අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික උරුමයේ ඔප්පුවක් වූ තිස්ස විහාරයට එරෙහිව ජාතිවාදී දෙමළ දේශපාලකයෝ විරෝධතා අරඹති!

by editor
මැයි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනය ,කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු  අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.

තිස්ස මහා විහාරය නවකම් කර විවෘත කළ අවස්ථාව….

විරෝධතාවය අතරතුර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්   ඇතුළු විරෝධතාකරුවන් අට්ටාලයක් සකස්කර විහාරස්ථානයට විරෝධය පලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමත් සමඟ එය වැලැක්වීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගැනින.

විරෝධතාකරුවන් නොසන්සුන්ව හැසිරෙමින් විහාරස්ථානයට හා ආරක්ෂක අංශ වෙත විරෝධය පලකිරීමත් සමඟ පොලිසිය හා යුද හමුදාව එක්ව තිස්ස විහාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකළ අතර රාත්‍රියේ විහාරස්ථානය අවට මාර්ග වසා දැමීමට පියවර ගැනින.

විරෝධතාකරුවන් පවසා සිටියේ යුද හමුදාව  පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වෙහෙර විහාර ඉදිකිරීම් සිදුකරන බවත් එම ඉදිකිරීම් නවතාදමා සිවිල් ජනතාවට ඉඩම් ලබාදෙන ලෙසත්ය.

විහාරයේ චෛත්‍ය ඇතුළු ඉදිකිරීම් සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත් බලහත් කාරයෙන් මෙම ඉදිකිරීම් සිදුකොට ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දේශපාලන මැදිහත්විම….

කෙසේ වෙතත් ඓතිහාසික තිස්ස විහාරය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවෙන ඓතිහාසික පුදබිමකි.  මහාවංශය ප්‍රකාරව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන දඹකොල පටුනින් ගොඩබැස යළි අනුරාධපුරය කරා යන ගමනේ දී දෙවන පෑතිස් රජ ප්‍රමුඛ සේනාවන්හි රැකවරණය සහිතව තෙදිනක් ගිමන් හළ භූමියේ තිස්ස විහාරය පිහිටුවීය. ඒ දෙවන පෑතිස් රජ දවසමය.

මේ භූමියේ වර්ෂ 1956 දක්වා පන්සලක් පැවතිනි. මේ අවට අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන පුරාණ නටබුන් ප්‍රමාණයක් විසිරී ඇති අයුරු අදත් දැක ගත හැකිය.

1956” ශ්‍රී කෝලාහලයේ දී “ හිමිවරු පන්සල අත්හැර තාවකාලිකව දකුණට වැඩියහ.  වර්ෂ 1971 දී මනින ලද සිතියම් ප්‍රකාරව අක්කර 10කට ආසන්න භූමියක් මෙම පන්සල වෙනුවෙන් වෙන් වී තිබිණි. පන්සල ලකුණු වී තිබිණි.  යළි මේ පන්සල අත්හැරෙන්නේ වර්ෂ 1987 දී ය. ඒ වනතුරු මේ භූමියේ පෞරාණික පන්සලක් ඇති ආකාරය සිතියම්වල සලකුණු වී තිබිණි.

මේ දත්ත හා සාක්ෂි මත පදනම් කරගෙන මේ භූමියේ යළි පන්සල පිහිටුවන්නේ වර්ෂ 2019 දී ය.  මීට දින කීපයකට පෙර මෙම පන්සලේ දාගබ් වහන්සේ ගේ කොත් පැළඳවීම සිදුවීමත් මේ ප්‍රදේශයට ගොස් සංහිඳියාවේ දේශපාලනය කරන සාගල රත්නායක විසින් ලබා දුන් බවක කියන පොරොන්දු ප්‍රමාණයකුත් සමග නැවත වරක් උතුරේ ජාතිවාදී  දේශපාලකයින් විසින් අනවශ්‍ය කුපිත කිරීම් ආරම්භ කර ඇති බව ප්‍රදේශයේ ආරංචි  මාර්ග ලංකාසරට පැවසීය.

මේ කිසිම අවස්ථාවක උද්ඝෝෂණ සදහා ගම්වැසියන් අතලොස්සක් හැර අති බහුතරයක් සහභාගී නොවුන බවත්,  උතුරේ දේශපාලකයින් විසින් පිටින් ගෙන්වා ගත් ඔවුන්ගේ කාඩරයින් හරහා මෙම උද්ඝෝෂණය කරවූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

“පෙරේදා වෙනකම් ගමේ මිනිස්සු හාමුදුරුවන්ට දානෙත් දුන්නා… කොත  පලන්දන වෙලාවෙ මල් වට්ටි අරන් ආවේ ගමේ දෙමළ මිනිස්සු…”  එම ආරංචි මාර්ග කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත 11 වැනිදා විවාදයට…

Next Post

ගම්පහ සියලුම දන්සැල් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.