෑ. ලංකාවෙ නැතිව ඉඳමින් එයාෆේස් බුක් එක ටික් ටොක් එක වැඩ කරන්නේ ජාතිවාදය වපුරන්න. ඒ ගොල්ල තමයි දැනුම්වත්ව මේ වැඩේ කරමින් ඉන්නේ.

මේ ආකාරයේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනිම් කරලා තියෙන්නේ. පොලිසිය විමර්ශනය කරලා මොන නීතියෙන්ද අධිකරණයට ඉදිරිපත් කරන්නේ කියලා පොලිසිය තීන්දු කරයි.

අපි භාෂණයට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අපට විරුද්ධව. ජනාධිපති තුමාට විරුද්ධව. අග්‍රාමාත්‍ය තුමියට විරුද්ධව අපේ මේ හැම මන්ත්‍රීවරයෙකුම විරුද්ධව. ඔබතුමාලා අපහාස කරලා ඇති. අපට නැති දේවල් කියලා ඇති. ඒවා ප්‍රශ්නයක් නෑ… හැබැයි මතක තියාගන්න දේශපාලන ඇරමුණු වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කරන්න එපා.

ඔබතුමාලා දැනුම්වත්ව මේ පාවිච්චි කරන්නේ. සමහර අය ඡන්දෙ ඉල්ලපු අය. ඒ අය තමයි තමන්ගෙ එෆ්.බී. එකේ සමාජ මාධ්‍ය ගිනුම්වල මේ වගේ දේවල් කරමින් ඉන්නේ. ඒකට ඉඩ දෙන්නෙ බෑ කතා නායක තුමනි.

කෙනෙක් මේක ත‍්‍රස්තවාදී සංවිධාන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කරනවා. 2012 අගෝස්තු 29 එවකට ආණ්ඩුව ගහපු ගැසට් එකක් තියනවා ත්‍රස්තවාදී සංවිධානවල ලාංඡන, කොඩි පතාක ප්‍රවර්ධනය තහනම් කරලා. හැබැයි මම ඔය කියපු කට්ටියගේ ගිනුම්වලට ගිහින් බලන්න. ඉවත් කරලා නැතිනම් ඒ අය එල්ටීටීඊ කොඩිය ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ අයට විරුද්ධව තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ.

ඒ නිසා කිසිම ආකාරයක ජාතිවාදය මතුවෙන්න ඉඩ දෙන්නෙත් නෑ. ජාතිවාදය දඩමීමා කරගෙන දේශපාලනය කරන්නත් අපි මේ රටේ හදන්නේ නෑ.

ඒ උනත් මේවට උඩ ගෙඩි දෙන්න එපා. ඔබතුමාලට ජාතිවාදයෙන් තොරව දේශපාලනය කරන්න පුලුවන්. කරලා බලන්නකො. ඒක කරන්න පුලුවන් ඔයගොල්ලන්ට.

පවුලේ කෙනෙක් මිය ගියාට පස්සේ ඒ අය සමරන්න අයිතියක් තියනවා. ඒකට අපි ඉඩ දුන්නා. ඒ ප්‍රකාශය පවා විකෘති කරලා සමහර මාධ්‍යවල පල කරලා තිබුනා මහජන ආරක්ෂක ඇමතිවරයා කිව්වා කියලා. එතෙන්ට යන්න එපා.

මම මාධ්‍ය ඇමතිවරයා ලෙස කියන්නේ සියලු මාධ්‍යවලට මේ ජනවරම තේරුම් අරන් අපි එහෙම හැසිරෙමු. ජනතාව එතෙන්ට ඇවිත් තියනවා නම් මාධ්‍යවලට එතෙන්ට බැරි කමක් නෑ. ඔබට අපව පරද්දන්න ඕන නම් ඇත්ත විවේචන කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඇත්ත විවේචනය කරන්න. අඩුපාඩු පෙන්වා දෙන්න. අපි ඉතාම සංයමයෙන් ඒවා ඇහුම්කන් දෙන්න සූදානම්.

මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියනවා නම් මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශයක් කරයි.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල ද මෙහිදී ප්‍රකාශක් කළේය.

විපක්ෂ නායක තුමා අත් අඩංගුවට ගැනිම් කීපයක් ගැන ප්‍රශ්න මතු කරලා. ජාතිවාදය අවුලුවලා කිසිවෙකුට ඉඩ තබන්නේ නෑ, හෙට දිනයේ දි මම ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වීසා තබා ගුවන් ගමන් බලපත්‍රයවත් නැති ඉන්දුනීසියානු ජාතිකයින් 08ක් නුවරඑළිය මුස්ලිම් පල්ලියක සිට අත් අඩංගුවට… ඔවුන් සමග පැමිණි 191ක් ගැන විමර්ශන…

Next Post

ලිට්‍රෝ ගෑස් මිල මේ මාසයේදීත් වෙනස් නොවෙයි…. ජනතාවට සහන දෙන්න ගෑස් මිල වැඩි නොකර තිබුණු මිලෙහිම පවත්වාගෙන යනවලු….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.